Sunday, October 9, 2016

පෙර භවේ ලංවෙලා අපි හුගක් ආදරෙන් ඉන්නැතී.....

පෙර භවේ ලංවෙලා අපි හුගක් ආදරෙන් ඉන්නැතී.....
ආදරේ වැඩි නිසා මා අතින් පොඩි වැරැද්දක් වෙන්නැතී......
ඒ භවේ කල පවක් මට මෙදා මේ ලෙසින් පටිසන් දෙන්නැතී.....
ඒ නිසා දරන්නට බැරි දුකක් මට මෙසේ අද අත් වෙන්නැතී.....
රන්ඩු කෙරුවේ පොඩි උන් වගේ ලං වෙලා අපි ආදරෙන්....
දරන්නට බෑ ඔයා දුන් දුක මහා මෙර වගෙ හිත ඇතුලෙන්...
සිතුවේ නෑ ඔබ දමා යයි මා ලොවේ තනිකර
මේ ලෙසින්....
ඉන්න බෑ මට ඔබෙන් මිදිලා රත්තරන් එක තප්පරයක්....
ඔහුයි මිතුරා පෙම්වතා ඔබ මගේ දිවියේ සදහටමත්...
කෙසේ සිතුනිද එසේ සැක ඔබ එපා වෙන්නට මා එලෙසින්...
දිවිය ඔබගේ මමයි සිතුනිද පලිය ගත්තේ මේ ලෙසින්...
වරද මාගෙද මේ භවේදිත් තනිව හඩනෙමි ආදරෙන්....
නිහඩ ඇයි කට කාර දෙතොල් යුග පෙම්වතානෙනි මේ තරම්...
හුස්ම නෑ ඔබේ පපුවේ මා වෙනුවෙන් පුදා අද අවසන්....
කිමද සැකෙයෙන් ලොවෙන් මිදුනේ මාව තනිකර මේ ලෙසින්...
පතමි ඉලග භවේ පන ඔබ දෙන්නේ නෑ වෙන කාටවත්.....

මේ සිංදුව ලගදිම අලුත් ගායිකාවකගේ හඩෙන් ඇහෙයි යාලුවනේ....
ඔයාලත් බලලා අඩුපාඩුවක් තියෙනවනම් කියන්න....

=============මම රවී================
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Sunday, October 2, 2016

එක පුන් සදකට මුලු ලොව එකවර එලිය කරනු බැහැ සිතුනාදෝ

එක පුන් සදකට මුලු ලොව එකවර
එලිය කරනු බැහැ සිතුනාදෝ
සුනිල නදී තෙර දිගු ඉවුරු දෙකක්
සැමවිට ඇති බව සිතුනාදෝ
මහා මෙරක් බදූ මගේ ආදරෙන්
මොනයම් හෝ අඩුවක් දුටුවාදෝ
එහෙයින් ඔහුගෙන් ඔබ ආදරයක්
මගේම ලග සිට පැතුවාදෝ....
දිවියේ ඔබ හැර වෙන අන් සතුටක්
තිබුනේ නම් නෑ මීට කලින්.......
දරගන්න බෑ ඔබ අද දුන් දුක
සසරේ නොසිතු නොපැතු ලෙසින්.....
තරහක් නෑ මට මා හැරගිය පසු
ඔහුගේ තුරුලේ සිටියානම්.....
ඉවසනු නොහැකියි එකවර දෙදෙනෙක්
සමග බැදුනු ඒ වරද ඉතින්......
දුටුවේ ආදර දෙවගනක්
මුලදි ඔබගේ රූපයෙන්.....
එනමුදු වැටහේ ඔබටත් නැතිබව එකම එක හිතක් හික්මීමක්....
ඔහු ලග ඇතිනම් සතුටක්
අපමන ආදරයක් මීටත් වැඩියෙන්.....
සතුටින් ඉනු මැන ඔහු තුරුලේ ඔබ
නොමැත හදේ ඉඩ ඔබ වෙනුවෙන්.....

----------------------------මම රවී ----------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Sunday, September 25, 2016

මගේ හදවත කෙතරම් අන්ධද

මගේ හදවත කෙතරම් අන්ධද
කිසිදා නොලැබෙන ඔබවම සිහිවෙන
හදවත කිසිදා සුව නොමවෙනු ඇත
ඔබ ඔහු ලග තුරුලේ දැක දැක
අදටත් හදවත නැවතී ඔබ ලග
දන්නෙමි ඔබගේ ඇති ආලය ඔහු වෙත
එනමුදු නොහැකිය වෙනතතක යන්නට
දන්නෙමි ඔහු චපලය ඒ බව සදහට
කෙදිනෙක ඔබ දකියිද ඒ සත්‍යය
අදටත් පිලිකුල්ය ඔබ හට මේ මම
එනමුදු මා පතනෙමි ඔබෙ තුට
කෙදිනක වටහා ගනියිද මගේ පෙම
සස්වාමික වූ සියුමැලි ආදර කුමරිය

--------------------- මම රවී -------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Sunday, September 18, 2016

දුක් වින්දේ අපි මෙතුවක් දවසක්, මෙලෙසින් වෙන් වී යන්න නොවේ


කඩාවැටෙන තරුවක පාකලෙමි මගේ ප්‍රාර්ථනා
නොලැබෙන බව ඔබ නැවතත් දැනදැන හන්ගා
සියපත් නොපිපෙන ගලන දියත් මා වැනි හන්දා
ඔබ සියපතක් සුපිපුනු එක වැවු දිය මත එකතැන රැදෙනා .....
කිසිදින සිතුවේ නෑ වෙන් වන්නට ඔබගෙන්
මැවුවේ නෑ වෙන ලදක් මගෙ සිහිනෙකවත්
වින්දේ දුක් මම ඔබ හින්දයි මෙලෙසින්
දෙගුරුන් ඔබගේ පිලිකුල් කෙරුවේ
ඇයිදැයි නොදනී අදටත් අපගේ ආදරේ
දුක් වින්දේ අපි මෙතුවක් දවසක්
මෙලෙසින් වෙන් වී යන්න නොවේ
පැතුවේ මාගේ මංගල යහනේ සතපන්නයි ඔබ ආදරේ
දෙගුරුන් රැවටී ඔහුගේ මුදලට මිනිසත්කම් යට කෙරුව දිනේ
ඔබ අසරණ බැවු දන්නා හින්ද නොකියමි වරදක් ඔබට ප්‍රියේ...
මංගල පෝරුව ඔහු හා ඉන්නට බැරුව ඇතී මා සුහදිනියේ
එනමුත් මෙලෙසේ කිම කරගත්තේ ඔබගේ දිවියට හානී ලදේ
දැන් ඔබ දෑත ළයේ බැද සුදු ඇදුමින් සැරසී දිගු නින්දේ
දරන්න බෑ දුක ඔබ නැති මේ ලොව එහෙයින් මේ දුක ගයමී මෙසේ

---------------------------- මම රවී ---------------------

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Sunday, September 11, 2016

අද ඔබ ඔහු හා සතුටින් ඇත්තේ, එහෙනම් මේ කදුලින් පල නැත්තේ, පිසලමි උනු කදුලැල් නාමෙන් මුල් ආලේ, සතුටු කදුලු වෙයි දැක ඔය හසරැල්ලේ....

වෙලඹ දුරක් ගිය පසු ඉස්තාලය වෙත ගියෙමී
මෙමා පමා වූ බව පසු මට දැනුනී
පෙරහැර මා පසුකර දුර ගොස් තිබුනී
ඔබෙ පෙම් පෙලහර දැක සිත බිදුනී
බොහො දුර කල් සිට ඔබ දනිමී
මා හට පෙම් කරනා බව සිතුනී
එහෙයින් පෙම් මාලිග සිත තැනුනී
හීන මාලිගා බොද වෙන බව පසු දැනුනී
හිතින් පෙම් කලේ අහසක් වගේ
ලගින්ම සිටියේ මහ මෙර වාගේ
ඔබෙන් නො ඇසුවේ ඇසුරක් ප්‍රේමේ
ඔබත් පෙම් කලා යැයි සිතමින්නේ
පසු දින ඔබ වෙන කෙනෙකුන් තුරුලේ
වරද ඔබෙ නොවේ මාගෙයී රත්තරනේ
නොවිමසු වරදට ඔබගෙන් ප්‍රේමේ
සැමදා විදිනෙමි වියෝ දුක මුල් ප්‍රේමේ
අද ඔබ ඔහු හා සතුටින් ඇත්තේ
එහෙනම් මේ කදුලින් පල නැත්තේ
පිසලමි උනු කදුලැල් නාමෙන් මුල් ආලේ
සතුටු කදුලු වෙයි දැක ඔය හසරැල්ලේ....

-------------------- මම රවී ----------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Thursday, September 8, 2016

වන්ක හදෙන් ආලය පැතු වරදයි මා කෙරුවේ

සුහදිනියේ මා මතු ඔබ නොපතමි මතු භවයේ
වන්ක හදෙන් ආලය පැතු වරදයි මා කෙරුවේ
මාගේ වරදක් සැමදා සොයමින් සැක කෙරුවේ
මා ඔබ වැනියයි ඔබ සිතුවිට යයි පසු දැනුනේ
දුරකතනේ පණිවිඩ අඩුවන විට නැහැ දැනුනේ
වෙනකෙකු සමගින් පැටලී ඇති බව පෙම් දැහැනේ
කදුලින් තෙත්වූ දුක දිය වී ගිය මගෙ යහනේ
නැවතත් නොපතමි පෙම් සුවයක් ඒ චපල ඔබේ
ඔහු මා සමගින් සසදා හෝ මා අතහැරියේ
එහෙනම් කුමකට නැවතත් ඔබ මා වෙත එන්නේ
අදුරට හුරු වී ඒ හා මුසු උන මගෙ පපුවේ
නැවතත් ඉඩනෑ රැවටුම් වෙත ඔබේ සොදුරු ලදේ.......

--------------------- මම රවී -----------------------

Sunday, September 4, 2016

අයියා මලෝ වෙන් කර කරගත් ඒ පවට කිසිදා සමා නොදෙනෙමි සදා ආදර ඔබට.....

චපල බව ඔබේ කවුරුත් නොදකින්න ඇතී
එසේ උනනම් ඔහු මෙතරම් ලන් නොවෙනු ඇතී
ඔහු මෙන් මමද ඔබහට මත් නොවෙනු ඇතී
එහෙනම් මේ සෝතැවුල් අපහට නොවනු ඇතී
පාසල් බිමේ අපි සිටියේ එක ලගම
දැන සිටිටියානම් ඔබ ඔහුගේ බවට
කිසිවිටෙකත් ඔබ දෙස නොබලනු බවට
නොතේරුනේ මන්ද එය ඔබගේ හදට
ඔබ මෙන් ඔහුත් මගේ හදවත තුල නිතර
ආදරෙයෙන් සිටි බව ඔබ නොසිතුවෙ මන්ද
ඔබගේ චපල සිත සලිතව නොතිබෙන්න
ඔහු ජීවතුන් අතර අප අතරම පෙර ලෙසම
නිකමටවත් නිසිතුනිද ඔබෙ ඔය කැත හිතටද
මා මල්ලියි ඔහු මාගේ අයියා බවට
අයියා මලෝ වෙන් කර කරගත් ඒ පවට
කිසිදා සමා නොදෙනෙමි සදා ආදර ඔබට.....

----------------------------මම රවී---------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Thursday, September 1, 2016

අරනායක කන්ද පාමුල සොයමි තවමත් ඔබේ ආලය......


සසර අත්වැල වෙලා උන් ඔබ
මගේ තුරුලේ සිනාසුනු ඔබ
මගේ සිනහව සුනු විසිනු කර
අද මගේ ලග නොමැත ඈතය...
දෑගිලි පටලා පාලු මාවත
දුම්රිය පොල , බස් රියක් තුල
තවත් මතකය නතර වී ඇත
තනිව විදගමි අපේ මතකය...
එදා ඔබගේ මතක සටහන්
මගේ දුරකතනයේ වද දෙන
කිසිදු සිහියක් නොමැත මා හට
ඔබේ සිනහව මතක් වෙන විට
ඔබගේ මිතුරන් සමග ඒ දින
නොම ගියානම් උදේ සතුටින
අදත් ඔබ මේ ලොවේ මා ලග
නොමැත ඔබගේ සිරුර පස් යට
නොදැන සිටියෙමි එසේ වන බව
එසේ වීනම් නොදෙමි යාමට
අරනායක කන්ද පාමුල
සොයමි තවමත් ඔබේ ආලය......

යාලුවනේ මෙන්න මගේ පලවෙනි
පද බැදුම....
------------------------මම රවී------------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

මිස් කෝල් ආදරය


නදී... වයස 24යි..
එදා හවස ඇවිත් තිබ්බ ඒ මිස් කෝල් එකෙන් නදීගේ මුලු ජීවිතේම කනපිට ගහයි කියලා නදී නිකමටවත් හිතන්න නැතුව ඇති..
හෙලෝ, කවුද මේ මට මිස් කෝල් එකක් ඇවිත් තිබුනා...
මම නදුන් වීරසිංහ , ඒත් මට මතක නෑනේ ඔයාට කෝල් එකක් ගත්තා...කියට විතරද මිස් එකක් ඇවිත් තිබ්බේ...
5.13ට ඔයා කොහෙන්ද
මම වේයන්ගොඩ ඔයා කොහෙන්ද
මම අත්තනගල්ලෙ
අනේ සොරි ඩියර් වැරදිලා කෝල් එක එන්න ඇති
ආ ඉට්ස් ඕකේ ඩියර් එහෙනම් මම තියන්නම්
කොහොමහරි කමක් නෑ..අදුරගන්න ලැබීම සතුටක්
ආ මටත්
ඉතින් ඔයාගෙ නම කිවුවේ නෑනේ
මම නදී, මම තියන්නම් , බුදුසරනයී
බුදුසරනයී යාලු, මොනවා උනත් ඔයාගේ කටහඩ හරි ලස්සනයි
ඒ කතාව පටන්ගත්තේ ඔහොමයි...
ඒත් පහුවදා හවසත් ඒ නන්නාදුනන්නාගෙන් නදීට කෝල් එකක් ආවා..
ඉතින් කොහොමද , වයස කියද , කොහෙද ඉස්කෝලේ , දැන් මොකද කරන්නේ ඔන්න ඔය වගේ ආගිය තොරතුරු දෙන්න කතා කලා
ටිකෙන් ටික දෙන්න අතරෙ අමුතු බැදීමක් ඇති උනා
නදීත් එයාගෙ හැමදේම නදුන්ට කිවුවා..
කොල්ලත් එහෙමයි...
ඉතින් ඔන්න ඔහොම දෙන්න හම්බෙම්ම දවසකුත් දාගත්තා...
සෙනසුරාදා දවල් 2ට ගම්පහ ස්ටේශමේදී දෙන්න හම්බුනා...
ශා නදී කට හඩ වගේම ඔයත් මාර ලස්සනයිනේ...
ඔයානම් මම හිතුවට වඩ කෙට්ටුයි
ආ අපි හොද ස්ලිම් කොල්ලො හරි
අප්පේ වැඩේමයි
ඉතින් අපි කොහෙද යන්නේ කතාකරන්න නදී
අනේ මන්දා
ඔයා කීය වෙනකම් ඉන්නවද
මම ගෙදරට කියලා ආවේ යාලුවෙක් ගේ ගෙදර යනවා කියලා
හා එහෙනම් අපි පාර්ක් යමු
ඔන්න ඔය විදියට කතාකරගෙන දෙන්න පාර්ක් එකට ගියා.. ගොඩක් දේවල් කතා උනා..
එදා ඒ ගම්පහ පාර්ක් එකේ ග්‍රවුන්ඩ් එක අයිනේ තිබ්බ බෙන්ච් එක උඩ වාඩි වෙලා හිටිය නදීගේ ඔලුව නදුන්ගේ උරහිස්ස උඩින් තියෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
නදුනුත් ගොඩක් ආදරෙන්
මම ආදරෙයි රත්තරනෙ කියාගෙන නදීකේ නලල සිප ගත්තා..
දෙන්නට දෙන්න ගොඩක් ආදරෙන් හිටියේ..
පාර්ක් එකේ අහල පහල කපල් ඔක්කොම තුරුල් වෙලා හිටියේ
නදුන් ගේ තරුන හිතට තවත් දරාගෙන ඉන්න බැරි උනා...
නදුන් නදීව තදින් තුරුල් කරන් නදීගේ කම්බුල සිපගත්තා....
නදීත් අහින්සක කිරිල්ලි පැටියෙක් වගේ නදුන්ගේ උනුහුමේ ආදරෙන් තුරුල් වෙලා හිටියා...
දෙන්න ගොඩක් තදින් ආදරේ කලා...
නදී ටිකෙන් ටික මේ සම්භන්දේ එයාගෙ අම්මටත් කිවුවා..
දෙන්න ගොඩක් ආදරෙන් හිටියා..
හැම සෙනසුරාදාම පාර්ක් ගියා..
හිටියේ ගොඩක් සතුටින්..
දෙන්නගෙන් කාගෙන්වත් කිසිම වෙනසක් තිබුනේ නෑ..
ඒත් එකදවසක් නදී පාර්ක් එකේදි නිකමට නදුන්ගේ ෆෝන් එක අතටගත්තා..
ඒකේ තිබ්බ දේ දැකලා නදීගේ පපුව දාල ගියා..
නදුන්ගේ වයිබර්, ඉමෝ චැට් කෝල් පිරිලා තිබ්බේ මහේශි කියලා ගර්ල් කෙනෙක්ගෙන්
කවුද මේ
ආ ඔය මගෙ හොදම යාලුවෙක්
ඉතින් මොකටද මෙච්චර චැට් ආ
අනේ මේ මොකද පන මේ... අවිශ්වාසද මාව කියනගමන් නදුන් ටක් ගාල ෆෝන් එක අරන් එයාගේ උඩ සාක්කුවේ දාගත්තා..
ඒ එක්කම ආයෙත් එයා නදිව තමන්ගේ තුරුලට ගත්තා..
නදිත් ආදරෙන් තුරුල් උනත් පොඩි සැකේකුත් එක්ක ඒ කෙල්ලගේ රූපෙකුත් නදීගේ හිතේ තදින්ම ඇදුනා..
ඔහොම ටික දවසක් ගෙවිලා ගියා..
ඔය අතරේ තමයි නදීගෙ හොදම යාලුවා සචී එයාගේ ගෙදර ආවේ..
මේ දෙන්න එකතු උනාම කරන පිස්සු වැඩ එයාලවත් දන්නේ නෑ...
ඉතින් හවස් වෙලා මේ දෙන්න ශොපින් කරන්න නිට්ටම්බුවේ තිලකවර්ධනේට ගියා
හදිස්සියට නදීට මේක නදුන්ට කියන්නත් බැරි උනා...
සචී අපි නදුන්ටත් ටී ශර්ට් එකක් බලමුද
හා හා
දෙන්නම එකතුවෙලා නදුන්ට ශර්ට් ර්කක් බලන්න දෙවෙනි තට්ටුවට ගියා විතරයි
නදී එක තැන ගල් ගැහුනා
නදී මොකද මේ
කතාකරන්නකො
ඒත් නදී ගල් ගැහිලම හිටියා
නදී අර නදුන් නේද වෙන කෙල්ලක් තුරුල් කරන් ඉන්නේ ආ
නදී උත්තර දුන්නේ නෑ
ක්ශනිකව නදී නදුන් ගාවට ගියා
වචනයක්වත් කතානොකරම නදී වේගෙන් කනේ පරක් ගැහුව නදුන්ට
එතන හිටිය ඔක්කොම මිනිස්සු ඒ දිහා බැලුවට
පස්සෙයි නදී කතාකරන්න පටන්ගත්තේ....
මොකද්ද නදුන් මේකේ තේරුම
මේකි ඔයාගෙ යාලුව කිවු නේද , එහෙනම් මොකද මේ තුරුල් කරන්..
කතා කරනවා .. තමුසේ මාව රැවැට්ටුවා නේද
කාතා නොකරන නදුන්ට තරහින්ම තවත් කනේ පරවල් දෙකක් නදී ගහගෙන ගහගෙන ගියා...
ඇති....
දැන් ඒක නවත්තගන්න
ඔවු මම තමුන්ව රැවැට්ටුවා තමයි
ඔවූ මේ ඉන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්
අපේ එෆෙයාර් එකට අවුරුදු තුනක් දැන්..
ඉතින් මොකටද කාලකන්නි වනචරයෝ මට ආදරේ කලේ..
මොකටද මට බලාපොරොත්තු දුන්නේ ,
ඇයි මාව රැවැට්ටුවේ , මම මේක අපේ අම්මටත් කියලා තිබ්බේ
තොර තෝන්චියක් නැතුව නදී ප්‍රශ්න වැලක් අහන් ගියා
දෙන්නම් ඔක්කොටම උත්තර...
ඇයි දන්නවද මම ඔයාට ආදරේ කලේ
ඔයාට මගේ සර්නේම් එක අහද්දි මොකුත් මතක් උනේ නැද්ද
මම නදුන් වීරසිංහ
වීරසිංහ
මතකද චලිත් වීරසිංහ
ඒ මගේ අයියා...
ඒ ඔයාට පනටත් වඩා ආදරේ කරපු ඒ දුප්පතා
ඒ මගේ අයියා..
දන්නවද අයියා තමුසෙට පනටත් වඩා ආදරේ කලා...
ක්ලාස් ගිහින් දවල්ට කන්න දීපු සල්ලි වලින් තමුසෙට රීලෝඩ් දාල එයා බඩගින්නේ හිටියා..
අම්මගෙන් වැද වැද සල්ලි ඉල්ලන් ඇවිත් තමුසෙට තෑගි අරන් දුන්නා...
යාලුවන්ගේ කුනු කතා අහ අහ උන්ගේ බයික් ඉල්ලගෙන, කොල්ලන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් බයික් වලට තෙල් ගහන් තමුසෙව බලන්න ආවේ
එයා මොනවද නොකලේ ඔයාට...
ඒත් ඔයා මොනවද කලේ එයාට...
තමුසේ කලේ හොරෙන්ම වෙන එකෙක් එක්ක සෙට් උන එක
එදා අයියා ඔයාගෙ ඉමෝ කෝල් , වයිබර් චැට් දැකලා අඩද්දි ඔයා මොකද්ද කිවුවේ..
අයියට කිවුවේ මලිත් මට ඔයා ගැලපෙන්නේ නෑ කියලා විතරයි...
මතකද ඔයා අන්තිමට එයාට එවපු මැසේජ් එක..
ඒත් මට ඒක මතකයි...
"චලිත්,ඔයාට කවදාවත් මගෙ හීන ලෝකෙට මාව එක්කන් යන්න බෑ..ඒකට ගොඩක් සල්ලි ඕන, ඒත් සංකල්ප ගාව ඒ හැමදේම තියෙනවා..
ඒකයි මම එයාට ආදරේ කරන්නේ .
මට සමාවෙන්න,
ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි "
තමුසෙ නිකමටවත් හිතුවද ඇයි අයියා ඒකට රිප්ලයි නොකලේ කියලා
එයා ඒ මැසේජ් එක කියෙවුවේ බයික් එකේ යනගමන්..
ඒ මැසේජ් එක කියවගෙන යද්දි එයා නිට්ටම්බුව කලර්ලයිට් ගාවදි හැප්පුනා...
දැන් අවුරුද්දක්
එයාට තමත් සිහිය නෑ..
කෝම වෙලා
මගෙ රත්තරන් අයියා ඔයා නිසා අදටත් දුක් විදිනවා කොලඹ මහා ඉස්පිරිතාලේ 8වෙනි වාට්ටුවේ 10 වෙනි ඇදේ
දැන් දැනේවද ඔයාට ආදරේ වේදනාව ආ....
ඒ වෙලේ නදී ගොලු උනා දෙන්නුත්තර තිබ්බෙ නෑ...
එයා එහනම දනගහගෙන ඉදගත්තා..
ඒ වෙලාවෙ නදීගෙ කම්මුල් තෙමුව ඒ කදුලු ගගට වගකියන්න ඕන කවුද
නදුන්ද, නදීද, චලිත්ද
ඒක තාමත් එතන වට වෙලා හිටිය මිනිස්සු කතා වෙනවා ඇති...

--------------------------මම රවී-------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Tuesday, August 30, 2016

ආත්මගත ආදරය...


රන්වීර්.. කවුරුත් දන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්,
වයස අවුරුදු 25ක් විතර ඇති..
කාටවත් හිතාගන්න බෑ මේ මනුස්සය මෙච්චර ඉක්මනට මෙහෙම පෝසත් උනෙයි ප්‍රසිද්ධ උනෙයි කොහොමද කියලා...
රන්වීර් හරි අමුතු චරිතයක්
එයා පොඩි ආලෙම එයාගෙ දෙමවුපියෝ නැති උනා කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ...
යාලුවො කවුරුත් නෑ
අඩුම ගානේ අවුරුදු 25ටම කාටවත් ආදරේ වත් කරලා නෑ...
හැමෝම කිවුවේ හැගීම් දැනීම් නැති කොල්ලෙක් කියලා...
මොකද රන්වීර්ට අවුරුදු 8දී එයාගෙ අම්මයි තාත්තයි නැති වෙච්චි වෙලාවේ අවසන් කටයුතු වලදිවත් රන්වීර් අඩලා නෑ....
රන්වීර් කරන්නේ දේපල වෙලදාම
ගොඩක් ඈත පැති වලින් ඉඩම් , ගෙවල් අරගෙන එවුවා වෙන්දේසි දාල තමයි එයා මේ තත්වෙට ආවේ...
අනිත් දේ තමයි එයා කවදාවත් බ්‍රෝකර්ලාගෙන් දේවල් ගන්නෙත් නෑ.. එයාම බලල තමයි තීරනය කරන්නේ...
ඉතින් රන්වීර් හිතුව පොඩ්ඩක් ඈත පැත්තකින්
බන්ගලාවක් අරගන්න, මෙහෙම හිතපු රන්වීර් එක සති අන්තෙක බන්ඩාරවෙල යන්න පිටත් උනා...
පැය කීපයක ගමනකින් පසු රන්වීර් බන්ඩාරවෙල නගරයට ඇතුල් උනා...
රන්වීර් ට ටිකක් තෙහෙට්ටුයි,ඒ වගේම සීතලයි
ඒ නිසා රන්වීර් හිතුවා මොනවාහරි කාල කෝපි එකක් බොන්න.රන්වීර් ගේ ආසම කෑම හොට් ඩෝග්..ඉතින් රන්වීර් ලග කඩේකට ගිහින් ටේබල් එකක වාඩි උනා, දැක්ක ගමන් ඕනම කෙල්ලෙක්ගේ හිත හැදිල යන ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් රන්වීර් ,,..
කොලඹ පැත්තෙ හැමෝම මෙයාව දන්නව උනත් ඒ පැත්තෙ අය මෙයාව දන්නෙ නෑ...
ඉතින් ලස්සන මිටි කෙල්ලක් ඇවිත්
"අයියේ මොනවද ගේන්න ඕන" ඇහුවා
ඒ ආමන්ත්‍රණය රන්වීර්ට ටිකක් නුහුරුයි..
එතන කිසිම හරුසරුවක් තිබ්බෙ නෑ
ඒත් රන්වීර් වෙනසක් පෙන්නුවෙ නෑ..
ගිය වැඩේ කරගෙන එතනින් පිටත් උනා..
කොහොමත් ටවුන් එක කිට්ටුව ගෙවල් ගනන් වැඩිබව එයා දන්නව.. ඉතින් රන්වීර් ටවුන් එකෙන් ටිකක් ඈත් වෙලා කිනිගම පැත්තට තමන්ගේ කාර් එක හැරෙවුවා..
ඒ පැත්තෙ ගෙවල් හරි අඩුයි..
අනික ගෙවල් තියෙන්නෙත් කිලෝමීටරෙන් කිලෝමීටරේට වගේ.. ඔන්න කිලෝමිටර් 6ක් විතර ගියාට බස්සේ රන්වීර් දැක්කා to let කියලා ගහල තියෙන බන්ගලාවක්
දැක්ක ගමන් ඒක හරි ලස්සන උනත් ඒකේ මොකද්දෝ අමුත්තක් එයාට දැනුනා...
රන්වීර් කර් එකෙන් බැස්සා.. ඒ වෙලාවෙම කලු කට්ටු සීය කෙනෙක් එතනින් යනගමන්..
"ආ මහත්තයෝ මේ ගේ ගන්නද ආවේ..
මේ ගේනම් ගන්න එපා මහත්තයෝ මේක මහ කාලකන්නි ගෙයක් " කියාගෙන එතනින් යන්න ගියා..
ඒත් ඉතින් ඔය වගේ කතා නිතරම රන්වීර්ට අහල පුරුදු නිසා රන්වීර් බන්ගලාව දිහා පොඩ්ඩක් බලන් හිටියා
අවුරුදු ගානකින් මෙහේ කවුරුත් පදින්චි වෙලා ඉදලා නැති බව ඒ ඉඩම දැක්ක ගමන් ඕන කෙනෙකුට තේරෙනව...
ගේ තියෙන්න තුන්මන් හන්දියක
ගෙදර ඉස්සරහ පැත්ත කිනිගම ස්ටේශම පැත්තට යන පාරට මූනලා තිබුනේ .. ඒ පැත්තෙන් ඉඩමේ ගොඩක් ඉඩ තිබ්බට වම් පැත්තේ බිත්තිය තිබ්බෙ වෙනත් අතුරුපාරකට අඩි දෙකක් විතර දුරින්...
"මොන ආකිටෙක්චර් කෙනෙක් මේ ඉලවුවේ සැලැස්ම ඇන්දද දන්නේ නෑ..."
රන්වීර් එයාටම කියාගත්ත
වටේ බල බල ඉදල හරියන්නේ නෑ නේ
රන්වීර් ගේ ඇතුලට යන්න හිතුවා
හරි පුදුම වැඩක් උනේ..
රන්වීර් ගෙයි ප්‍රධන දොරේ ලොක් එක කරකවද්දි ඒක නිකම්ම ඇරුනා..
ඒක මාර වැඩක්..
ඇතුල පුදුම ලස්සනයි දැක්ක ගමන් රන්වීර්ගේ හිත ඇදිලා ගියා
රන්වීර් ගේ ඇතුලට පලවෙනි අඩිය තියනවත් එක්කම එයාගෙ ඔලුවට මහ අමුතු දෙයක් දැනුනා , ඒ වගේ හැගීමක් නම් කවදාවත්ම රන්වීර් ට දැනිලම නෑ..
රන්වීර් පොඩ්ඩක් ගේ ඇතුලේ තියෙන ලී බඩු එහෙම අල්ල අල්ල සාලෙ ඇවිදින්න ගත්ත
සාලෙ කැබිනට් එකක් තිබ්බ බඩු පුරෝපු
නිකමට රන්වීර් ඒකේ ලාච්චුවක් ඇරියා
ඒකේ මොකද්දෝ තිබ්බ...
පොටෝ එකක්.
ඒකෙ පිටිපස්සේ i love you ishani (1990.08.10)
කියල ලියල තිබුන..
රන්වීර් නිකමට පොටෝ එක අනිත් පැත්ත හරවල පොටෝ එකේ ඉන්නෙ කවුද කියල බැලුවා...
රන්වීර් ගල් ගැහුනා...
ඒකේ හිටියෙ ලස්සන සුදු කොන්ඩෙ අඩි දෙකක් විතර දිග ලස්සන කෙල්ලක්...
ඒ විතරක් නෙමේ ඒ වෙලාවෙම රන්වීර්ට අමුතු විකාර පේන්න ගත්ත..
රන්වීර් ඉශානිත් එක්ක එක පෝරුවක ඉදන් කස්සද බදින හැටි, ඒ දෙන්නම එකතුවෙලා මේ ගෙට ගෙවැදිලා කිරි උතුරෝන හැටි..
රන්වීර් ක්ශනිකව ඇස් දෙක ඒ පොටෝ එකෙන් අහකට ගත්තා.. "දෙවියනේ මේ මොකද්ද මට වෙන්න යන්නේ,,, මට පිස්සුවත් හැදීගෙන එනවද, මම අද බිවුවෙත් නෑ නේ තාම මේ මොකද වෙන්නේ "රන්වීර් එයාටම කියාගත්තා..
ඒ එක්කම රන්වීර් දැක්ක කැබිනට් එක උඩ ලස්සන වෙස්මූනක් තියෙනවා.. දූවිලි එහෙම පිහිදාලා රන්වීර් ඒක පොඩ්ඩක් මූනට දාගත්ත විතරයි රන්වීර්ගේ ඇස් නිලන්කාර වෙලා ගියා..
ඉශානි හරියට හරිම ලස්ස්නයි..
එයා ඇදන් හිටියේ සුදුපාට අත්දිග ශර්ට් එකක් විතරයි, ඒක ටිකක් ලොකුයි ,දනිස්සට ලගටම වගේ දිගයි දුහුල් රෙද්දකින් මහල තිබ්බේ
එයාව තුරුල් කරන් හිටිය රන්වීර්.. රන්වීර් ශර්ට් එකක් ඇදන් හිටියේ නෑ
කලිසමත් පරන තාලෙ ටිකක් වැඩිපුර බැගී තියපු සැහැල්ලු එකක්...
අපි මේ දවස එනකම් කොච්චරනම් දුක් වින්දද මහත්තයෝ..
ඔවු බබා හැමදාම මේවගේම ආදරෙන් ඉමු
කියන ගමන් රන්වීර් ඉශානිට කිචි කැවුවා..
ඉශානි එකපාරටම ඈතට පැන්න
බබා එන්න අපි සෙල්ලමක් කරමු
මොකද්ද
මම මේරෙදි පටියෙන් ඔයාගෙ ඇස් දෙක ගැට ගහනවා.. ඔයා මාව අල්ලගන්න ඕනේ
කියාගෙන රන්වීර් ඉශානි ගේ ඇස් ශෙක සිදුපාට රෙද්දකින් ගැට ගැහුවා..
ඉශානි රන්වීර්වාල්ලන්න එහෙට මෙහෙට හැරෙද්දි රන්වීර් මේ වෙස්මූනත් දාගෙන ඉශානි ලගට ගියා..
ඒ වෙස් මුන අතගෑවුන ගමන් ඉශානි බය වෙලා රෙදි පටිය ගලවන ගමන් අහකට පැන්න..
රන්වීර් ත් වෙස්මූන ගැලෙවුවා..
මැට්ටා.. කියාගෙන ඉශානි රන්වීර්ගේ පපුවට වේගෙන් ගහගෙන ගහගෙන යද්දි රන්වීර් අදට වැටුනා.. ඉශනිත් එහෙම්ම රන්වීර්ගේ තුරුලට පැන්න..
ඒ එක්කම රන්වීර්බැත්තටම ඒ මූනට ලන්කරපු වෙස්මූන මූනෙන් අහකට ගත්ත,එහෙම්ම තක්බීරි වෙලා බිත්තියට හේත්තු උනා...
දෙවියනේ මේ මොකද වෙන්නේ..
එහෙම හිතන ගමන් රන්වීර් ඇදන් හිටිය අත්දිග ශර්ට් එකේ අතින්ම එයාගේ මූනෙන් වැක්කෙරුන දාඩිය පීදගත්ත..
රන්වීර් පොඩ්ඩක් උඩ තට්ටුවට යන්න හිතුවා..
පඩිවෙලෙන් උඩ තට්ට්වට ඇතුල්වෙන තැනම ලොකු මල්වාස් එකක් තිබ්බ
හේතුව මොකද්ද දන්නෑ රන්වීර්ගේ අත නිකම්ම ඒක ඇතුලට ගියා.
මාරයී ඒක ඇතුලේ ලොකට් එකක් (මාලයක්)
රන්වීර් ඒක එයාගෙ දකුනු අතෙන් අරන් මූන ඉස්සරහට ලන් කරනවත් එක්කම රන්වීර්ට මොකද්දෝ උනා.. ආයෙත් විකාර පේන්න ගත්තා
ඒක සීතල රාත්‍රියක්, ඉශානි සැටියට වෙලා හාන්සිවෙලා පොතක් කියෝ කියෝ හිටියේ රන්වීර් වැඩ ඇරිලා එද්දි..
ඔන්න බබී මම ආවා...
මහත්තයෝ මට ඔයාට කියන්න හැපි නිව්ස් එකක් තියෙනවා..
මටත් ඔයාට පෙන්නන්න බඩ්ඩක් තියෙනව
කෝ පෙන්නන්න බලන්න
බෑ බෑ ඔයාගේ කතාව කියන්න....
හ්ම්ම්ම්ම්ම් මහත්තයෝ ඔයා තාත්තෙක් වෙන්න හදන්නෙ...
රන්වීර් සතුටින් ඉපිලුනා... ඉශානිවත් වඩාගෙන උඩ පැන්න
ඒ සතුට එයාට දරගන්න බැරුව ගියා...
කෝ පෙන්නන්නකො දැන් ඔයා ගෙනාපු එක
මේ තියෙන්නෙ...
රන්වීර් ලස්සන රත්තරන් මාලයක් අතට ගත්ත
වාව් කෝ දෙන්න බලන්න
බෑ බෑ
රන්වීරුයි ඉශානියි ඒකට පොරකද්දි ඒ මාලේ විසික් වෙලා ගිහින් අර මල් වාස් එකට වැටුන
අයියෝ මම තරහයි
මේ අහන්නකො පැටියෝ ඒ මාලේ අපි අපේ පුතා ඉපදුනු දවසට ගමු .. ඒක එයාගේ කරේ දාමු
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒ විතරක් නෙමේ අපි මේ පුතාව හොදට උගන්නල වැදගතෙක් කරන්න ඕනේ
ඊලගට ඔයා වගේම ලස්සන චූටි කෙල්ලක් ඕන මට
අන්තිමට චූටි පුතෙකුත් ඕන,එයානම් ටිකක් චන්ඩියෙන් වෙන්න ඕනේ කියාගෙන රන්වීර් ඉශානිව තුරුල් කරගත්තා....
ඒ එක්කම රන්වීර් ඒ හීනෙන් මිදුන
එයා ඒ ලොකට එක ඇරලා බැලුවා ..
ඒකෙ තිබ්බ දේ දැක්කම රන්වීර්ගේ කකුල් පන නැති වෙලා නිකම්ම බිම ඉන්දවුනා
දෙවියනේ
ඒකේ තිබ්බෙ රන්වීර්ගෙයි ,ඉශානිගෙයි පොටෝ දෙකක්.
මෙච්චර වෙලා රන්වීර්ට පෙවුනේ හීන විතරයි
ඒත් දැන් එයාගේ ඇස් පනාපිටම සාක්ශිත් තියෙනවා..
මොකක් නමුත් වෙලා තියෙනවා...
ඒ එක්කම රන්වීර්ගේ ඇස් ලග තිබ්බ ජනේලෙකට ගියා ..ඒකෙ වීදුරු බිදිල තිබ්බේ
ඒකෙන් මහා පුදුම එලියක් ආව එක පාරටම
මෙච්චරවෙලා රන්වීර් ගේ හිතේ ඇදුනු අසම්පූර්ණ කතාව සම්පූර්ණ වෙන්න ගත්තා..
ඉශානියි රන්වීරුයි විවාහ වෙලා හිටියෙ
එදා ඉශානිහේ උපන්දිනේ
ඉශානි ලොකු කේක් එකක් හදලා කාමරේ සරස සරස හිටියේ
රන්වීර් ත් එදා හාෆ් ඩේ ඕෆ් වෙලා බයික් එකේ ගෙදර එනගමන් හිටියේ
පුදුම නොයිවසිල්ලක් තිබ්බේ ඉශානිව දකිනකම් රන්වීර්ට
ඒත් නොහිතපු දෙයක් උනා
රන්වීර් හැප්පුනා
ඉශානි කාමරේ ඉටිපන්දම් ගගහ ඉද්දි කෝල් එකක් ආවා.. ඉශානි ජනේලේ ගාව තිබ්බ පෝන් එක ලගට ගිහින් ඒක ආන්සර් කලා,,,
ඒත් හම්බුනේ නරක ආරන්චියක්
ඉශානිගේ අතින් පෝන් එක අතෑරුන
ඉශානිට සිහි නැතිවෙනවත් එක්කම ඒ අසරනිව ජනේලේ කඩාගෙන උඩතට්ටුවෙන් වැටුන පාරටම
උදවුවට කවුරුත් හිටියේ නෑ පාලු පැත්තක් නිසා...
රන්වීර් කිසි දෙයක්ක් දැනන් හිටියේ නෑ
එයා බලෙන්ම ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ගෙදගරට දුවගෙන ආව..
ඒත් ගෙට එන්න කලින්ම එයා දැක්ක
ඉශානි වැටිල ඉන්නව
රන්වීර් දුවල ගිහින් ඉශානිව තුරුල් කරගත්ත
අනේ ඇහැරෙන්න මගෙ පන
ඔයා කොහොමද මාව තනිකරන්නේ
යන්නේ නෑ කිවුවා නේද කවදාවත් මාව තනි කරලා...
ඒත් ඉශානි කතා කලේ නෑ
රන්වීර්ට කිසි දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ
රන්වීර් එතනම වැටිල තිබ්බ වීදුරු කෑල්ලකින් එයාගෙ පපුවට ඇනගෙන ඉශානිගේ තුරුලෙම අන්තිම හුස්ම හෙලුවා.....
ඒ එක්කම රන්වීර් පියවි සිහියට ආව
වෙලා තියෙන දේ දැන් එයාට හොදටම පැහැදිලියි
එයා දුවගෙන ගියා අර ගේ අයිනෙම තිබ්බ පාරට
ජනේලේ පල්ලෙහා ඉශානි වැටිලා හිටිය තැනට ගිහින් එතන දනගහගෙන ටිකක් වෙලා ඔහේ හිටියා....
ඒ එක්කම පිටි පස්සෙන් ලොකූ හෝන් සද්දයක් ඇහුනා....
තමුසෙට පිස්සුද මනුස්සයෝ මැරෙන්නද හදන්නෙ බූරු.......
කාර් එකේ හිටපු කෙල්ල කාර් එකෙන් බැහැල රන්වීර් ගාවට එනගමන් එහෙම බැනගෙන ආවත් රන්වීර් ගේ මූන දැක්ක ගමන් කෙල්ල ගොලු උනා....
පුදුමයක් ඒ රන්වීර්ට මතක් වෙච්චි කතාවේ හිටිය ඉශානි
දෙන්නට දෙන්නගෙ ඇස් වලින් ඇස් අහකට ගන්න ගොඩක් වෙලා ගියා.....
ආදරේ දිනන්න හැමදාම එකට ඉන්න ඕනෙම නෑ යාලුවනේ
අවන්ක හදවත් දවසක දිනනවමයි

------------------------ මම රවී -------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame
හැමදාම මගේ කතාවලින් කලේ එදිනෙදා අපිට හම්බෙන චරිත වලට පන දීපු එක.. ඒත් මේ පාර පලවෙනි වතාවට ෆැන්ටසියක් ලිවුවා..

Sunday, August 28, 2016

වැරදුන තැන.......



සිකුරාදා දවසක් ...
වෙලාව හවස 05.30
හංස එයාගෙ යාලුව හසිත එක්ක 05.37 පොල්ගහවෙල ට්‍රේන් එක එනකම් බම්බලපිටියේ ස්ටේශමේ අයිනක් ගහගෙන කෑල්ලක් දෙකක් බලාගෙන ආතල් එකේ හිටියේ ඊලග නිවාඩු දවස් දෙක ගෙවන විදිහ හිත හිත....
මචෝ අන්න අරක බලපන්.. හසිත එක පාරටම කිවුවා...
කෝ බන් මොකද්ද
අර රතු පාට කිට් එක ගහල ඉන්න එක බන්
කෝ බන් මට පේන්නේ නෑනේ
නොදකින් කාලකන්නියා හොදට බලපිය සුපිරි
ඉදහන් බලන්න...
හංස ඒ කෙල්ලගේ මූන බලන්න හැදුවත් සෙනග නිසා එයාට හරියටම ඒ මූන බලාගන්න බැරි උනා..
ඕකට මමත් ඇන්න බන් මේ ලගදි
උබ මාර ඩයල් එකක්නේ හසිතයෝ...
ඔවු බන් ඕක සල්ලි ටිකක් පෙන්නුවනම් ශේප් එකේ ඇද්දැහැකි
අඩේ මටත් ලයින් එකක් ගහල දියන්කො බන්
හැබැයි අහුවෙන්නනම් එපා ඕකිට, ලමයෙකුත් ඉන්නව , ඕකි හිතුවේ මම කරගහයි කියලා, මම ශේප් එකේ ලව පෙන්නලා වැඩේ කරගෙන මාරු උනා
හරි හරි කතාව පස්සෙ කියපන්. ට්‍රේන් එක ආව නැගල ඉදපන්
ට්‍රේන් එක කොල්ලුපිටියට ලන් වෙද්දිම ආයේ හසිත කතාව පටන්ගත්ත
අන්න මචෝ දැන් බලපන් මූන පේනව අරකිගෙ
හංස ඒ පැත්ත බැලුව විතරයි ඒ එක්කම ඒ කෙල්ලත් හන්ස දිහා බැලුවා
දෙන්න අතරේ තිබ්බේ අඩි කිපයක දුරක්...
ශානි... හංස ට නිකම්ම කියවුනා
හංස.. ඒ කෙල්ලගෙ කටෙන් සද්දෙ ආවෙ නැතත් ඒ තොල් මිමිනුවේ ඒ දේ කියලා හංසට හොදටම තේරුනා...
හංස තත්බීරි උනා, ගල්ගැහුනා
විනාඩි කීපයක් එයා එයාගෙ අතීතේ හිරවුනා...
ඒ කාලෙ හංස පොඩි කොල්ල..වයස යාන්තම් 16යි
වෙනදා වගේම ඉරිදා උදෙම්ම හංස දහම් පාසලට ගිහින් වෙනදාවගේම වැඩ පටන් ගත්තා..
එදා හංස ගේ පන්තියට අලුතෙන් ලමයෙක් ආවා..
ඒ වෙන කවුරුත් නෙමේ ශානි
හරිම ලස්සන කෙල්ල
පංතියේ කොල්ලො ඔක්කොම බලන් හිටියේ ඒ කෙල්ල දිහා..
ඔන්න ඉන්ටවල් එක හම්බුනා
අඩෝ අර අලුත් කෙල්ල ඇදල ඉන්නේ රෝස පාට බොඩියක් බන්
පලයන් යන්න ඇයි ඒකි තොට කිව්වාද
නෑ බන් අර බලපන්කො
පටිය පේනවා
අඩෝ මරු බන් පට්ට..
පවු යකෝ ඒකි මෙච්චර වෙලා කටවහන් හිටිය හංස කතාවට ආවා
ඇයි ඒකි උබේ කවුද
කවුරු උනත් මොකද බන්.ඔවුවා බලු වැඩ
අනේ පලයන් උබ බොධිසත්වයානේ
මම මොකා උනත් කමක් නෑ මම ඒකිට කියනවා බන් ඒක හදගන්න කියලා
ඒ තොට පිස්සුද මෙහෙට වෙලා හිටු
ඒව හංස කනකටවත් ගත්තෙ නෑ
යලු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා
අයියෝ රැග් එකද
නෑ ඔයාගේ ඇදුම පොඩ්ඩ්ක් හදාගන්න,අර පිටිපස්සෙ ඉන්න කොල්ලෝ ඔයාට විහිලු කරනවා...
ඒක කිවුවා විතරයි ශානි ලැජ්ජාවෙන් මිරිකිලා ගියා..
ඒත් එයා අමුතු අහින්සක හිනාවක් එක්ක ස්තුතියි කියලා කිවුවා...
ඒ වෙලේ ඒ ලමාසාරිය ඇදන් හිටපු ශානිව හංසට පෙනුනේ සුරන්ගනාවියක් වගේ...
ඔන්න ඔහොමයි ඒ ආදරේ පටන්ගත්තේ
දින සති ගෙවිලා යද්දි මේක ආදරයක් බවට හැරුනා
හංස දෙයක් අහන්නද
අහන්න ශානි
ඔයා මට කොච්චරක් ආදරෙයිද
අනේ පිස්සියේ.. මහමෙර වගේ මම ආදරෙයි..
ඒ කියන්නේ මගේ බ්‍රා එකේ පටියක්වත් කවුරුත් දකිනවට කැමති නැද්ද
ඔවු.. ඒ විතරක් නෙමේ ඔයා දිහා කොල්ලෙක් බලනවටවත් මම අකමැතියි ඒකනේ එදාත් ඔයාගෙ බ්‍රා එකේ පටියට කොල්ලෝ විහිලු කරද්දි මම කෙලින්ම ඒක ඔයාට කිවුවෙත්...
මාත් ඒ තරම්ම ඔයාට ආදරෙයි හංස..
ටික කාලයක් ගියා එදා ශානිහේ උපන්දිනේ..
හංස එයාට ලස්සන සුදු පාට බ්ලවුස් එකක් තෑගි දුන්න
ඒත් එදා ගෙදර යද්දි ගින්න ඇවිලිලා..
හංස ගේ තත්තා ලියුම් කාරයෙක්
ඒත් ශානිගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්..
සම්බන්දෙට හොදටම දොස් කියපු තත්තා අන්තිමට ශානිට කිවුවේ
"තොට ලැජ්ජ නැද්ද ඔය හිගන්නොත් එක්ක මගුල් නටන්න, ඕකුන්ට පුලුවන්ද අපි එක්ක පෑහෙන්න, තෝ ඔය මගුල ඉස්සරහට කරනවනම් හිතාගනින් මේ තත්තා මැරුනා කියලා "
ඇත්තටම ශානි හංසට වඩා තත්තට ආදරේ කල නිසා එදා ඉදන් ශානි හංසව මග ඇරියා...
හංස කොච්චර උත්සහ කලත් ශානි හංසව අතෑරලම දැම්ම
මාස කීපෙකට පස්සෙ හංසයි යාලුවෝ සෙට් එකයි වේයන්ගොඩ සීගිරි හෝල් එකට ගියා සිංහාවලෝකන ෆිල්ම් එක බලන්න..
හංසලා හිටියේ අන්තිම පෝලිමේ
හංසට පිටිපස්සෙ බොක්ස් එකෙන් අදුරන කටහඩක් ඇහුනා...
ඒත් ඉතින් හැරිල බලන්නත් බෑනේ...
ඒත් ඉන්ටවල් එකේ හංස ශේප් එකේ පිටිපස්ස හැරිලා පොඩ්ඩක් උඩ පැනලා බැලුවා බොක්ස් එක දිහා..
දෙවියනේ ..... ඒ ශානි..
ශානි ඉන්නවටත් වඩා හංස ශොක් උනේ හංස ශානිගේ උපන්දිනේට අරන් දීපු බ්ලවුස් එක , බොක්ස් එක ඉස්සරහින් වහල තියෙන ලෑල්ලේ වනල තියෙනව දැක්කමයි...
හංසගේ පපුව හෝස් ගාල ගියා.
එදාඉදන් හංස ,ශානි ව දැක්කේවත් බෑ..
බලන්න ගියෙත් නෑ...
ඒයි හංස මොකද උබ ගල්වෙලා...
හංසව ඒ අතීත මතකෙන් හසිත ඇහැරවලා ආයෙත් වර්තමානෙට අරගත්තා.....
හංස ආයෙත් ශානි දිහා බැලුවත් ශානි එතන හිටියේ නෑ....
ඊට පස්සෙ දවස් දෙක තුනක්ම හංස ඒ වෙලාවටම ඒ ට්‍රේන් එකේම ඒ පෙට්ටියේම ගියත් ආයේ කවදාවත් ශානිව දැක්කෙනම් නෑ...
මාසෙකින් විතර , දවසක් හංසගේ ගමේ ගෙදරින් හංසට කෝල් එකක් ආවා..
හෙලෝ පුතා...
අම්මා.. කියන්න
පුතේ කවද්ද ආයේ ගමේ එන්නේ..
අනේ අම්ම ඇයි ඉතින් නොදන්නවා වගේ අහන්නේ...මම හැම සෙනසුරාදාම ගෙදර එනවානේ...
නෑ මේ පුතාගේ නමට රෙජිස්ටර් පෝස්ට් ලියුමක් ඇවිල්ලා ඒකයී
හරි අම්ම එහෙනම් මම හෙට එනවනේ... එතකොට බලන්නම්..
එහෙනම් බුදුසරනයී පුතා..
බුදුසරනයී අම්මා... පරිස්සමින් ඉන්න...
ඔන්න ඉතින් සෙනසුරදා උදේ හංස නිදහසේ ගෙදර ගියා...
ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන අම්ම හදල දුන්න රස තේ එක බොන ගමන් අර ලියුම අතර ගත්තා....
ඒක එවලා තිබ්බේ ලෝයර් කෙනෙක්
නම නිහාල් රාජපක්ශ
මේ මොකද්ද මේ කියාගෙන හංස ලියුම කැඩුවා..
හංස මම ශානි...
අනිවාර්‍යෙන්ම මේ ලියුම ඔයාට එද්දි මම මැරිලා ඉදියි

ඒත් මගෙ අන්තිම කැමැත්ත හැටියට මගේ ලෝයර් ඔයාට මේක එවයි
හංස එදා ට්‍රේන් එකේ හිටිය ඔයාගෙ යාලුවා ඔයාට මම ගැන ගොඩක් දේවල් කියන්න ඇති
ඔවු ඇත්ත එයත් ටික කාලයක් මාව ආශ්‍රය කලා
ඔවු මම වැරදි කාරියක් ඒකමයි මේ ලියුම ලියන්න හිතුවේ
ඔවු හංස එදා මම ගෙදරින් කියන දේ අහලා ඔයාව අතෑරියා...
ඊට පස්සෙ අපේ තාත්තම එයාගෙ යාලුවෙක්ගේ පුතෙක් මට ප්‍රපෝස් කලා...
අපි ගොඩක් ආදරෙන් හිටියා අවුරුද්දක් විතර
අපි ගොඩක් ලන් උනා..
ඒත් අතපසුවීමකින් මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයා මාව මග ඇරියා
මාව දාල ගියා
අපේ තාත්තත් මාව ගෙදගරින් එලෙවුවා
පරම්පරාවට ලැජ්ජාවක් කියලා
මට කරන්න දෙයක් තිබ්බෙ නෑ හංස
මගේ පුතාට තාත්තෙක් ඕනේ
මම එක එක්කෙනාගෙන් ආදරේ හිගා කෑවා
ඒත් ඒ ඔක්කොම මගෙන් ප්‍රයෝජන අරන් මාව අතෑරියා
සමහරු මාව අතෑරියේ මම බඩුවක් කියලා..
මට මතකයි රත්තරනේ ඉස්සර ඔයා කැමති උනේ නෑ මගේ බ්‍රා එකේ පටියක්වත් පිට අයට පේනවට
ඒත් රත්තරනේ මගේ මේ කාලකන්නි ජීවිතේදි
පිරිමි මහ ගොඩක් මගෙ පපුවම දකින්න ඇති..
ඒත් ඔයාට තේරෙනවා ඇති
මම හෙවුවේ ආදරයක්,මගේ පුතාට තාත්තෙක්
බ්‍රා පටිය පිටට පෙන්නන්න එපා කියලා ඔයා කිවුවත් මම ඊට එහා දෙවලුත් පිටට පෙන්නුව
මට ඒ පව පලදුන්න හංස
මට පියයුරු පිළිකාවක්...
මට තව ටික දවසයි තියෙන්නේ..
ඔයා මේ ලියුම කියවද්දි මම මේ ලෝකේ අතෑරලා...
මට එක උදවුවක් ඕනේ හංස..
සමහර විට ඔයා හිතයි මම ඔයාට පුතාව බාරගන්න කියයි කියලා...
නෑ නෑ ,මම පුතාව ආශ්‍රමේකට බාරදුන්න මගේ සල්ලි දේපල ඔක්කොම එයාට ලිවුවා..
මට මේ උදවුව කරන්න හංස
දවසකට අපේ රටේ ගෑනු ලමයි 25ක්වත් ආදරේ නාමෙන් එයාලගේ කන්‍යාභාවය නැති කරගන්නවා
ඒත් ඒ පිරිමි ළමයින්ගෙන් 10%යි එයාලව බදින්නේ...ඉතුරු අයගෙන් බාගයකටවත් දෙවැනි අවස්තාවක් හම්බෙන්නේ නෑ අවන්ක ආදරයක් ලබන්න..
ඒ අය ඔක්කොම විනාශ වෙනව.නිකමට හිතන්න මම වගේ තව කීදෙනෙක් ඇත්ද...
පුලුවන්නම් ඒ අයට පිහිටක් වෙන්න හංස
එයාලව දැනුවත් කරන්න මොකක් හරි සන්ගමයක් හදන්න
මම ඉල්ලන්නේ එච්චරයි
මම දැන් ඔයාව දාලගිය එක ගැන සතුටුවෙනව හංස..
අපි ආදරෙන් ඉද්දි මම මැරුනනම් ඔයා ගොඩාක් අඩයි, ඒත් දැන් එහෙම නෑනේ
හිනාවෙන්න හංස,හිනාවෙද්දි ඔයා හරි ලස්සනයි...
බුදුසරනයි
මීට ශානි....
ලියුම ඉවර වෙනවත් එක්කම තොර තෝන්චියක් නැතුව හංසගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා...
ඒත් ඒ ඇයි කියලා එයාටවත් හිතාගන්න බැරුව ඇති......

----------------------------- මම රවී --------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Friday, June 17, 2016

වංක ප්‍රේමය... (ආදර කතාව අංක 08)


අංජු, අවුරුදු 17ක පොඩි කෙල්ලක්.
කෙලිලොල්, ලස්සන පොශ් කෙල්ලක්
හරියටම කිව්වොත් ගම්පහ යශෝධරාවේ ඒ බැජ් එකේ හිටිය ලස්සනම කෙල්ල.
ගෙදර කාගෙත් හුරතලී, තාත්තා බිස්නස් කරපු නිසා එයා ආස කරපු හැම දේම එයාට හැමදාම හම්බුනා..
ඔන්න හැම අවුරුද්දෙම වගේ ඒ අවුරුද්දේත් පාසල් වසන්ත කාලේ ආවා, ඒ ස්පෝර්ට් මීට් කාලේ.....
හැම අවුරුද්දේම වගේ යශෝධරාවේ ස්පෝර්ට් මීට් එක මුලින්ම ඉවර උනා, නිකමට වගේ එදා අන්ජුට හිතුනා ඒ ලගම තියෙන තවත් ඉස්කෝලෙක ස්පෝර්ට් මීට් එකක් බලන්න යන්න....
ඒ නිසා තමයි අන්ජු එයාගෙ පිස්සු යාලුවෝ සෙට් එක එක්ක ඒකටත් ගියේ...
ඔන්න ඒ වෙලේ තමයි අංජු ට බුද්ධික ව හම්බුනේ....
බුද්ධික අංජු වටේ කැරකුනේ මලක් වටේ කැරකෙන පැණි කුරුල්ලෙක් වගේ,,,
කොල්ලත් ලස්සනයි අංජු ගේ හිත ගියා එයාට, මල්සරා විද්දා දෙන්නටම.......
ඒත් දෙන්නට වචනයක්වත් කතාකරන්න නම් බැරි උනා....
දෛවය එයාලව තව පාරක් මුන ගැස්සුවා...
ඒ මාස කීපයකට පස්සෙ. අහම්බෙන් වගේ අංජුලගේ දන්සලට බුද්ධික ආවා....
එදා බුද්ධික ට පුලුවන් උනා අංජු ගේ නොම්බරේ ඉල්ලගන්න,,,....
අංජු ගේ පුන්චි හිතෙන් බුද්ධික ට පැලෙන්න ආදරේ කලා. බුද්ධික ගොඩක් දුප්පත් කොල්ලෙක්, ඒත් ඒ අඩුව බුද්ධික ට දැනෙන්න දුන්නෑ අංජු . එයාට පුලුවන් හැමදේම දුන්න .....
ඔය අතරේ තමයි අංජු ගේ ගෙදරින් මේ හුට පටේ දැනගත්තෙ...
අංජු ගේ තාත්තා මේකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.. අංජු ත් ගෙදරින් ගුටි කාගෙන නිතරම බුද්ධික ව හම්බෙන්න ආවා, ....
ඒත් ඒක කරන්න පුලුවන් උනේ ටික කාලයයි
A/l ඉවර උන ගමන් අංජු ගෙදරට හිර උනා ගමන් බිමන් තහනම්. ඒත් අංජුගේ ආදරේනම් කිසි අඩුවක් උනේ නෑ..
ඔය අතරේ තමයි බුද්ධික ගේ උපන්දිනේට අංජු පුදුම තෑග්ගක් බුද්ධික ට දුන්නෙ.
මචන් උබේ කෑල්ල මේ පාරසලේ උබට දෙන්න කිව්වා.
අංජු ගේ ගෙවල් පැත්තෙ හිටිය බුද්ධික ගේ යාලුවෙක් ඒ පාර්සලේ බුද්ධික ගේ අතේ තිබ්බ.
අම්මා.... ඒකෙ තිබ්බෙ පවුම් දෙකක බ්‍රේස්ලට් එකකුයි ipm එකේ ඩිප්ලෝමා එකක් කරන්න සල්ලි ගෙවපු රෙසිට් එකකුයි.
බුද්ධික උඩගිහින් බිම වැටුන. කවදාවත් එයාට කරගන්න බැරි දෙයක් අංජු කරලා දීල තිබ්බ එයාට
බුද්ධික ත් අංජුට පන වගේ ආදරෙන් හිටියා
බුද්ධික අංජු නිසාම එයාගෙ උසස් අධ්‍යාපන කටයුතු ලේසියෙන්ම පටන්ගත්තා...
දවසක් ඉන්ටවල් එකේදී අංජු බුද්ධික ට කෝල් එකක් ගත්තා..
පලවෙනි පර කට් කලත් දෙවෙනි පාර ගද්දි බුද්ධික ආන්සර් කලා..
පොඩ්ඩක් කතාකරකර ඉද්දි "බබා මම ඔයාට කවන්නද? "
ගෑනු කටහඩක් ඇහුනා..
ආ මහත්තයො ඒ මොකීද ඒ ආ
ආ ඒ යාලුවෙක් පන. ඔයාව අවුස්සන්න එහෙම කිව්වෙ
සත්තයි කියන්න
සත්තයි පන,ඔහොම ඉන්නකො බොරුනම් මම එයාට දෙන්නම්
හෙලෝ අංජු මම සුවිනි, බුද්ධික ගේ යාලුවෙක් විතරයි හොදද
අනේ හරි සුවිනි,මගේ සුදු මහත්තයව හොදට බලාගන්න හොදද , ඔහේ ඉන්න සුකුරුත්තන් කෙල්ලන්ගෙන් මගෙ මහත්තයව පරිස්සම් කරගන්න
අයියෝ ඒ ගැනනම් පොඩ්ඩක් වත් බයවෙන්නේපා යලූ.....
ටික දවසක් ඔහොම ගෙවුන
ඔය අතරේ තමයි අංජුගෙ යාලුවෙක් බුද්ධික වෙන කෙල්ලක් එක්ක ගෝල් ෆේස් එකේ ඉන්න පොටෝ එකක් අංජුට ගෙනත් පෙන්නුවේ
ඒ අසරනීගෙ හීන මාලිගා, බලපොරොත්තු එක තප්පරෙන් කඩන් වැටුන.
එයාට උන්හිටිතැන් අමතක උනා.
පහුවදා පාන්දරම ගෙදරටත් හොරෙන් අංජු ගියා , බුද්ධික ගේ ක්ලාස් එක ගාවට
එතකොටත් ක්ලාස් පටන් අරන් .
මේ පිස්සි පැය තුනක් වතුර උගුරක්වත් නැතුව ක්ලාස් එක ඉස්සරහ හිටගෙන හිටියා ඒක ඉවරවෙනකම්.
ඒත් සිධ්ධ උනේ අංජු ගේ ඇස් වලට මිරිස්කුඩු වැදුනා වගේ දෙයක්.
බුද්ධික කෙල්ලක්ගේ අතේ එල්ලිලා පන්තියෙන් එලියට ආව.
දෙපාරක් හිතුවෙ නෑ
අංජු කලේ දුවගෙන ගිහින් බුද්ධික බදාගත්තු එක .
තමුසෙට පිස්සුද ඕයි...
ඇයි රත්තරනෙ මට ඔහොම කතාකරන්නේ කවදාවත් නැතුව...
ලැජ්ජ කරන්නෙපා මට....
ඔයාට මෙයාගෙ අත අල්ලන් ඉන්න හොදයි මම ලගට ආවම තමයි ලැජ්ජාව...
මට පාඩුවෙ ඉන්න දෙන්න අංජු..
ඇයි මේ මහත්තයෝ...
පාඩුවේ ඉන්න දෙන්න මට.
අංජුගේ ඇස් වලින් වැටුනු කදුලු බින්දු එයාගේ වේදනවේ තරම බලන් හිටිය මිනිස්සුන්ටනම් හොදට පෙන්නුවා..
කියන්න මට කවුද මේ...
මේ සුවිනි...
එතකොට මෙයාද මේ...
අංජු ගොලු උනා
ඔවු මෙයා තමයි අපි ආදරේ කරනවා, ඔයාගෙ තාත්තගෙ ලොකු ලයින් මට බලන්න බෑ
මට ඔයාව ඕනෙත් නෑමේ කෙල්ල මට පන වගේ අදරෙයි
අපිට ගෙවල් වලිනුත් කැමතියි
අපිට පාඩුවෙ ඉන්න දෙන්න කියලා බුද්ධික සුවිනිගෙ ඔලුවෙන් අල්ලලා එයාගෙ නලල ඉම්බා...
අංජු එදා එතනම මැරුන වගේ
ඒ කෙල්ල කිසි දෙයක් කරකියාගන්න බැරුව ඇස් දෙක වහගත්ත
දෙනෝදහක් එයා දිහා බලන් හිටිය
එයා ගොඩක් තනි උනා...
කරන්න දෙයක් තිබ්බෙ නෑ ඒ අසරනීට
අන්ජු ඇස් දෙක වහගෙන පස්සෙන් පස්සට ගියා.
බුද්ධික සුවිනිගේ අතින් අල්ලන් අනිත් පැත්ත හැරුන
චිරී.....ස්
එක පාරටම ලොකු සද්දයක් ඇහුනා
දෙවියනේ
ඒ ප්‍රයිවට් බස් එකක්. බස් එක එතනම නැවතිලා...
මිනිස්සු කෑ ගහගෙන ඒ පැත්තට දිව්වා..
ඒත් අංජු නැවතිල තිබ්බේ අඩි 20ක් විතර ඉස්සරහට විසික් වෙලා...
ලේ විලක් මැද එයා හිටියා....
මේ අසරනී දැන් අවුරුද්දක් තිස්සෙ ගම්පහ ඉස්පිරිතාලේ 16 වෙනි වාට්ටුවේ ඉන්නවා.. කෝම වෙලා. මමනම් පතන්නේ එයාව එහෙමම තියන්න කියලා, මොකද ඒ දේ එයාට මතක් උනොත් එයා ඒ වෙලේම දිවි නහ ගනීවි.........
...............................
කොල්ලො ගැනම කතා ලියනවා කියලා චෝදන්නා ආව නිසා ඔන්න ගැනු ලමයින් වෙනුවෙනුත් කතාවක් ලිවුවා..
ඒත් කෙල්ලෙක්ගේ ෆීලින්ග් එකෙන් ලියන්න හරි අමාරුයි.
අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න

..........ආදර කතාව 9න් හමුවෙමු...........
.......................මම රවී.....................

Tuesday, June 14, 2016

ඛාය වර්ධන මධ්‍යස්ථානයේ ප්‍රේමය........ (ආදර කතාව අංක 07)


..
සිතුම්, ඒ කාලේ අවුරුදු 24ක විතර පොඩි කොල්ලෙක්,
ඇග හදාගන්න පුදූම ඇමාරුවක් තිබ්බේ කොල්ලට, ඒ ආසාව නිසාමයි මිනිහා නිට්ටඹුවේ ජිම් එකට යන්න පටන්ගත්තේ..
පුදුම කට්ටක් ඒක, පලවෙනි දවසේ එක්සයිස් කරලා ජිම් එකේ පඩි පෙල බැස්සෙත් හරිම අමාරුවෙන් මිනිහා, ඒත් ඉතින් ඒ අමාරුව පිටට පෙන්නුවෙත් නෑ මොකද ඒ ජිම් එක කෙල්ලොත් එන මික්ස් ජිම් එකක්....
දවස් දෙක තුනක් ගෙවිලා ගියා....
දවසක් සිතුම් බෙන්ච් එකට යද්දි මහා අපූරු දෙයක් උනා. සිතුම් හිතන්න නැතුව ඇති ඒ සිද්ධිය එයාගේ මුලු ජීවිතේම වෙනස් කරයි කියලා...
සිතුම් බෙන්ච් එකට යද්දි ඒකෙ කෙල්ලක් එක්සයිස් කරනවා..
සිතුම් ඉතින් එතන කැරකී කැරකී හිටියා..
..
අයියේ පොඩි සපෝර්ට් එකක් දෙනවද?
ඒ ගෑනු ලමයා එහෙම අහල තමයි මේ කතාව පටන්ගත්තේ....
සිතුම් එයාට උදවු කලා,
දෙන්නා මාරුවෙන් මරුවට එක්සයිස් කලා
යන්න ලෑස්තිවෙලා තමයි සිතුම් එයාගේ නම ඇහුවේ..
මම මන්දාකිණි , ඔයාගේ නම ?
සිතුම්....
හරි ලස්සන නමක්. මම ආයේ අනිද්දටත් එනවා,
හරි මන්දාකිණි මමත් අනිද්දට තමයි එන්නේ..
එහෙනම් සිතුම් අපි පාට්නර්ස්ලා වෙමු....
ඔවු මන්දාකිණි මටත් යාලුවෙක් නැතුව හිටියේ..
හරි සිතුම් එහෙනම් හරියටම හවස 6ට එන්න හොදද. මම බලන් ඉන්නවා....
....
දෙන්නා එකතුවෙලා එකට සෙල්ලම් කලා.
ෆෝන් එකෙන් නිතරම කතාකරන්න මැසේජ් කරන්න පටන්ගත්තෙත් ඒ අතරම තමයි.
ටිකෙන් ටික මේ දෙන්නා එකිනෙකාට ආදරේ කරන්න ගත්තා ... දෙන්නටම තේරෙන්නේ නැති විදියට...
දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියේ. සිතුම් මන්දාකිණි ව ගෙදර අයට පවා හදුන්වලා දුන්නා..
ඔය අතරේ තමයි ජිම් එකට අලුත් ඉන්ස්ට්‍රක්චර් කෙනෙක් ආවේ.
නම ලකී පට්ටම හැන්ඩ්සම් ,28 ක විතර අවිවාහකයෙක් මිනිහත්..
හේතුව මොකද්ද දන්නෑ මිනිහා ඇවිත් ටික දවසකින් මන්දාකිණගේ පොඩි පොඩි වෙනස්කම් උනා....
මන්දාකිණි කොයි වෙලෙත් ලකී ගැනම කතාකරන්න ගත්තා...
ඒත් සිතුම් වරදක් දැක්කේ නෑ ඒකේ..
ඒත් තත්වය එන්න එන්නම බරපතල උනා.
මන්දාකිණි සිතුම්ව මග අරින්න ගත්තා..
සිතුම්ට හොරෙන් ජිම් යන්න ගත්තා....
ඒ වෙනකොටත් මන්දාකිණියි ලකීයි ගැන කටකතා ජිම් එකේ පැතිරිලා තිබ්බේ...
...
දවසක් සිතුම් ජිම් එකට යද්දි මන්දාකිණි හොරෙන්ම ජිම් ඇවිත් ලකී එක්ක හුගක් කිට්ටුවෙලා හිටියා...
ඒක දරාගන්න බැරි උනා සිතුම්ට..
.....
ඇයි වස්තු මට ඔයා මෙහෙම කරන්නේ
මගෙන් උන වරද මොකද්ද...
අනේ මට වද දෙන්නෙපා සිතුම්,පාඩුවෙ ඉන්න දෙන්න මට..
එතකොට ඔයාට මාව එපාද මන්දාකිණි ...
අපි ගැලපෙන්නෑ සිතුම්...
ඒ වචනේ ඇහෙද්දි සිතුම්ගේ හිතේ ඊයම් බරුවක් හිරකලා වගේ... කදුලු එකපාරටම ඇස් වලින් එලියට වැටුනේ එයත් නොදැනම....
...
එතකොට ඔයාට ගැලපෙන්නේ මේ ලකීද
ඔයාට එයාගැන කතකරන්න අයිතියක් නෑ සිතුම්.ඔයා ඔයා ඔයාගේ වැඩක් බලාගන්න...
එහෙම කියන්න එපා.
මොනව කියන්නද ,
බලනව ඔයාගෙ හැටි, පිරිමියෙක්ද ,ගෑනියක් වගේ මෙතන අඩල මට ලැජ්ජ කරන්න එපා ,ඔවු මම ලකී අයියට ආදරෙයි . කොහොමත් අපේ ගෙදර තත්වෙටත් ඔයා ගැලපෙන්නේ නෑ සිතුම්. ප්ලීස් මට කරදර කරන්නෙපා මීට පස්සේ.....
......
සිතුම්ගේ ජීවිතේට ලොකුම සතුට දීපු ඒ ජිම් එකම සිතුම්ගේ මුලු ජීවිතේම විනාස කලා.
සිතුම් ඒ මොහොතේම එතනින් එලියට ආවා..
කවදාවත් ඒ පැත්ත පලාතේවත් ගියේ නෑ
........
අවුරුදු 3 ක් විතර ගෙවිලා ගියා.
මන්දාකිණි ලකීව කසාද බැන්දා මහ ඉහලින්.
ඒත් ඒ කසාදේ කිසි සතුටක් තිබුන්නෑ
ලකීට හැමතැනම කෙල්ලෝ..
මන්දාකිණි සිතුම්ට කතාකරන්න ගොඩක් උත්සහ කලා.. ඒත් මන්දාකිණි කවදාවත් සිතුම්ව දැක්කේ නෑ එයා.. සිතුම්ගේ ෆෝන් වැඩ කලෙත් නෑ....
දවසක් එකපාරටම ටීවී ඒකේ මන්දාකිණි ට පුරුදු නමක් ඇහුනා....
මෙවර මිස්ටර් ශ්‍රී ලන්කා කිරුල සිතුම් ඉරුගල්බණ්ඩාර දිනාගනී...
මන්දාකිණි ඉදන් හිටිය තැනින් බිමට වැටුනා...
සිතුම් ගොඩක් දියුනු වෙලා...
Tv කමර්ශල්, කටවුට් ගොඩක් දිනාගන්න සිතුම්ට පුලුවන් උනා....
එකදවසක් මන්දාකිණි ට ආරන්චියක් ආවා..
සිතුම් නිට්ටම්ඹුවේ තිලකවර්ධනේට එනවලු ප්‍රොමෝශන් එකකට...
මන්දාකිණි දුවලා ගියා එතන්ට..
ඇගිල්ලක් ගහන්න ඉඩනෑ
කෙල්ලෝ පොරකනවා සිතුම්ගේ අත්සන් ගන්න
....
එකපාරටම සිතුම්ට පුරුදු කටහදක් ඇහුනා....
සිතූම්ම්ම්......
ඒ මන්දාකිණි , ඉස්සරට වඩා ගොඩක් කැත්වෙලා කෙට්ටු වෙලා, ඒත් සිතුම්ට පුලුවන් උනා එයාගේ පලවෙනි ආදරේ අදුරගන්න..
අනේ සිතුම් මට විනාඩියක් කතාකරන්න ඕනේ...
ඔවු ඉක්මනට කියන්න.
අනේ සිතුම් සමාවෙන්න,මම රැවටුනා, මට වරදුනා...
ඉතින් ...
අනේ මම ඔයාට අදරෙයි සිතුම්.
....
අහක බලන්හිටිය සිතුම් එක පාරටම මන්දාකිණි දිහා බැලුවා...
ඔවු මමත් ඔයාට ආදරේ කලා පන වගේ
ඒත් ඒ මීට අවුරුදු 3කට කලින්.
අනේ මට සමාවෙන්න සිතුම් මම ඔයාව ගොඩක් රිද්දුවා...
නෑ මන්දාකිණි , එදා තමයි මම ගොඩාක්ම සතුටු උනේ... හැමදාම මගේ සතුට උනේ ඔයාගේ සතුටයි
මතකද එදා මම අඩද්දී ඔයා හිනා උන විදිය.
කවදාවත් මම දැකල තිබුනේ නෑ ඔයා එච්චර සතුටින් ඉන්නවා....
එදා මගේ කදුලු දැකලා ඔයා ගොඩක් හිනා උනා
ඒත් ඒ හිනාව දැකලා මම ගොඩාක් සතුටු උනා මන්දාකිණි . ඒක ඔයාදන්නේ නෑ..ඒ නිසාම තමයි මම මෙච්චර දුරක් ආවේ...
අදුරගන්න මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිකී
අපි ලබන මාසේ එන්ගේජ් වෙනවා....
ඔයා ඔයාගෙ ගමන යන්න මන්දාකිණි
මට බෑ මගේ ගමන ආපස්සට හරවන්න.
Thanks මට මෙච්චර දුර එන්න ඉලක්කයක් දුන්නට...
අන්තිමට මන්දාකිණි ගේ කදුලු වැක්කෙරෙන මූන දිහා බලාගෙන සිතුම් කිව්වේ මෙච්චරයි...
...
Bye.....
................................
....ආදරේ කරන්න, ගැලපෙන්නේ නැත්නම් දාලා යන්න ,ඒත් ඒ කෙනාගේ අඩුපාඩු කියන්න එපා. මොකද ඇත්තටම ඒක එයාගේ අඩුපාඩුවක් නෙමෙයි. තමන්ගේ හිත එක තැනක නැති කම,
අනික ඒ තනිවෙන කෙනා ඒ වරද හදාගත්තු කාලෙක ඔයාට ගොඩක් පසු තැවෙන්න වෙනවා...

...........................මම රවී.........................

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Saturday, June 11, 2016

......... සදාතනික විරහ වේදනාව......... (ආදර කතාව අ0ක 06)

අපි ඒ කෙල්ලව මුලින්ම දැක්කේ වේයන්ගොඩ ස්ටේශමේදී
රතුපාට සාරියක් ඇදලා උදේ මහව ට්‍රේන් එකට නගින්න ඉද්දි තමයි මායි මගේ යාලුවයි එයාව දැක්කේ..
මචන් මට මේ කෙල්ල දැකලා පුරුදුයි
හන්ස මට කියද්දි මම කිව්වේ ..
උබට ඉතින් කෝකද බන් දැකලා පුරුදු නැත්තේ කියලා....
ඒත් හන්ස දිගටම ඒ කෙල්ල දිහා බලන් හිටියා.. අන්තිමට, හරි මචන්
ක්ලික් උනා. මෙයා මගෙ fb එකේ ඉන්නවා , නම නදී...
ඒ කියද්දිම ට්‍රේන් එක අවා..
අම්මෝ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ
කොහොම හරි අපි තෙරපිල තෙරපිලා ඇතුලටම නැග ගත්තා...
අහම්බෙන් වගේ අර ගෑනු ලමයත් මගෙයි හන්සගෙයි ලගටම සෙට් උනා..
අපි දෙතුන් පාරක් කෙල්ල දිහා බැලුවත් ඒකි නෙමෙයි ගානකටවත් ගත්තෙ..
මට තේරුනා හන්සයා මේකිට ලයින් කියලා.
ගම්පහ පහු උනා විතරයි.
ඔන්න අපේ කොල්ලගේ චාන්ස් එක ආවා
කෙල්ල බෑග් එක උඩ රැක් එකට දාන්න ට්‍රයි කලත් ඒකි උස මදි.
අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තු හන්සයා දෙන්න නන්ගි මම තියන්නම් කියලා කෙල්ලට උදවු කලා...
ඒ වෙලේ ඉදන් අපි නදී එක්ක ආගිය තොරතුරු කතාකලා...
මාත් කෙල්ලව fb ඇඩ් කරගත්තා...
අපි තුන් දෙනා දිගටම මාසයක් විතර ඔය ට්‍රේන් එකේ ඒ පෙට්ටියෙම සෙට් වෙලා වැඩට ආව ගියා.
එන්න එන්නම හන්සයාගේ බොක්කේ ආදර ගහක් පැල වෙනවා කියලා මට හොදටම තේරිලා තිබ්බේ....
ඔහොම්මම කාලේ ගෙවිලා ගියා...
එදා නදීගේ උපන්දිනේ දවස. උදේම අපි එයාට විශ් කලා.. අයියේ අද මම ගානේ ඔයාලා දෙන්නට පොඩි ට්‍රීට් එකක් දෙනවා. දෙන්නම හවසට ගම්පහින් බහින්න. අපි ඩොමිනෝස් යමු. නදී එහෙම කියලා මරදානෙන් බැස්ස.
හන්සයාගේ ඉහේ මලක් පිපුනා වගේ.
මචන් අදනම් මම වචනේ දානවා
මූ මුලු දවසම ඔෆිස් එකේත් පට්ට කික් එකේ හිටියේ...
ඔන්න අපි හවස ගම්පහින් බැහැලා ඩොමිනෝස් ගියා. පීසා ඕඩර් කරලා නදී ආවා ටේබල් එකට. මම බිම බලාගත්ත හන්සයට ඉඩ දීලා...
නදී දෙයක් අහන්නද
Ok හන්ස අහන්න.
නදී මම කැමතියී ඔයාට , මම හිතනවා අපි එකතු උනොත් හොද අනාගතයක් තියෙයි කියලා,,,,..
කෙල්ල එක පාරටම බිම බලාගත්තා..
ටික වෙලාවයි ගියේ, එක පාරටම මහා වැස්සක් වගේ කදුලු ගොඩක් කෙල්ලගේ ඇස් දෙකෙන් වැටෙන්න ගත්ත...
අනේ අනේ නදී, මම ඔයාට අඩන්න දෙයක් කිව්වේ නෑනේ ඉතින්.
නෑ හන්ස ඔයා වැරදි නෑ, ඒත් ආදරේ කියන්නේ මට උරුම නැති දෙයක්..
ඇයි නදී එහෙම කියන්නේ ....
නෑ කාලයක් මම පනටත් වඩා කෙනෙක්ට ආදරේ කලා..
ඒත් අද එයා ඉන්නේ අඩි හයක් යට
මම කවදාවත් කාටවත් ආයේ ආදරේ කරන්නෙනම් නෑ...
පිස්සුද නදී ඔයාට, එකෙක් මැරුනා කියලා ජීවිත කාලෙම ඔයා තනිකඩ්ව ඉදලා කාලකන්නි වෙන්නද හදන්නේ..
...
මෙච්චර වෙලා කටවහන් හිටපු මමත් කතාවට එකතු වුනා.
දන්නැති දේවල් කතා නොකර ඉන්න රවී ඔයා..
අපී ගොඩක් ආදරෙන් හිටියේ.
ඒත් මට අද වගේ මතකයී ඒ දවස
එයා මට විහිලු කලා,මට ගොඩක් තරහ ගියා, හැමදාම එයා යද්දි පරිස්සමින් යන්න සුදු මහත්තයෝ කියලා එයාට සමු දෙන මම එදා,,,
මට වද නොදී යන දේවාලෙක යනවා හලෝ කියලයි කිව්වේ...
එයා ඇස් වලින් කදුලු පුරෝගෙන බයික් එක ස්ටාට් කරගෙන වේගෙන් ගියා ගියාමයි ආයේ කවදාවත් ඒ ඇස් වල ආදරේ මට පෙනුනේ නෑ...
විනාඩි 20කින් විතර ඉස්පිරිතාලෙන් කෝල් එක ආවේ මට,අන්තිමට ඩයල් කරපු නොම්බරේ මග කියලා.
එයා ඇක්සිඩන්ට් වෙද්දිත් මට කෝල් එකක් ගන්නයි හදලා තියෙන්නේ...
...........
දෙයියනේ මම කොහොමද එහෙම දෙයක් එයාට කිව්වේ...
මම නිසයි එයාට ඒ දේ උනේ...
.......
නදී දිගටම ඇඩුවා...
හරිම අමාරුවෙන් අපි එයාගේ කදුලු නතර කලේ...
අපී කාපූ නීරසම පීසා එක ඒක. බාගෙට බාගයක් ඉතුරු කලා අපි.
අදටත් නදීයි මායී හන්සයි සහෝදරයෝ තුන් දෙනෙක් වගේම ආශ්‍රය කරනවා....
....
තරහ අරන් කියන එක වචනෙකට
කෙනෙක්ගේ ජීවිතයක් සම්පූර්ණයෙන් මරලා දාන්නත්
තව කෙනෙක්ව සදහටම දුක් විදින්නෙක් කරන්නත් පුලුවන් යාලුවනේ.....
ආදරේ කරන්න...
ඒත් වචන පරිස්සමින් පාවිච්චි කරන්න....

..... -----------මම රවී--------......
ආදර කතාව අ0ක 07න් හම්බෙමු....

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Monday, June 6, 2016

...... විශ්වාසය ආදරය ජීවිතය....... (ආදර කතාව 05)

පැහැබර උදෑසනක් වූ එදින
හිමිදිරියේ කටුනායක ගුවන් තොටින්
ගුවන් ගතවීමට දෙසීයක පමනක් පිරිසක්
බලා පොරොත්තු පොදි බැදන් සිටියහ..

බලාපොරොත්තු වූ පරිදි ගුවන් යානය නිසි වෙලාවට පැමිනුනි.
සියලු දෙනා තමන්ගේ අසුන් වලට ගිය අතර මද වේලාවකින් ගුවන් යානය උකුස්සෙකු සේ අහස් කුසට පිවිසුනි..

විනාඩි 45 කට පමන පසු යානය හදිසි තත්වයක් උද්ගත උනි
අයහපත් කාලගුනය නිසා යානය පාලනය කරගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වි ඇති බව නියමුවන් දැනුම් දුනි....
.....
සියලු දෙනා තම ආසන පටි තද කරගථ
සමහරු දෙවියන් යදින්න පටන්ගත් අතර සමහරෙක් සිහිමුර්ජා වූහ
එකම එක සුරතල් සිහිති ගැහැනු ලමයෙක් පමනක් සිනාසෙමින් යම බෝනිකා සමග සෙල්ලම් කරමින් සිටියාය...

මද වේලාවකින් යානය ණිරුපද්‍රිතව ගොඩ බෑමට නියමුවන් සමත්වූහ. සිනාසෙමින් සිටි දැරිය වෙත ගිය ගුවන් සේවිකාවක් ඇගෙන් මෙසේ ඇසීය..

" බබා කොහොමද ලොකු මිනිස්සු බයේ දගලද්දී ඔයා බය නැතුව හිටියේ"
"අනේ නැන්දේ මේප්ලේන් එක එලවන්නේ මගේ තාත්තා. මම දන්නවා මගේ තාත්තා කවදාවත් මට කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා "
දැරිය පැවසුවාය....
ඇසට කදුලක් උනන්න ඇති.
ඒත් ඒක තමයි විශ්වාසය.
විශ්වාසය තමයි ආදරයක් වෙන්නේ
ඒ ආදරේ මුලු ජීවිතේම වේවි.......

ආදර කතව අ0ක 6න් හමුවෙමු....

මතක තියාගන්න ආදරේ කරන්නේ පෙම්වතුන් විතරක් නෙමෙයි. දෙමවුපියන්ගේ ආදරෙත් අමතක කරන්න හොද නෑ...

-----------------මම රවී------------------

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Sunday, June 5, 2016

නැවත දුටු අත් හැර දැමූ ආලය (ආදර කතාව 04)

......................
කැම්පස් එකේ ජූනියර් බැජ් එකට රැග් දෙන අතරතුර යෙහෙකියක් ඇයට ඇගිල්ලෙන් ඇන යමක් පෙන්වූවාය.
ඒ මචන් අර උබ A/l කාලේ ඉස්කෝලේ කරන් හිටිය කොල්ල නේද බන්...
ආ ඔවු බන්. මේ ඌ තමයි. දැන් ඉතින් ජූනියර් නේ... ඈ එය මහා උඩගු කමකින් පැවසුවේ ඔහුගේ දෑසට කදුලක් උනන්නට සලස්වමින්‍ ය...
අපරාදේ බන් උබ මූව අතෑරියේ . බලපන් දැන් මූත් ඉන්ජිනේරුවෙක් නේ...
පිස්සුද බන් මූ මෙලෝ රහක් නෑ.
කොයි වෙලෙත් මගේ පස්සෙමයි. කිසි නිදහසක් නෑ. කොටට අදින්නත් එපාලු, ඒ උනාට මොකද පාක් එකටවත් යන්නේ නෑ යන්නේ පුස්තකාලෙට විතරයි. ඔහොම පුලුවන්ද බන් ලවු කරන්න
ෆස්ට් ශයි එක ඇනගත්තෙත් මම නිස කියලයි මුගේ යාලුවෙක් කිව්වේ.......

ඈ එසේ පවසමින් එතනින් නික්ම ගියේ
ඔහූගේ කම්මුල් හරහා ගලා ගිය කදුලු වලට කට කොනකින් සිනාසෙමිනි.
පසු දින සවස ඔහු ඇගේ මිතුරිය අත යමක් ලියා ඇය වෙත එවා තිබුනි
විකාර ..යැයි පවසමින් ඇය එය කියවීමට පටන් ගත්තාය.
එය මෙසේ විය.

එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ වූ සත් කමට
හැරගිය දා නාවත් මා ගම් දොරට
විරහේ ඇයිද ආවේ නෙතු අද්දරට....
.........
විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුබ ගිය මග දැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක් බර හිතට කීවෙමි නොහදන ලෙසට
......
සිටිනා කොදෙවුවක නුබ සැප විදීනම්
මවෙතින් ලැබුනු ආදරයක් ලැබේනම්
මතකය නුබට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......
........
ලිපිය කියවා අවසන් වන විට ලිපිය ඇගේ කදුලු වලින් තෙත් වී තිබින...

ආදර කතාව 5න් නැවත හමුවෙමු.
--------------------------මම රවී---------------------------

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Saturday, June 4, 2016

ආදරය සරුන්ගලයක්නම් නූල තමයි විස්වාසේ..... (ආදර කතාව අ0ක 3)

.........
අර බලපන් මචන් අරකනම් පට්ට කෑල්ල
අපේ දෙතුන් දෙනෙකුත් ඒකට ටෝක් කරනවා
බලපන්කො ඇදන් ඉන්න ඇදුමේ ලස්සන..
යලුවා එහෙම කියද්දී මහේ හිහ ගියේ එයාට එහා පැත්තේ වාඩි වෙලා හිටිය චාම් කෙල්ලට..
ඇට්තටම අපි ඒ සෙමිනා එකට ගියෙත් පොඩි ෆන් එකක් ගන්න...

ඒත කවුද හිතුවේ.......

ඒ වෙනකොටත් කෙල්ලො දෙතුන් දෙනෙක්ගේ මල්සරා වෙලා හිටිය මට තවත් කිරිල්ලියක් ලැබුනා...
......
ඉතින් සුපුරුදු විදියට අනිත් අයට වගේම මම එයාටත්ලොකු ආදරයක් පෙන්නුවා.. ආදරෙත් කලා...
ඒත් දවසක් හදිස්සියෙම කෝල් එකක් ආවා..
අනේ රත්තරනේ අපේ ගෙදරින් හැමදේම දැනගෙන , මාව අයේ ක්ලාස් එවන්නේ නෑ කියනවා... අනේ මට ඔයා නොබලා ඉන්න බෑ......

පපුව පැලිලා ගියා මගේ..
ඒ වෙනකම් ආදරේ,ආතල් අරන් තිබ්බට
ඒ තරම් සෙනෙහසක් විශ්වාසයක් දැනුනේ එදාමයි...
කියන්න මොකුත් කටට ආවේ නෑ ඒ වෙලේ
කිවුවේ එක දෙයයි

බය වෙන්න එපා වස්තූ එන හැම දේටම බය නැතුව මූන දෙමු කියලා...

එදා නිකමට හිතුනා මට කලින් කරපු පවු පටිසම් දෙනවාද කියලා....

එච්චරකල් හුලගේ පා වෙවී හිටිය මට ලොකු බරක් දැනුනා.... එදා තීරනය කලා අනිත් හුචක්කු ඔක්කොම අතෑරලා ඒ කෙල්ලට සිරා කර්නවා කියලා....

ඒත් ඒක ලේසි උනේ නෑ
ෆන් එකට කරද්දී වගේ නෙමේ සිරා කරද්දි පොඩි දේටත් හිත රිදුනා...
ඒත් කවදාවත් අමතක කලේ නෑ එදා මම ගැන එයා තියපු විස්වාසේ..

ආදරය සරුන්ගලයක්නම්
නූල තමයි විස්වාසේ.....

ඒ නිසා ඒ විස්වාසේ කැඩෙන්න දෙන්නෙපා කවදාවත්......

----------------------------- රවී -----------------------------
---------ආදර කතාව අ0ක 04න් හමුවෙමු ---------

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Friday, June 3, 2016

අයැද සෙනේ සිටියත් අසලටම වෙලා අකමැති ලෙසින් හිඳිනෙමි මා අහක බලා (ආදර කතාව අංක 02......)

.....ඔහු:- ඇයි කියන්නකො මට කැමති වෙන්න බැරි?
මගෙ මොකද්ද තියන අඩුපාඩුව?
ඇයි මට මෙහෙම කරන්නෙ?.
කතා කරන්න. මට අකමැති හේතුව
කියන්නකො.
(ඇය කිසිවක් නොකියා යන්නට යයි. ඔහු තම මිතුරන් හා ඇයට දොස් කියයි.. )

* දින කීපයකට පසු ඈ මිතුරියක අතේ ඔහුට ලියමනක් එවා තිබුණි.එහි මෙසේ සඳහන් විය............

අයැද සෙනේ සිටියත් අසලටම වෙලා
අකමැති ලෙසින් හිඳිනෙමි මා අහක බලා
ඔය රුව හිතේ තිබුණත් කැටයමක් වෙලා
තනිවම හිඳිමි හිස් අහසට සුසුම් හෙලා

මාවත දිගේ දෑගිලි බැඳ ඇවිදින්න
මීවිත වන් දෙතොල් වල රස විඳගන්න
ජීවිත පොතේ පිටු නුඹ හා පෙරලන්න
මේහිත මනාපයි ඇරයුම පිළිගන්න

නුඹ ගැන හිතේ අකමැත්තක් ඇතිව නොවේ
නොබලා ඉන්නෙ රිදවන්නට සිතා නොවේ
මගෙ ජීවිතේ අවසානය මෙලෙස ගෙවේ
නුඹ හා ඉන්න පතනෙමි මතු ලබන භවේ

පෙර කල පවක් ඵල දී ඇති බවට හිතා
බොඳ වූ සිහින හා මියැදෙමි දවස පතා
පිළිකා ලෙඩෙකුගේ ඉරණම මෙයද සිතා
ලීවෙමි නුඹට මෙය කිසිවක් නොකර කතා..
----- රවී
------නුවරින් ගත් අදහසකි-----

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Wednesday, June 1, 2016

....ආදරෙයි රත්තරනෙ ................... (ආදර කතා අංක 1 )

ලස්සන ආදර කතාවක්
කියවන්න

ස්ථානය -ගම්පහ දුම්රිය පොල..ඉරිදා 10.37
බලපන්කෝ ඉස්සරහ ...
කොහෙද ..
ඉස්සර පැල්ට් පෝර්ම් එක..
කොහෙද..
ඉස්සරහ පැල්ට් පෝර්ම් එකේ..අපිට කෙලින් බන්කුවේ මැද කෙල්ල.
පව් බන්..ඒකී 
පව් කියන්නෙ කෙල්ලක් උනාම ඉදගන්න දැනගන්න ඔනානේ..
රෝස පාට XXXXX නේද බන් ඇදන් ඉන්නේ..
පව් XXX ..
කොට සායවල් ඇන්දාම ප්ලැට් පෝර්ම් බන්කු වල ඉදගන්න බෑ..ඉස්සර උන්ට පේනවා.කකුල් දෙක පල්ලෙන් බෑග් එක තියාගන්න ඕනා ..මේකී අදද කොහෙද ..රේල්වේ ප්ලැට් පෝම් එකක ඉදන් ඉන්නෙ..
කකුල් දෙක පට්ට නේද බන්..
එපා බන් පවු..
මම බැලුවාම මොකද අර නාකි කට ඇරන් බලන් ඉන්නේ..
මම කියනවා බන් ඒකිට..නැත්තන් කී දෙනෙක් අද රෑට මතක් කරලා XX XXXX..
එපා හසරැල් උබ කියන්න ගිහින් ඒකී උබට බනී..
කමක් නෑ බන් මමත් නංගි කෙනෙක් ඉන්න අයියෙක් .
Excuses me...නංගි ..සාය පොඩ්ඩක් හදාගන්න.ඉස්සරහා අයට පේනවා..වැරදියට හිතන්න එපා...
කෙල්ලගෙ මූන ලැජ්ජාවෙන් රතු උනා..අඩන්න තරම් ඇස් රතු උනා.
.බොහොම පිං අයියේ ..
එපා පිං මටත් ඔයාවගේ නංගි කෙනෙක් ඉන්නවා..
..........................................................................
තාම මතකයි රත්තරනෙ උබයි මමයි.හම්බඋන ඒ දවස.ආයෙත් ඔයාව මම දැක්කේ " චරිත දිසානායක සර්ගෙ" chemistry ක්ලාස් එකේදී ..
ස්ස්ස්ස් .. ඉදගද්දී සාය හදන් ඉදගන්න..
ඔයායා..
හ්ම්ම් ..ඔයාත් මේ පාරද exam ..
ඔවු..කොහෙද ස්කුල් ..
වේයන්ගොඩ බන්ඩාරනායක ...ඔයා..
රත්නාවලී.
මම අහලා තිබ්බෙ රත්නාවලියේ කෙල්ලෝ ලස්සනයි කියලා..
හ්ම්ම් ..ගොඩක් අය..අතරින් පතර අපි වගේ කැත කෙල්ලොත් ඉන්නවා..
නෑ ..ඔයා ලස්සනයි .කකුල් ඊටත් වඩා ලස්සනයි ..
අනේ අනේ එපා..ලැජ්ජයි.
අයේ වත් ඉදගද්දී සාය හදලා ඉදගන්න ..
හ්හ්ම්ම් ..මේ ..නම මොකද්ද ?
කැමති එකක් දා ගන්න..
හ්ම්ම් ..ඔයාගෙ නම
ඔයත් කැමති එකක් දා ගන්න..
හ්ම්ම් ...
..........................................................................
ඒ මචන් ..ඒ කතා කලේ උබ එක්ක අර එදා xx එලියේ දාගන ඉදන් හිටිය කෙල්ල නේද ..
එපා යකෝ..පවු ..
අප්පට බොල..
ඇයි..
නෑ බන් ඒකෙත් පොඩි ලකයක් තියනවා...
මොකේද..
වෙනවුන් ලව්කරලා කාලයක් පෙරුම් පුරලා පුරලා කෙල්ලෙගෙ අහවල් ඒවා දකින්නෙ..ඒකට උබ අහවල් එක දැකල ලව් කරන්නෙ ..
දැන් කවුද ඒකිට ලව් ..
අපිට පුලුවන් කොල්ලො ..හැරෙනෙකොට කියන්න ..
අනේ පල
..........................................................................
ස්ස්ස්ස්ස්ස්...
අද ක්ලාස් ඇරිලා ..යද්දී ..එදා මම ඔයාව ඉස්සරලාම දැක්ක තැන පොඩ්ඩක් ඉන්නවද.
හ්ම්ම් .ඇයි ..ඒ
ආවාම කියන්නම් ..හැබැයි එදා වගේ කකුල් එලියෙදාන් ඉන්න බෑ..
අනේ එපා..
..........................................................................
මතකද එදා .ඔයා මම එනකම් බලන් හිටියා..ඇත්තමයි එදා තමා මම ඔයා ලස්සනට දැක්කේ..
චුට්ටක් පරක්කු උනා සොරි..
ඇයි පරක්කු ..මම ඇවිත් ගොඩක් වෙලා..කලාස් එකෙන් එලිය එනවා මම බලන් හිටියෙ ..කොහෙද ගියේ..
කෙල්ලට පොඩි තෑග්ගක් ගන්න .
කොයි කෙල්ලටද..හසරැල් ..
මගෙ girl friend ට..
බලා ඉද්දි කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවා..
ඇයි මේ කදුලු ..දේදුනු...
රොඩ්ඩක් ගියා..
පිබින්නද..මම ..
එපා..
මම බලෙන්ම කම්බුල් දෙක අල්ලන් ඇගේ ඇසට පිම්බෙමි..ඇගේ ඇසුත් මගේ ඇසුත් එක එල්ලේ තිබිනි.ඇගේ ඇස් වලින් කදුලු දොරෙ ගලන්න විය..
ඇයි මේ දේදුනු අඩන්නෙ ...
කියන්න ..හසරැල් ..කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ක්ලාස් එකේදී ඒ තරම් මට බලාපොරොත්තු දුන්නේ..
ඇය මගෙන් මිදී පැල්ට් පෝම් එකේ ඉදිරියට දුවන්න විය..
දේදුනු ..ටිකක් ඉන්න....ප්ල්ස් ටිකක් ඉන්න..
මොකුත් දැනගන්න ඕනා නෑ..
මම කීවේ දේදුනු ...කෙල්ලට තෑග්ගක් ගන්න ගියා කියලනේ..ඒ ඔයට රත්තරනෙ ඒ ඔයාට..
ඈ එක් වරම ආපසු හැරුනි..බදුල්ල දක්වා ගමන්ගන්නා සීඝ්‍රගාමි දුම්රිය පසෙකින් ධාවනය විය..ඇය මා දෙසට හැරෙද්දී ඇගේ පොත්බෑගය දුම්රියේ පැටලුනී.
දේදුනු ..අනේ රත්තරනෙ ..
ඇය වේගයෙන් දුම්රිය හා ඇදීයන්නට විය..මම දුම්රිය පිටුපසින් දුවන්නට විය..
කිලෝමීටරයකට අඩුදුරකින් දුම්රිය නතර විය..
ඉනට පල්ලෙන් වෙන්වුනු ඇගේ කකුල් දෙක පසකින් ඇගේ උඩුකය තිබිනි..
මගෙ රත්තරනෙ..
හසරැල් ..ඇත්තමයි නේද මට නේද තෑග්ග ගන්න ගියෙ..
ඔවු මගෙ අම්මේ ඔයාට..
ඇත්තමයි නේද ..
ඇත්තමයි මගෙ රත්තරනෙ ..
මම ගොඩක් ආදරෙයි හසරැල් ඔයාට..ඔයත් මට ආදරෙයි නේද මහත්තයෝ ..
ඔවු මගෙ අම්මේ ඔවු .
මෝඩයෝ..ඒ මදි මට ගොඩක් ඕනා.
ගොඩක් ආදරේයි දේදුනු ගොඩක් ආදරේයි ..එපා මාව දාලා යන්න අම්මේ ..
නැ රත්තරනෙ කවදවත් නෑ..ඒත් මහත්තයෝ මට ඉනෙන් පල්ලෙහා දැනෙන්නෙ නෑ..ඇයි ඒ හසරැල් ..
රිදුනු හින්දා වෙන්න ඇති අම්මේ ..හරියයි.රත්තරනෙ
හසරැල් මට බයයි මහත්තයෝ ..චුට්ටක් තුරුළු කරගන්න
මම ඇය බදාගන ඉකිගගහ හඩන්නට විය.
එපා මහත්තයෝ අඩන්න..මට මොකුත් වෙන්නෙ නෑ..මගෙ කකුල් එලියෙද මහත්තයෝ ..සාය හදන්න ..ඒ සුදු කකුල් ඔයාගෙ මහත්තයෝ ..කාටවත් පෙන්නනෙ නෑ..ගොඩක් තුරුළු කරගන්න..ආදරෙයි කියන්න
ආදරෙයි මගෙ අම්මේ ..ගොඩක් ..
ඇය විනාඩි කීපයකින් මගේ තුරුලේම මගෙන් යන්නටම ගියාය..
අනේ අනේ එපා දේදුනු ..එපා අම්මේ මාව දාලා යන්න ..මට ඔයා ඕනා මැනික .
..........................................................................
එදා ඇගේ සිරුර බදා මම කොතෙක් හැඩුවාදැයි නොදනිමි ..අදත් මම නොහඩන දවසක් නැත.අදටත් මම ඔයාව දැකපු පැල්ට් පෝම් එකේ ලී බංකුව දෙස බලමින් ගම්පහ දුම්රියපොළේ සිටිමි.ඒ තව කෙල්ලෙකුගෙ කකුල් බැලීමට නොව..රත්තරන් අම්මේ උබ වැරදිලාවත් එයි කියලා මැනික ..ආදරෙයි මගෙ රත්තරනෙ .ඔයාට පාලුයි නේද..දේදුනු .ගොඩක් පාලුයි නේද ..ඔය ලෝකේ මම නැතුව..මට අද ගොඩක් පාලුයි කියලා දැනෙනවා ඔයාට.ඉන්න රත්තරනෙ මම එන්නම්..12.20ට express train එක.. චූටි වෙලාවක් ඉවසන්න.ඔයා ආපු විදියටම මම එන්නම්.තව චූටි වෙලාවයි.ට්‍රේන් එක ලග එනවාඇති.....

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

Friday, May 27, 2016

අද මට පුළුවන් ආදරේ කියන්නේ මොකක්ද කියල ඔයාට තේරුම් කරන්න...

     ආදරය හිතට දැනෙන අමුතුම හැගීමක්. ඊළගට වෙන්නේ මොනවද කියල හිතාගන්න අමාරුයි. ගොඩක් හිත් වලට දැනෙන මේ හැගීමට දුකත් සතුටත් දෙකම පොදුයි.

     අපිට ඒ හැගීම ඇවිත්, අපි ආදරය කරන්න ගත්තහම හදවතින්ම අපේ ආදරේ පිළිඅරන් අපිට ආදරේ කරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම ඒ ආදරේ විහිළුවකට ගන්න කොට්ඨාෂයකුත් ඉන්නවා. පව් එහෙම කරන්න එපා. ආදරේ කවදාවත් විහිළුවකට මායිම් කරන්න එපා. කවදාහරි ඒ දේට විදවන්න වේවි. හිතක් කඩන එක මහා ලොකු පාපයක් කියල මටත් තේරුම් කරල දුන්නේ මටත් තිබුණු ඒවගේ ආදරයක්.

     අපි කවුරුත් මුලින්ම ආදරේ කරන්නේ අපේ දෙමවුපියන්ට. ඒ ආදරේ කවදාවත් කඩකරන්න හිතන්නවත් එපා. අපේ ජිවිතේට ලැබෙන විශේෂ ආදරයක් ඒක. එහෙම කලොත් ඒක අර ඉස්සෙල්ලා කිව්ව පවටත් වඩා මහා ලොකු පවක්.

     මීලග ආදරය අපේ ජිවන සහකාරියටද, සහකරුටද? පාසල් ප්‍රේමය සුන්දරයි. එත් ඒ සුන්දර ප්‍රේම කතා 95%ක් අසාර්ථකයි. ඒ නොදන්නකමට. game එක compleat කරගන්නේ 5%යි. එත් එතනිනුත් ජිවිතේ සතුටින් ගෙනියන්නේ 2%ක් විතරයි. ඉතිරි 3% හදිසිය නිසා දුක පමණක් ඉතුරු කරන්.

     How to be a Single, තනියම ඉන්නැද්දි අපිට ආදරේ ගැන අහන්න දකින්න ලැබුනට අපිටත් ආදරයක් ඇතිවෙන්නම ඕනේ ඒක තේරුම් යන්න. මටත් ඒක ඇතිවුනාට පස්සේ තමයි එක තේරෙන්න ගත්තේ. ඊට කලින් දැක්කේ ඒක විහිළුවක් විදියට.

     අදරේ කරද්දී විවිධ ප්‍රශ්න එන එක සාමාන්‍යයි. දෙන්නම එකතු වෙලා ඒ ප්‍රශ්න විසදගන්න එකයි ආදරේ කියන්නේ. නැතුව ඒකෙන් පැනල යන එකට නෙවෙයි. එත් එක්කෙනෙක් එහෙම වෙන්වෙලා ගියොත් අනිත් කෙනා මොනවා කියල කරන්නද... ඒ කෙනාගේ කැමැත්තට ඉඩ දෙනව ඇරෙන්න. ආදරේදී කැපකිරීම් ගොඩක් කරන්න වෙයි, අන්න ඒකටයි ආදරේ කියන්නේ. නැතුව ආදරේ අහිමි වුනා කියල පලිගන්න යන එකට නෙවෙයි.

     ආදරේ ඇතිවෙනවා නැතිවෙනවා කියන්නේ බොරුවක්, එහෙනම් එක ආදරයක් නෙවෙයි. වෙන මොකක් හරි එකක්. ආදරයක් හිතක ඇතිවුනොත් එක වෙන හිතක අදරේකට change කරන්න අමාරුයි, ඇත්තටම කිව්වොත් බෑ. ඒවගේ ආදරේ කියන්නෙත් ඇබ්බැහි වීමක් නතර කරන්න අමාරුයි. අමාරුයි නෙවෙයි බෑ.

     ආදරෙත් එක එක packge තියෙනවා. ඒක පාර්ශවිය අදර තියෙන්න පුළුවන්. සමහර විට තමන් මුළු හදින්ම ආදරේ කරනව  සමහර විට අදාල කෙනාට තියා යාලුවෙකුටවත් ඒ ගැන කියන්නේ නෑ. අන්තිම වෙනකම්ම හිතේ හන්ගන් ඉන්නවා. හරිම දුක්බරයි. අනේ මන්ද මේ ආදරෙත්. තවත් වෙලාවක දෙන්නට දෙන්න ආදරෙයි, එත් එක කියාගන්න දෙන්නම දුර්වලයි. එහෙමත් නැත්තම් කොච්චර ආදරෙයි කියල එක්කෙනෙක් කිව්වත් අනිත් කෙනාට එයට ආදරේ කියන්න බැරිවෙන්න හේතු තියනව. එය එයාගේ ආදරේ එලියට දෙන්නේ නැතුව හිතේ තද කරන් ඉන්නවා.

     ගොඩක් සාර්ථක වෙන අදර කතා පිටිපස්සේ නතර වෙන මේවගේ ආදර කතාත් තියෙනවා.  ඔයාලත් දන්නවා ඇතිනේ, මම කියන්න හැදුවේ සතුටින් අවසන් වෙන අදර කතා අතර දුකින් අවසන් වෙන ආදර කතාත් තියෙනවා නේද?


    මිතුරුකමක් ආදරේට හැරුනොත් මිසක් ආදරයක් මිතුරුකමකට පෙරලන්න බෑ. 100%ක් ඇත්ත. මේ කතාවට විරුද්දව කුරු හරි යෝජනාවක් ගේනවනම් මේකේ comment කරන්න. ඒවගේ වෙලාවක සමහර විට එක්කෙනෙක් නතර වෙයි. ඒත් ඒ 2න්නගේම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හරි හිතේ හිරකරන් ඉවසන් ඉන්න ලොකු ආදරයක් තියෙනව. එයට එක ලොකු බරක්. හැමතිස්සෙම ඒ විඩාව පාළුව තනිකම එයට දැනෙනවා.

     අදරේ කරද්දීත්, එක කැඩුනාමත් පලිගන්න හදන, බීල නාස්ති වෙන්න හදන, වෙන කෙනෙක් එක්ක යාලු වෙලා අනිත් කෙනාව රිදවන ආදරේ කියන ඒ ලස්සන දේට මුවාවෙලා ඉන්න නිවටයෝ පිරිසකුත් අපි වටේම ඉන්නවා, දකින්නත් ඇති. ඒත් ඒ වැඩ මේ ආදරේට මුවාවෙලා කරන්න එපා කියල ඒ අයගෙන් මම වැදල ඉල්ලනව. ඒ ලස්සන ආදරේ වෙනුවෙන්.

     ඇත්තම ආදරයක් වුනත් මොකක් හරි ප්‍රශ්නයක් නිසා නතර වෙන්න පුළුවන්. එතැනදී දෙන්න ඉස්සර තිබුණ විශ්වාසය තර කරගන්න ඕනි. ඒ තිබ්බ විශ්වාසය එහෙමම රැකගන්න ඕනි. ආදරේ අවසානයේ තමන් පතපු කෙනාම නොලැබෙන්නත් පුළුවන්. විවාහ වෙන්නේ වෙනත් කෙනෙකු එක්ක වෙන්න පුළුවන්. එතැනදී තමන්ගේ ස්වාමියා, බිරිදට මුල ඉදලම අලුත් ආදරයක් විදියට හිතල ආදරේ කරන්න පටන් ගන්න. පරණ ඒවා ඒ වෙලාවට අමතක කරන්නම වෙනවා.

     ආදරේදී 50% ක් දෙනාට free හම්බවෙන දෙයක් තමයි තනිකම. ඒ වෙලාවට තනිකමට ආදරේ කරන්නම වෙනව. ඒ වෙලාවට වෙන විසදුමක් ඇත්තෙම නෑ තමයි. ඒත් try කරන්න.

     ඒ මොනවා වුනත්, ඔය කාගේත් අපේ හිත නතර වෙච්ච් එක්කෙනෙක් ඉන්නවා. එය අපිට ආදරේ කලත්, එකට හිටියත්, ආදරේ කලේ නැතත්, එකට හිටියේ නැතත් එයා ගැන මේ හිතේ පුංචි තැනක ඉතුරු වෙන පුංචි දේකින් මුළු හිතටම මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනව. එයා මගේ උනානම් කියල පොඩි ඉරිසියවකුත් එනව.

මම ඔයාලට කියන්නේ ඔයාලගේ ආදරේ මොකක් වුනත් ආදරේට ආදරේ කරන්න, ආදරේට වෙර කරල ආදරේ කැත කරන්න එපා යාලුවනේ.

Xxxxxxxxx Xxxxxxxxxx
Feb 22 at 10.14 public
:-( Feeling Sad
පුරුද්දට වගේ හිනාවුනාට මම ඉන්නේ හුගක් දුකින් බ්‍රෝ...
I hate my life, Plz come back i'm alone.

   මේ දවසක් මම බුකියේ දාපු පොස්ට් එකක්, සමහර අය දුක සැප ඇහුව, තවත් සමහර අය බොන්න කතා කෙරුව, තව එකෙක් ජෝක් එකට ගත්ත. Hkz ඒත් දැනගන්න මම මේක අදාල කෙනාට ඇත්තටමයි. මම කවදාවත් බොරුවට ලව් කරන්නේ නෑ. මට ලේසියකින් ආදරයක් ඇති වුනෙත් නෑ. එත් එහෙම හැගීමක් අතු වුනානම් සිරාවට බොක්කෙන්ම එක කළා.
  අදටත් හෙටටත් මම එයාට එදා වගේම ආදරෙයි....

Thursday, April 28, 2016

උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී…

ඉන්දුනිල් රත්නායක නැමති තරුණයෙකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී  සටහනක් මේ වන විට අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතී. පහතින් එම සටහන බලන්න. මොනවා වූනත් කියන්නේ ඇත්ත. මේක කියාගන්න කොන්ද පන නැති එක තමා අපේ එවුන්ට තියන අවුල.

උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී…


appachchi facebook posty www.rawtv.lk 2     උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන් එක්ක මාත් පටි තද කරගත්තා අප්පච්චී. ඒ දවස් වල හැමදාම රෑ 7 ට news බලද්දී මට දැනුනේ action film එකක් බලනවා වගෙයි අප්පච්චී. අපේ සිංහ පැටවු වෙඩ් වරුසා මැදින් ඉදිරියට ම යන ගමනේ මම වැඩිපුරම ආසා කළේ අර අපේ සිතියමේ කොටි ඉන්න තැන් පාට කර කර, ඒක දවසින් දවස අඩුවේගෙන යන කොටස බලන්නයි අප්පච්චී.

     ගිම්හානය අවසානයේ වසන්තය එනාක් මෙන් LTTE ය සහමුලින් ම විනාශ කර උද්දාමයෙන් කැවුම් කිරිබත් කකා නටපු එවුන් අතරේ මමත් හිටියා අප්පච්චී. ඒ සතුට අදටත් මේ පුංචි හිතේ ඒ විදිහට ම තියෙනවා අප්පච්චී. කීව විදිහට ම යුද්ධය ඉවර කරපු උඹ සංවර්ධනයට මුළපිරුව එකට අපි ණයගැතී අප්පච්චි. රට සංවර්ධනය කරන්න ගියපු උඹ කාර්‍යබහුල නිසා, එදා තද කරපු අපේ පටි බුරුල් කරලා යන්න උඹට අමතක වුනා වෙන්න ඇති අප්පච්චී. ඒත් අපි ඒකට උඹ එක්ක තරහා වුනේ නෑ අප්පච්චී.

     ඔහොම පොඩි කාළයක් ගත වෙද්දී ජීවිතේට අහලා දැකලා නොතිබුනු උඹේ සහෝදරයෝ ඇවිත්, උඹේ දෑත් ශක්තිමත් කරන්න ගත්ත විදිහ මාත් පැත්තක ඉඳන් බලන් හිටියා අපප්ච්චී. උගත් කමට සුදුසු කමට තැන දෙන්නේ නැතිව, චන්ද පදනම ගැන විතරක් හිතලා නළු නිළියන් සැට් එකක් දියවන්නාවේ shooting යනවා දැකපු එකම එකා ත් මම විතරක් නෙවෙයි අප්පච්චී. මේ හැම දෙයක් ම දැකලත් නොදැක්කා වගේ ඉන්න තරම් උඹේ උපදේශකයෝ උඹට උගන්නපු දේශප්‍රේමී කතාවට සහ අංග චලනයට රටේ අනිත් උන් එක්ක මාත් වශී වෙලා හිටියා අපප්ච්චී. පපුවට ගහ ගහගෙන ඔළුව කෙළින් කරගෙන දෙමළෙන් දුන්න වදන් ටික මට නොතේරුනත්, එවැනි රඟපෑම් වලින් මිනිසුන් ගේ සැබෑ ප්‍රශ්න යට යන බව තේරුම් ගන්න අනිත් උන් ට වගේ ම මටත් වෙලා ගියා අප්පච්චී.

     හැම දේම වෙනස් වෙන ලෝකේ මගේ ලෝකේ රජෙක් වගේ හිටපු උඹ අපිටත් හොරෙන් ම වෙනස් වුනා අප්පච්චී. සිංහයෙක් වගේ කතා කරපු උඹේ කටෙන් ම, වටේ හිටපු නරින්ගේ වචන ත් එලියට එන්න ගත්තා අපප්ච්චී. කවදාවත් කාටවත් මඩක් ගහපු නැති උඹ අනිත් එවුන් ට මඩ ගහන්න තරම් ආද්‍යාත්මිකව පිරිහුනා දැකපු එකම එකා මම විතරක් නෙවෙයි අපප්ච්චී.

     අප්පච්චි එක්ක, අපප්ච්චිගේ channel වලින් අපිත් අවුරුදු කෑවා, බණ ඇහුවා අප්පච්චිටත් මතක ඇති නේද අපප්ච්චී. අවුරුදු 10ක් තිස්සේ ඕක බලලා බලලා එපා වෙච්ච එකම එකා මම විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු උදා වෙද්දි කුරහං කිරිබත්, කුරහං කොකිස්, කුරහං අළුවා, කුරහං කැවුම් අහලා, දැකලා අරහං වුනේ මට විතරක් නෙවෙයි අපප්ච්චී. පෝය දවසට බුදු බණ අහන්න කියලා tv එක දාපු අපි හැමදාම අහුවේ කාළීන මිහිඳු බන විතරයි අප්පච්චී. ඒ ඇහුවෙත් උඹ ට පක්ෂපාතී පන්සල් වලින් විතරමයි අප්පච්චී.

     මහා ලොකුවට කුරහං සාටකේ පොරවලා, නාමල් බේබි දේශපාළනයට ආවා කියලා උඹ දුන්න promotion එක නම් පංකාදු පහයි අපප්ච්චී. යුද්ධය උච්චත ම අවස්ථාවේ ලොකු බේබි නාවික හමුදාවට යවලා high speed එකේ promotions ගන්න ගිය නිසා, යුධ පෙරමුණට යන්න එයාට වෙලාවක් තියෙන්න නැතුව ඇති අප්පච්චී. ඒත් news වලට යුද්ධෙ පෙන්නපු හැම වෙලේම තුවක්කුව උලුක්කගෙන කොටි කටට දුවපු කොල්ලන්ගේ මූණු අතරේ ලොකු බේබිත් ඉන්නවා ද කියලා බලපු එක ම එකා මම නෙවෙයි අපප්ච්චී. පස්සේ කාළෙක උක්කු පුතා මොකක්ද එකක් උඩ යැවුවා ලු නේද අපප්ච්චී. එදයින් පස්සේ ඒක අපේ මිදුලට වත් වැටිලා ද කියලා මිදුල අතුගාන හැම වෙලේම මම බැලුවා අපප්ච්චී. හැබෑටම කෝ ඒක අපප්ච්චී

     මේ පොඩි එකෙක් වෙච්ච මට ඉතිං ඔය ලොකු ලොකු කතා ගැන ලොකු දැනුමක් නම් නෑ අපප්ච්චී. ඒත් මේ දකින කියන දේවල් එපා වෙලා වෙනසක් ඕනි කලේ මට විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු 6ක් ඉන්න තිබ්බ එක 8ක් කරගන්න ගිහින් 2ක් කළින් ඉල්ලන් කෑවේ මම නෙවෙයි අප්පච්චී. දෙවාරයක් සඳහා වූ ධූර කාළය තුන් වාරයක් කරගෙන උඹට ඕනි වුනේ දිනූ දේශය රැකගන්න මයි කියලා මම හිත හදාගන්නම් අප්පච්චී.

     ඒත් #උඹට_කොතනහරි_වැරදුනා_මයෙ_අපප්ච්චී. උඹට නොතේරුනාට උඹ වටේ හිටපු මැක්කෝ උඹේ සාරය උරා බීවා අපප්ච්චී. රත්තරන් බෝල මිරික මිරික කට්ටඬියො පිරිසකට උඹ රටේ අනාගතේ පාවලා දුන්නා. අපි ඒ ගැන කතා කරන්න ගත්තාම අපේම උන් අපිට බනින්න ගත්තා ” සිංහලයින් ට බොහොම ඉක්මනින් කළගුණ අමතක වෙනවා ” කියලා අපප්ච්චී. ඒත් ඇත්තට ම කළගුණ අමතක කළේ උඹයි අපප්ච්චී. යුද්ධය දිනපු නිසා අපි උඹව දිනෙවුවා අපප්ච්චී. අපි කරපු ඒ දේ නිසා උඹ ආයෙත් රජවුනා අපප්ච්චී. ඊට පස්සේ අපිව අමතක කළේ උඹයි අපප්ච්චී. එහෙම කරපු උඹත් සිංහලයෙක් අප්පච්චී. එදා තද කරගත්ත පටිය නිසා ලේ ගලන තරම් අපිට තුවාල වෙලා අපප්ච්චී. කමක් නෑ ‍යුද්දෙ දින්නා නේ කියලා ඉවසන් හිටියේ මම විතරක් නෙවෙයි අපප්ච්චී.

     කාළයාගේ ඇවෑමෙන් අපිට අලුත් නායකයෙක් ක් ලැබුනා අප්පච්චී.ඒ නායකයා ගේ ගෑනිගෙ මූන වත් මට නම් මතක නෑ. දරු මල්ලෙක් ගේ නමක් වත් මට මතක නෑ.ඒ අපප්ච්චි වගේ ඒ නායකයා promotion කරන්නෙ නැතිනිසා. අප්පච්චි කටපාඩම් කරගෙන දෙමළ කතා කළාට දැන් නායකයාට ඉංග්‍රීසිත් ඒ හැටි බෑ. ඒකට කමක් නෑ බොරු සෝබන නැති එක ම මට නම් ලොකු සතුටක් අප්පච්චී.

     ළඟදීම අළුත් පාර්ලිමේන්තුව පටන්ගනීවි අප්පච්චී. අප්පච්චී ගේ පිටින් ගොඩ ගියපු එවුන් අප්පච්චි ගාවින් ම ඉඳගනීවි. අති ගරු ජනාධිපති කියපු කටින් මන්ත්‍රී තුමෝ කියාවි. අප්පච්චී ගේ කටින් ම පලුයන්න බැනපු එවුන් ඉස්සරහා ඔලුව නමන්න වේවි. එතකොටවත් උඹට තේරේවි මයෙ අපප්ච්චී. උඹට කොතනහරි වැරදුනා. අපි ට උඹ එක්ක පවුද්ගලික අමනාපයක් නෑ අප්පච්චී. අදත් අපි විඳින නිදහස උඹ නිසයි. ඒක අමතක කරලා නෙවෙයි අපි උඹට එරෙහි වුනේ. මිත්‍යා ද්‍රුශ්ටියට, පාපමිත්‍ර සේවනයට ගිහින් උඹ මගේ මහින්ද අප්පච්චිව අපෙන් උදුර ගත්ත නිසයි.

     යුද්ධය නැවත හිස ඔසවනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු අප්පච්චී. රට දෙකඩ වෙනවා නම් අපි ඒකත් එදාට බලාගමු. එදාට අපි උඹ එක්ක ඉන්නවා අප්පච්චී. එදාට මතක ඇතුව අර රත්තරන් බෝල දෙකයි, කට්ටඬියෝ ටිකයි, පාප මිත්‍රයෝ ටිකයි අතෑරලා වරෙන් අප්පච්චී. නැවත යුද්ධයක් ආවොත් මම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නම්. ගිහින් ත්‍රස්තවාදීන් ගොඩකට පනින්නම්. ඒ නිසා දැනට අපි කොරැහේ කිඹුල්ලු දකින්නේ නැතිව කවුරුත් එක්ක එකතු වෙලා අපිට සහ රටට වැරදුන තැන් හදාගනිමු අප්පච්චී….
මෙයට මම උඹේ ඉස්සර පුතා,
ඉඳුවා
( උඹ යන වචනය හදවතට ළඟ වචනයක් නිසා භාවිතා කළා මිසක් කිසිඳු අපහාසාත්මක අදහසක් ඒ තුල නොමැති බව සලකන්න )

කියලයි නැවතීමේ තිත තියල තිබ්බේ.
අනන්‍යතාව සුරැකීම නිසා ඔහුගේ link එකක් නොදැමීමට අපි වගබලා ගත්තෙමු.