Monday, May 25, 2015

A/L ලංවෙද්දි තනි ඇහැට අඩුන කාලේ අපු msg එකක්.

          ඔන්න දැන් මම මේකේ පලවෙනි Post එක ලියනවා. මොකක්ද ලියන්නේ කිය කියා ඉන්නද්දී තමයි මට මේක මතක් වුනේ. ඔයලට මතකද ඔයාල A/L කරපු කාලේ, කට්ටිය මාර ප්‍රෙෂර් එකක නේ හිටියේ... මොකද මමත් ඒක හොදට දන්නවනේ. ඉතින් ඔයා කාලේ මගේ යාලුවෙක් මට එවපු msg එකක් මම ගව තිබුණ...  එච්චර පරණ msg කොහේ තියන ඉන්නවද කියල ඔයාලා හිතයි. මගේ පුරුද්දක් තමයි හිතට වදින දෙයක් හම්බුනොත් ඒක කොහොම හරි පරිස්සමට තියා ගනිල්ලා. මේකත් එහෙම තමයි.
 

        මේකේ මාර තේරුමක් ඒ දවස්වල තිබුණ. ලියපු කෙනා මෙකට නම දීලා තිබුනේ දිගු දෑස A/L Remix එක කියල. බලන්නකෝ.

ඇඩ්මිෂන් දුටුවාම
ඇඩෙනවා තනි ඇහැට
...
(පවන් මේ පේපර් එක අමරුයිලු පවන්...)
පෙම් කරපු තැන් එහෙම
මට තවම අමතකය...

(අනේ පවන්, දැන් නිදාගන්න පවන්. දැන් ගොඩක් රෑ වෙලා,
අපි හෙට පාඩම් කරමු පවන්...)
ප්‍රතිඵලය එන කාලේ
කොහෙද අපි හැන්ගෙන්නේ...
ඉඩ දෙන්න මගේ මිතුරේ
සැගවෙන්න ඔබෙ නිවසේ...

(දම්සාරි, මම ‍ෆේල් දම්සරි....)
(ඔව්ව මහා පවු සිද්ද වෙන වැඩ බන්දුල...
දරුවෝ වෙනුවෙන් නොකරපු දේත් කරන්න වෙනව බන්දුල...)
(උන සේරම දේවල් අමතක කරල අපි ආයි විභාගේ කරමු දම්සාරි...)

       මේක ඒ දවස්වල එවුවේ මගේ හොදම යාළුවෙක්. උගේ චරිත කතාවත් ඒ දවස්වල මෙකට ලාවට වගේ ගැලපුනා. හැබැයි උන සේරම දේවල් අමතක කරල ආයි විභාගෙනම් ලිවුවේ නෑ. දෙන්න වෙන්වෙලනම් ගියා. හැබැයි දැන් ඒ පොර හොද තැනක ඉන්නවා. මටත් සතුටුයි.

හරි එහෙනම් මම යන්නම්.
දැන් මූ මව හොයාගෙන එයිද දන්නෙත් නෑ... බේරෙන්ඩ එපෑ... මම ගියෝ... bye bye CU

කියන්න දෙයක් තියෙයිනම් පහලින් ලියල තියන්ඩෝ.. මම අපු වෙලාවක බලන්නම්....

4 comments:

  1. කියෙවුවම නිකම් මොකද හිතෙන්නේ?

    ReplyDelete
  2. kathawa niyamaiiii. A/l kale padam karapu hati mathak unaaa..

    ReplyDelete
  3. kathawa niyamaiiii. A/l kale padam karapu hati mathak unaaa..

    ReplyDelete
  4. මටනම් මතක් වෙද්දීත් දුක තමා...

    ReplyDelete