Wednesday, May 27, 2015

මට වුන ඇබැද්දියක්.......


අපේ නිලා මල්ලි A/L කාලෙ ගැන post එකක් දාපු හින්දා මාත් හිතුවා මගේ පළවෙනි post එක A/L කාලෙ විච්ච සිද්දියක් ගැන ලියන්න.
            යාලුවනේ, ටියුෂන් clz එකකදි මට වුන ඇබැද්දියක් ගැන තමයි මං ලියන්න හදන්නනෙ.අපි ඉතිං A/L කරන කාලෙ සෙනසුරාදාට උදේ පාන්දර නැගිටලා ලෑස්තිවෙන්නෙ ටියුෂන් clz යන්න්නෙ. මට clz යන්න අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ VCC එකේ කෙල්ලො set එකක් හිටියා. ඒ අතරෙ මං කලින් ගිය ගම්පහ ඉස්කෝලෙ යාලුවෙකුත් හිටියා.එයාට අපි මියෝනි කියමුකො. එයත් අපේ VCC  set එකත් එක්ක ගොඩක් එකතුයි. අපි ඉතිං හරි උනන්දුවෙන් ඉගෙනගන්න ලමයිනෙ.(ඒක ගැන අපේ  set එක දන්නවා). සෙනසුරාදා උදේ අපිට තියෙන්නෙ උපාලි සර්ගෙ Bio clz එක. ඒ clz එක ඉවර වෙලා තමයි රංජිත් සර්ගෙ Agri clz එක තියෙන්නෙ. Bio clz එක ඉවර වෙලා Agri clz එක පටන් ගන්න ගොඩක් වෙලා තියනවා. ඉතිං අපි කාලා බීලා තවත් ගොඩක් වෙලා තියන හින්දා ගම්පහ shoping පාරක් එහෙම දාලා ආපහු Agri clz එකට එනවා. (අපේ set එකේ ගම්පහ area එක ගැන දන්නැති ඩොටේ ඉදලා ආපු කීපදෙනෙකුත් හිටියා ඉතිං අදාල කට්ටිය දන්නවා, අපි ඉතිං උපන් දා ඉදං ගම්පහනෙ) තාමත් ඒ set එකේ ගොඩක් දෙනෙක් හරිම එකතුයි. හැමදාමත් මගෙ දුක සැප අහන මගෙ හොදම යාලුවාත් ඒ set  එකේම තමයි එයා ගැන වෙන දවසක කියන්නම්කො. හරි දැන් කතාවට බහිමුකො.

ඔන්න ඉතිං අපි shoping කරලා එහෙම ඉවරවෙලා Agri clz එකට ඇවිත් සර් එනකම් පොත් දිගඇරගෙන පාඩමට ලෑස්ති වෙනවලු(පොඩි කයියක් ගහන ගමන් ඉතිං) දන්නැද්ද ඉතිං කෙල්ලො ටිකක් එක ලඟ ඉදගෙන ඉන්නකොට කටවල් පියාගෙන හිටියොත්නෙ පුදුමෙ. අපි එදා ඉදගෙන හිටියෙ clz එකේ පිටිපස්සෙම පෝලිමේ.ඒක ගොඩක් ලොකු hall එකක් නෙමෙයි.පිටි පස්සේ තිබුනෙ ටිකක් කොට බිත්තියක්. අපි ඉතිං හොඳට හේත්තුවක් දාගෙන ඉදගෙන හටියා. මගෙ එහා පැත්තෙ හිටියෙ VCC එකේ  චදී මෙහා පැත්තෙ හිටියෙ මගෙ කලින් ඉස්කෝලෙ යාලුවා මියෝනි.(මේ දෙන්නගෙ නම් ඇත්ත නම් නම් නෙමෙයි හරිද)

  ඔන්න දැන් සර් clz එකට ආවා. දැන් සර් උගන්නන්න පටන් ගත්තා. එදා උගන්නපු පාඩමනම් මට හරියටම මතක නෑ (කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියද මන්දා). A/L කරලා දැන් අවුරුදු කීයක්ද ඉතිං. උගන්න්පු එක පහුවදාට අමතක වෙන අපිට දැන් මතක තියෙයියැ නේද? ඒත් ඒ Bio සහ Agri පාඩම් වලට මං තාමත් ආසයි.ඒ අපේ සර්ලා අපේ හිතට කාවදින විදිහට උගන්නපු හින්දා, මේ වෙලාවෙ මගේ ගුරුවරුන්ට මං හදවතින්ම  ස්තූතිවන්ත වෙනවා. පාඩම් ගැන පස්සෙ දවසක කියමුකො නේද?


ඔන්න දැන් සර් පාඩම උගන්නන අතරෙ එක පාරටම මගෙ ඇගට මොකෙක්ද වැටුණ කියන්නකො, මට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.හරියට අහස කඩාගෙන වැටුනා වගේ, මං කොච්චර බය උනාද කියනවනම් මට කෑගැහුනෙවත් නෑ.මං දැන් හොඳටම කලබල උනා.ඊට පස්සේ  දැන් චදීයි, මියෝනිත් කලබල උනා. බලනකොට මේ කොහෙවත් යන ලේනෙක් මගෙ ඇගට වැටිල තියෙන්නෙ.ලේනත් බයවුන පාර මාවත් සූරගෙන පැනගෙන දිවුවා.දැන් සර්රුත් දැක්ක විච්ච දේ.අපි පිටිපස්සෙ පෝලිමේ හිටපු හින්ද clz එකේ කවුරුත් සිද්ධිය දැක්කෙ නෑ.




 හොදම වැඩේ කියන්නෙ ලේනා වැටුනෙ මගෙ ඇගට ඒ උනාට කෑගහන්න ගත්තෙ එහා පැත්තෙ හිටපු මියෝනි. Clz එකේ ලමයි හිතුවෙ ලේනා වැටුනට මං කෑගහනවා කියලා. දැන් හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඒත් මියෝනි ඉදගෙනම උඩ බලාගෙන තවත් කෑගහනවා. දැන් කට්ටිය දැක්කා මියෝනි තමයි කෑගහන්නෙ කියලා, එයා උඩ බලාගෙන තවත් කෑගහන හින්දා මාත් උඩ බැලුවා. මෙන්න තඩි කලු පූසෙක් අර කොට බිත්තියෙ ඉන්නවා අපේ ඇගට පනින්න බලාගෙන. එවලෙනම් මටත් කෑගැහුනද මන්දා.පස්සෙ මියෝනියි මායි එවලෙම නැගිටලා එහාට ගියා.



 පස්සෙනෙ seen එක තේරුනේ පූසා ඇවිත් තියෙන්නෙ ලේනාව පන්නගෙන. ඒක තමයි ලේනා මගෙ ඇගට පැන්නෙ. පූසාත් පැන්නනම් එහෙම අපි මොනවා කරයිද කියලා හිතාගන්න බෑ. සමහර විට ආයෙ clz එකට තියා ගම්පහටවත් යන්න බැරිවෙයි. මට දැන් මේ කතාව ලියනකොටත් මට ඒ සිද්ධිය මැවිලා පේනවා, හිනත් යනවා. ඊට පස්සෙ clz එකේ හිටපු කොල්ලො ටික විහිලු කරන්න ගත්තනෙ, ලේනා පවුලු”, ලේනාට මක්වෙලාද දන්නෑ කිය කියා විහිලු කරා, සර්ටත් හිනා ඉතිං.

 ඔන්න දැන්  ඊලග සතියෙ කට්ටියට  ඒ seen  ඒක අමතක ඇති කියල හිතාගෙන මං clz ගියා, සර් clz එකට ආපු ගමන් කියුවෙ අන්න ඹයාගෙ ඇගට වැටුන ලේනා පාරෙ මැරිලා ඉන්නවා කියල මේ පිරිමි ලමයි කියන්නෙ කියලා,බලන්නකො මට ලැජ්ජාවෙ බැරුව ගියා. මට ඉතිං අර ලේනයි , පූසයි ගැන පුදුම තරහක් ආවෙ. කොහොමත් මට ලේනොත් එක්ක පොඩි තරහක්  තියනවා. ඇයි ඒ කියලා ආයෙ දවසක ලියන්නම්කො...... හොඳ වෙලාවට ලේනන්ට facebook account එකක් වත් blog එකක් වත් නැති උනේ. නැත්නම් ලේනෙක් එහෙම මේ post එක බැලුවොත් මං ඉවරයි. heeee. 

මට වුන ඇබැද්දිය කියවලා ඔයාලට මොකද හිතුනෙ කියල පහලින් comment එකක් දාගෙනම  යන්න යාළුවනේ..................


6 comments:

  1. ලේන පව් පුස පව්ව්ව්ව්ව්............

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ මං පව් නැද්ද????

      Delete
  2. ඔය සත්තුත් එක්ක තියන තරහ මරහ අමතක කරලා දාන්න තිලිණි අක්කේ.

    ReplyDelete
  3. ඒ කාලෙ එක්කෙනෙක් එක්ක පොඩි තරහක් තිබුණා...මේ සිද්ධිය වෙන්න කලින් ඉදන්...ඒත් එයත් එක්ක දැන් තරහ නෑ....

    ReplyDelete