Sunday, November 1, 2015

අම්ම තාත්ත නැති ලෝකයක් නෑ බන් අපිට...

"" පොඩි පා තියද්දි 
පැටලි වැටුනා වාරැ නැතිව
කවුරැන්ද උන්නේ ලග
අම්මේ නුබ මිස..
කර තියන් මා
නුබ ගියා දුරක් වෙහෙසක් නැතිව
නොරිදා මගේ පොඩි පය
මගේ අප්පච්චි...
හෙමින් උස් මහාත් වු විට
මා දුරක් යන්න පා ඔසවද්දි
මතක් උනා නුබගේ සෙනෙහස
හෙමින් පය තියන් යන්නම් මම
ඔබේ පා යුග වැද
නුබේ ආශිර්වාද මත
නොවැටි මගේ අරමුණට...
මා නුබේ දඩබ්බර සිත .... ""

 ලස්සන නිර්මාණයක්, දෙමාපියන් දුකින් හඩවන මේ කාලයේ දෙමාපියන්ගෙන් සතුටු කදුළු වට්ටවන්නට උරදුන් මොහු නමින් ප්‍රසාද් සම්පත් ය. ඔහුගේ පෙර නිර්මාණ මෙන්ම හරවත් යමක් ඔබ හමුවේ තබන්නට ඔහු ගත් වෙහෙසට ස්තුතී...
ඔහුගේ තවත් නිර්මාණ රසවිදින්නට මෙතනින් යන්න.

Friday, October 30, 2015

"උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ"

fb එකේ කාලේ කකා ඉන්නකොට තමා මේ post එක දැක්කේ.
කතාවනම් මගේ නෙමෙයි. ලියල තිබුනේ කවුද කියල මට මතක නෑ...
එත් හිතුව ඔයාලටත් කියවන්න දෙන්න......
කියවලම බලන්නකෝ...
මේක මේ සමාජයේ සිදුවන සත්‍ය දුක්බර කතාවක්.....
*************************************************************************
මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
"ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා......"
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..
මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
   එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
    -නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
    -උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
    -උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
    -ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
    -ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
    -එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
    -ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
    -පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
    -කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
   මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
   මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
   අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......
*****************************************************************************
ඔයා හිතන්න ..
SHARE කරන්න ..
මේ කතාව තව කාගේ හරි ජිවිතයක් වෙනස් කරයි
මේක ලියපු කෙනාටත් සුභ පතමු... සමාජයේ තරුණ පරපුර පිළිබද කතා නොකරන පැත්තක් කතා කිරීම සම්බන්දයෙන්...

Monday, August 3, 2015

ආදරයට ආදරය විසින් ලියමි.

"""ඇස් පුරවන් කදුළු දග කරද්දි හෙමින් ඇසි පිය වැදුනා..හරිම හිතලට ගලන් කම්මුල් දිගේ ගිය කදුලක් මගේ පා මුල වැටිලා බිදිලා යද්දී මං ඒ කදුල රැක ගන්න ගියෙ නෑ..
මතක් වෙන්න තරම් ලස්සන ආදරයක් මට තිබ්බෙ නෑ...එ කියලා මං ආදරේ නොකර උන්නෙත් නැ.චුටි තරැ ඇස් දෙකක් මේ දගකාර හිත හොරකම් කලා..හරිම අහාංකාර විදිහට..මාත් හින මැව්වා,ජිවිතේ හෙව්වා,,හිනා උනා,,එත් අද තනිවෙලා අඩනවා..මොනා කරන්නද..මේ ජිවිතේ ..මටයි ඔයාටයි කියා වෙනසක් කරන්නේ නෑ..මොනා කරනද..
කදුලට කතා කරගන්න බැරිව බිදිලා යද්දි මේ හිත කෑ ගහාන් අඩන්න හදද්දි මං තරවටු කලා..""ඇයි ඔයා අඩන්නේ..ඔයාට ආදරේ නැති එයා නිසා.."" හිත මට කිවා...
මං එයාට ආදරේ යි..ගොඩක්..
පුදුමයි හිත මුරන්ඩුයි...ගොඩක් මං ඈත අහාසට හිනා වෙලා හිතට කිවා...
"" එපා ආදරේ වෙන්න ..එයා කදුලක්...
හිත කිවේ මෙච්චරයි...
"""තරැ එක්ක හද තරහා වෙනවාද,,නෑ..එත් හද අහාස තරැ එක්ක තරහා වෙලා අමාවක ගෙනවා..එදාට අහාසම පාළුවට යනවා ...එත් තරැවක් කවදාවත් අහාස තනි කරන් නැ නෙද..?
මං මොනා කරන්නද...? ඔයාට ආදරේ නොකර...
හොද අනාගතයකට සුබ පතන්න විතරයි මට දැන් පුළුවන්...
මීට පිස්සු ශාන්.....
උදව්වට හිටපු Ds උබව අමතක නොකර බෑ. thankz a lot.

Friday, July 31, 2015

Google අපිට FREE Internet දෙනවැයි කියපුවාම අපේ අය කියන කතා...

Google සමාගම සහනදායක මිලකට Internet ලබාදීම පිළිබද දේශපාලන පිටියේ පළවූ අදහස් කිහිපයක්
උපුටාගැන්ම-පැනියා පිටුව
අපි බ්රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා -රනිල්
මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ - මෛත්රී
අපේ කාලේ මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ - මහින්ද
SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා - අනුර
මේක ජාත්යන්තර කුමන්ත්රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා - වීමල්
මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා? - වාසු
මේ ව්යාපෘතිය හරි නොගියොත් මා දේශපාලනයෙන් සමුගන්නවා - හරීන්
නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන් - බන්දුල
ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොර්..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද? - රන්ජන්
මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ - මර්වින්
මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න චතුර සේනාරත්න
ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා - තිස්සගේ දුව
මොනවා?බැලුන් උඩ අරිනවා?රට විනාසයි..වෙනස සැපද හිටං??දිනූ දේසය අනතුරේ මහින්ද අගමැති කරමු.. - බයියා
නැව් නැති වරායවල් වගේද?පලේන් නැති එයාර් පොට් වගේද?මෙන්න නියම සංවර්ධනේ..යහපාලනයට ජයවේවා - ටොයියා.

අපිට මේ ගැන කිව්වේ Sachith Pramodya Kannangara සහෝදරයා... ඔයාලටත් මෙහෙම මොනවා හරිම දෙයක් අපිට කියන්න හිතුනොත්, අපිත් එක්ක බෙදා ගන්න හිතුනොත් ටක් ටක් ගාල අපේ විද්‍යුත් ලිපිනයට ලියන්න. nkcreation99@gmail.com

Wednesday, June 17, 2015

කාලේ හොදයි කෙල්ලේ හිතුවනම් ඇදුම ගැන...

      මුලින්ම ලියන්න හිතුනා සමාජයට වැදගත් Blog එකක්. ඒකට ela kiri වගේ වගේ Set වෙන සින්දුවකුත් හම්බුනා. කියවලා ඉන්නකෝ ඉස්සේල්ලා සින්දුව එහෙනම්...

    අරුමෝසම් ඇදුම් දැකලා මගතොට යන           කෙල්ලෝ බලලා..
    මගේ ඇහේ පොටත් ගිහිල්ලා...
    දෑස නිලංකාර වෙලා ඇගපොත කිලිපොලා       ගියා..
    ඉන්න තැනත් මතක නැති වුනා...

    අර පැත්තට මේ පැත්තට ඒ මදිවට හැරිලා       බලලා..
    මගේ බෙල්ල උලුක්කු වීලා...
    උඩත් නැති යටටත් නැති ඇදුම් අදින                 කෙල්ලෝ දැකලා..
    මගේ මේ මුලු ගත සීතල වීලා...

    බස් එකකට නගින්න බෑ නැග්ගත්                     ඉදගන්නත් බෑ..
    මෙහෙම ඇදුම් මොකට ඇන්දද...
    මේ සිංහල රට නොවේද සංස්කෘතිය කියල       දෙන්න..
    දෙමපියන් දන්නේම නැද්ද...

      විලසිතා ගැන මේ සින්දුව කරලා තියෙන්නේ 'ලියාරා' සංගීත කන්ඩායම. ඒකේ show එකක් අහදී තමා ඔන්න ඔය සින්දුව මට Set උනේ. අද විලාසිතා කරනවා කියලා කෙල්ලෝ කරන්නේ බාගේට ඇදුම් අදින එකයි. එක ලස්සනාවක් විලාසිතාවක්වත් නෙමෙයි. ඒක තමා විසින්ම චරිතය ඝාතනයට ලක් කරගෑනීමක් කියලා තමා මමනම් හිතන්නේ.
     ඇත්තට මේ අරුමෝසම් මොනවද මන්දා බස් එකක , ප්‍රසිද්ධ ස්ථානයක පහසුවෙන් ඉදගන්නත් බෑ ඉන්නත් බෑ. Hand Bag තියෙන හින්දා හොදා ඉතිං වගෙන ඉන්න. තමා විසින්ම තමුන්ව අපහසුතාවට පත්කරගන්නවා. ඒත් හිතන් ඉන්නේනම් හරි ලස්සනයි කියලා තමයි. අනේ මන්දා ඒ උනාට දකින අයට මහා විලිලැජ්ජාවක් වුන්ටනම් මන්ද ඉතිං. පෙලක් කෙල්ලෝ දැන් ලෙගින් කියලා එකක් ඇදගන්නවා ඇගේ ලැකර් ගාලද හිතේනවා ඇගට ඇලිලා තියෙන හැටි දැකාම අවුලක් නෑ ඒකත් අර Top එක ඇන්දනම්. පෙලක් කෙල්ලෝ එකත නෑනේ.
     ගෙදරින් තමන්ගේ දුව එළියට බැහලා යනකොට අම්මට තාත්තාට පෙනේ නැද්ද මන්දා ඇදැන් යන්නේ කොහොමද කියලවත්. හ්ම්ම්ම් ඒකත් පෙන්නේ නෑනේ දැන් කාලේ දෙමාපියන්ට වැදලා යන පුරුද්දක් නෑනේ ලගට ගිහින්. Bye අම්මා මං යනවා කියලා යනවා මිසක් අම්මා කොහෙවත් ඉද්දී.
     කොලන්නට කියන්න තියෙන්නේ ඉතිං ඔයාගේ අක්කා , නංගී , ඔයාගේ පෙම්වතී අදින්නේ මොනවද , ඇදන්ගියේ මොකකද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නා කියල. නැත්තම් සමාජයේදී ළක්වන්නේ ඇය යි. ඔබත් සමහර විට සමජයේදී බැනලා තියෙන්නේ අන්තිමට ඇයට යි.
    අන්තිමට කියන්න තියෙන්නේ මෙහෙම ඇදන් යන කෙල්ලෙක්ගේ ඇදුමක් දිහා කොල්ලෙක් බලනව දැක්කොත් අපෙ ලොකු වැඩිහිටියෝ කියන්නේ ෂික් අර කොල්ලගේ තියෙන වනචරකම අර කෙල්ල දිහා අර වනචර කොල්ලා බලන් හිටපු හැටි කියලා. බලපු කොල්ලා වනචරයා අර කෙල්ලා අම්මෝ හරි හොද. ඇදුම් නැතුව ගියත් කෙල්ල හොද එකී. බලපු කොල්ලා වනචරයා...


 සංවාදයට Open...

Tuesday, June 16, 2015

චංගුමී කතාව බලපු නෝනලාගේ මහත්වරුන්ගේ දුක් අදෝනාව....


      ඔන්න අද අලුත් පොස්ට් එකක් ලිව්ව, මේක විශේෂයෙන්ම ලිව්වේ බැදපු අයට. ඔයත් බැදපු එක්කෙනෙක්නම් බලන්නකෝ ඔයාටත් මේ වැඩේ උනාද කියල. අනිත් අයත් මේක කියවල එක්ස්පීරියන්ස් ගත්තටනම් පාඩුවක්නම් වෙන්නේ නෑ හොදේ.. හික්ස්....
    අපේ රට කොරියන් වර්ෂන් එකට ගිය කාලේ මෙන්න මෙහෙමලු.........

වැඩ ඇරිලා වෙහෙස වෙලා දවස ගෙවාලා
ගෙදර ආවේ බිරින්දෑගේ සුවය සොයලා
අනේ වෙනදා මෙන් නෑ සතුටක් මගේ රුව බලා
අලුත් කෙනෙක් ටීවී එකේ ඔන්න රජවෙලා

මචන් අලුත්  කෙනෙක් ටීවී එකේ ඔන්න රජවෙලා

වෙච්ච විනාසේ අහපන් රාලේ
සුජාත දියණියක් ඇවිත් ගෙයි මැද සාලේ
වෙච්ච විනාසේ අහපන් රාලේ
සුජාත දියණියක් අපේ ගෙයි මැද සාලේ

පාට පාට කෑම හදයි රසපි යොදලා
කොහොම කයිද මන්දා බඩ එනව පුරාලා 
අපේ ගෙදර කෑම මෙසේ බැලුවෙ එබීලා
සම්බෝලයි බතුයි අපට රෑට උයාලා
නෝන සම්බෝලයි බතුයි අපට රෑට උයාලා

චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
දැන් වෙලාවකට කන්න බොන්න නෑනේ චංගුමී
චංගුමී චංගුමී මේ බලන් චංගුමී 
මන් ඇදිල පැදිල කෙට්ටු වෙලා නේද චංගුමී

ඇඩුවොත් චංගුමී අපේ නෝන අඩනවා
හැබැයි හිනා වුනොත් එයා සොමියේ ඉන්නවා
මොනවා උනත් මිනිහ මමයි දුක ඉවසනවා
වැල යන පැත්තට මං මගේ මැස්ස ගහනවා

චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
දැන් වෙලාවකට කන්න බොන්න නෑනේ චංගුමී
චංගුමී චංගුමී මේ බලන් චංගුමී 
මන් ඇදිල පැදිල කෙට්ටු වෙලා නේද චංගුමී//
චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
මට පොඩි පොඩි වැඩ මිස් වෙනවා නිතර දෙවේලේ......

මරු නේ..
අද සමාජය දිහා බලල මේ සින්දුව ලිව්වේ, කිව්වේ Oxygen බෝයිස්ලා... 
   Thankz ආ...
හිතෙන දෙයක් තියෙනවනම් comment කරන්නකෝ..
   එහෙනම් මම යනව, බායි......

Tuesday, June 9, 2015

ඔය ළමය කියන්න බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

එක දවසක් පාසල් පරීක්ෂකවරයෙක් පසලකට ගියේය. අටේ පන්තියට යනකොට ඒ පන්තියේ ඉතිහාසය උගන්නනවා. ටික වෙලාවක් බලාගෙන හිටපු පරීක්ෂකවරයා ළමයෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවේය.
 

"ඔය ළමය කියන්න බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ?"

"අනේ සර් මම නම් නෙවෙයි, මේ ඉස්කෝලේ මොනවා උනත් අල්ලන්නේ මාවමයි. මට මොකටද දුන්නක්. මම දුන්නක් දැකලවත් නෑ." ළමයා උත්තර දුන්නේය.

පරික්ෂකට හොදටම කේන්ති ගිහින් ගුරුවරයා දිශාවට හැරුණා.

"මොකක්ද මේ ළමයින්ට උගන්වන විදිය. මේ ළමයා රාවණාගේ දුන්න ගැන දන්නෙ නෑ."

"අනේ සර් මම දන්නවා මේ කොල්ලගෙ හැටි. ඔය දුන්න කඩන්න ඇත්තේ ඕකම තමයි. මම මූට හොදටම තලනවා."  අසරණ වුණු ගුරුවරයා කිවුවේය.


පරික්ෂකට තවත් කේන්ති ගිහින් විස්තරය විදුහල්පතිට කිව්වේය.

"ඔය ගුරුවරයා ලගදී ඉස්කෝලෙට ආවේ. මිනිහා ළමයි ගැන වැඩිය දන්නෙ නෑ. හැබැයි මම මුන්ව හොදට දන්නවා. ඕක කඩන්න ඇත්තේ අටේ පන්තියෙ ළමයිම තමයි.  උන් මුළු ඉස්කෝලෙම වනසනවා" විදුහල්පති කිවුවේය.

පරීක්ෂකවරයා ලොග් පොත අරගෙන සටහනක් දැම්මේය.
"රාවණාගේ දුන්න කඩුවේ කවුදැයි පාසලේ ළමුන් පමණක් නොව ඉතිහාසය ගුරුවරයා හෝ පාසලේ විදුහල්පතිවරයාද නොදනී.පාසලේ කටයුතු ඉතා දුර්වලය."

සති දෙකකට පසු විදුහල්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක් ලැබුනේය. එහි මෙසේ සදහන් විය.

"රාවණාගේ දුන්න කැඩුණු ආකාරය කිසිවෙකු නොදන්නේ යැයි පාසල් පරීක්ෂකවරයා දන්වා ඇත. කවුරුන් කඩා දැමුවද මේවා රජයේ දේපලය. ඉන්වෙන්ට්‍රියට ඇතුළු කිරීම සදහා කැඩුණු දුන්නේ කැබලි දෙක වහාම කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයට භාර දෙන්න."

උපුටා ‍ගැනීම : wWw.LankaFunStory.Com අඩවියෙන්.

     මේ කථාව තුළ හාස්‍ය අන්තර්ගත වුවත් එමගින් අපේ ජිවිතයට බොහෝ දේ එක්කරගත හැකියි. පොඩ්ඩක් හිතල බලන්න. එතකොට ගොඩාක් දේවල් තේරුම යයි.....

  

   හරි ඔන්න අපි යනව, හැබැයි මේ පොස්ට් එක කියවල දන්න ලොක්කෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න බලන්න.
  

Thursday, May 28, 2015

කස්ටියක් PiZzA කෑව හැටි......

සැ.යු.සත්‍ය කතාවකි, නම් ගම් දන්නෝ දනිති. Hkzzzz.....

       ඔන්න ඉතින් දවසක් අපේ කොල්ලෝ දෙන්නෙක් ගමනක් ගිහින්. ටිකක් දුර, පොඩි වැඩකට. ඉතින් දෙන්න වැඩේ ඉවර කරල එන ගමන් එක කොල්ලෙක් අනිත් කොල්ලට පොඩි අදහසක් දැම්ම. "මචන් අපි PiZzA hUt යමු." ඔන්න ඉතින් දෙන්න එකතුවෙලා DoMiNoS එකට ගිහින්. HuT යන්න කතා වුනාට දෙන්න අතේ තිබුණු ගානට සෙට් වුනේ DoMiNoS එක. ඉතින් දෙන්න එකට ගිහින්.
ඔන්න ඉතින් දෙන්න අතුලට යද්දීම බඩ පිරිලා. ඇතුලට යද්දීම දැක්ක කෙල්ලෙක් හින්ද, ඔවුවත් බල බලා ඇතුලට ගිය දෙන්නට පොතක් දීල, අහල මොකක්ද ඕනේ සර් කියල. පෙරලල බලපු දෙන්න මූණට මුණ බැලුවලු. ReSiPi ගොදයිලු, කෝක කොහොම ඕඩර් කරන්න කියල මුන් දෙන්නට හිතාගන්න බැරිවෙලා. කොහොම හරි PiZzA රවුම් ඇදල ඒවා ඉස්සරහින් ගණන ගහල තිබුණු නිසා මුන් දෙන්න කොහොම හරි අඩුම ගානට තිබුණු එකක් ඕඩර් කරාලු.

         දැන් දෙන්න ගිහින් එක TaBlE එකකට ගියාලු. PlAcE එක SeT වුනේ නැති හින්ද වෙන තනකට ගිහින් ඉදගෙන ඉන්දියා - බංගලාදේශ් මැච් එක බලල. (එතකොට මේක වෙලා තියෙන්නේ 2015 CWC sEaSoN කාලේ නේ...) ඒ කොහොම වුනත් මුන් දෙන්න  පැය කාලක් විතර කෑම හදන හැටියි, මැච් එකයි තාමා බලන ඉන්න වෙලා තියෙන්නේ. කොයි වෙලේ ගෙනත් දෙයිද, කියල බල බලා ලු හිටියේ. මුන් දෙන්න කටේ කෙල වෙලෙනකම් කෙල ගිලින්න ඇති නේ......
හරි විනාඩි 20ක් විතර ගියාට පස්සේ දෙන්නට PiZzA 2 ක් ආවලු. BoX එකක දාල CD රවුමක් තරම් SiZe ඒක 2cm විතර ඝණකමයිලු. දෙන්න කන්න කලින් හිත පුරවන් කන්න පටන් අරන්. එක කෑල්ලක් කද්දී දෙන්නටම PiZzA එපා වෙලා. අපරාදේ සල්ලි කියල මුන් දෙන්න අමාරුවෙන් කාල තියෙන්නේ. ඉතින් සල්ලි ගැන කතා කරද්දී මේ වෙද්දී රු1000 පන්නල.
 

         නිකම් කන්න බෑ කියල දෙන්න CoKe 2කුත් අරන්.  එකට මුන් දෙන්නට HiNt එකකුත් වැදුන 200ට CoKe බීපු එවුන් කියල. අවුල කියන්නේ PiZzA එකේ අවුලෙන් දෙන්නට මේකවත් බිගන්න බැරිවෙච්චි එක. ඒත් උන් එක්කම PiZa කන්න අපු සුද්දියෝ දෙන්නෙක් රස කර කරා මේකම කනවලු. උන් මොන රහකට කෑවද මන්ද කියල අරුන් අහනවා.  


          කොහොම හරි මුන් දෙන්න එලියට ඇවිත් තියෙන්නේනම් ගිය මුඩ් එකෙන් නම් නෙවෙයි. මුන් දෙන්නට මොනවා හිතෙන්න ඇතිද? එලියට අපු ගමන් එක කොල්ලෙක් අනිකට කිව්වලු "ආයි මම පීස කන්නේ නෑ බන්." කියල. අනිකත් එක ස්ථිර කරලා.

            ඔන්න ඔහොම තමයි අපේ ඒ කොල්ලෝ දෙන්න PiZzA කාල තියෙන්නේ. හොදම හරිය කියන්නේ ඒ එක කොල්ලෙක්ට සතියක් යනකම් බඩ ගිහිල්ල, දුක තමයි. කොහොමද PiZzA එකේ PoWeR එක?  හික්ස්...
 

            මොන මගුලකට මුන් ඔච්චර දීල PiZzA කන්න යනවද මන්ද, ඔය පාර අයිනේ තියන කඩෙකට ගිහින් වඩයක් කාල තේ එකක් බිව්වම තියෙන සැප වෙන කොහෙන්ද? මේ රටේ මිනිස්සුන්ගේ ලොකුකමට වැඩ වුනාට මෙලෝ රහකට ඇති වැඩ නෙවෙයි ඔවුව. තියනවටයි, ලොකුකමටයි තමයි වැඩ. ඔවුව කිව්වයි කියල ඇති වැඩකුත් නෑ ඉතින්.

මුන් කියපු කතාව ඇත්තද කියල බලන්න මමත් එකක් කාල බලන්න ඕනේ.

බායි බායි මම යනව එකක් කාල එන්න. කොමෙන්ට් එකක් දාගෙන කන්න යන කට්ටිය එන්න මම එක්ක. තනියෙන් යන්න අවුල්.

Wednesday, May 27, 2015

මට වුන ඇබැද්දියක්.......


අපේ නිලා මල්ලි A/L කාලෙ ගැන post එකක් දාපු හින්දා මාත් හිතුවා මගේ පළවෙනි post එක A/L කාලෙ විච්ච සිද්දියක් ගැන ලියන්න.
            යාලුවනේ, ටියුෂන් clz එකකදි මට වුන ඇබැද්දියක් ගැන තමයි මං ලියන්න හදන්නනෙ.අපි ඉතිං A/L කරන කාලෙ සෙනසුරාදාට උදේ පාන්දර නැගිටලා ලෑස්තිවෙන්නෙ ටියුෂන් clz යන්න්නෙ. මට clz යන්න අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ VCC එකේ කෙල්ලො set එකක් හිටියා. ඒ අතරෙ මං කලින් ගිය ගම්පහ ඉස්කෝලෙ යාලුවෙකුත් හිටියා.එයාට අපි මියෝනි කියමුකො. එයත් අපේ VCC  set එකත් එක්ක ගොඩක් එකතුයි. අපි ඉතිං හරි උනන්දුවෙන් ඉගෙනගන්න ලමයිනෙ.(ඒක ගැන අපේ  set එක දන්නවා). සෙනසුරාදා උදේ අපිට තියෙන්නෙ උපාලි සර්ගෙ Bio clz එක. ඒ clz එක ඉවර වෙලා තමයි රංජිත් සර්ගෙ Agri clz එක තියෙන්නෙ. Bio clz එක ඉවර වෙලා Agri clz එක පටන් ගන්න ගොඩක් වෙලා තියනවා. ඉතිං අපි කාලා බීලා තවත් ගොඩක් වෙලා තියන හින්දා ගම්පහ shoping පාරක් එහෙම දාලා ආපහු Agri clz එකට එනවා. (අපේ set එකේ ගම්පහ area එක ගැන දන්නැති ඩොටේ ඉදලා ආපු කීපදෙනෙකුත් හිටියා ඉතිං අදාල කට්ටිය දන්නවා, අපි ඉතිං උපන් දා ඉදං ගම්පහනෙ) තාමත් ඒ set එකේ ගොඩක් දෙනෙක් හරිම එකතුයි. හැමදාමත් මගෙ දුක සැප අහන මගෙ හොදම යාලුවාත් ඒ set  එකේම තමයි එයා ගැන වෙන දවසක කියන්නම්කො. හරි දැන් කතාවට බහිමුකො.

ඔන්න ඉතිං අපි shoping කරලා එහෙම ඉවරවෙලා Agri clz එකට ඇවිත් සර් එනකම් පොත් දිගඇරගෙන පාඩමට ලෑස්ති වෙනවලු(පොඩි කයියක් ගහන ගමන් ඉතිං) දන්නැද්ද ඉතිං කෙල්ලො ටිකක් එක ලඟ ඉදගෙන ඉන්නකොට කටවල් පියාගෙන හිටියොත්නෙ පුදුමෙ. අපි එදා ඉදගෙන හිටියෙ clz එකේ පිටිපස්සෙම පෝලිමේ.ඒක ගොඩක් ලොකු hall එකක් නෙමෙයි.පිටි පස්සේ තිබුනෙ ටිකක් කොට බිත්තියක්. අපි ඉතිං හොඳට හේත්තුවක් දාගෙන ඉදගෙන හටියා. මගෙ එහා පැත්තෙ හිටියෙ VCC එකේ  චදී මෙහා පැත්තෙ හිටියෙ මගෙ කලින් ඉස්කෝලෙ යාලුවා මියෝනි.(මේ දෙන්නගෙ නම් ඇත්ත නම් නම් නෙමෙයි හරිද)

  ඔන්න දැන් සර් clz එකට ආවා. දැන් සර් උගන්නන්න පටන් ගත්තා. එදා උගන්නපු පාඩමනම් මට හරියටම මතක නෑ (කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියද මන්දා). A/L කරලා දැන් අවුරුදු කීයක්ද ඉතිං. උගන්න්පු එක පහුවදාට අමතක වෙන අපිට දැන් මතක තියෙයියැ නේද? ඒත් ඒ Bio සහ Agri පාඩම් වලට මං තාමත් ආසයි.ඒ අපේ සර්ලා අපේ හිතට කාවදින විදිහට උගන්නපු හින්දා, මේ වෙලාවෙ මගේ ගුරුවරුන්ට මං හදවතින්ම  ස්තූතිවන්ත වෙනවා. පාඩම් ගැන පස්සෙ දවසක කියමුකො නේද?


ඔන්න දැන් සර් පාඩම උගන්නන අතරෙ එක පාරටම මගෙ ඇගට මොකෙක්ද වැටුණ කියන්නකො, මට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.හරියට අහස කඩාගෙන වැටුනා වගේ, මං කොච්චර බය උනාද කියනවනම් මට කෑගැහුනෙවත් නෑ.මං දැන් හොඳටම කලබල උනා.ඊට පස්සේ  දැන් චදීයි, මියෝනිත් කලබල උනා. බලනකොට මේ කොහෙවත් යන ලේනෙක් මගෙ ඇගට වැටිල තියෙන්නෙ.ලේනත් බයවුන පාර මාවත් සූරගෙන පැනගෙන දිවුවා.දැන් සර්රුත් දැක්ක විච්ච දේ.අපි පිටිපස්සෙ පෝලිමේ හිටපු හින්ද clz එකේ කවුරුත් සිද්ධිය දැක්කෙ නෑ.




 හොදම වැඩේ කියන්නෙ ලේනා වැටුනෙ මගෙ ඇගට ඒ උනාට කෑගහන්න ගත්තෙ එහා පැත්තෙ හිටපු මියෝනි. Clz එකේ ලමයි හිතුවෙ ලේනා වැටුනට මං කෑගහනවා කියලා. දැන් හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඒත් මියෝනි ඉදගෙනම උඩ බලාගෙන තවත් කෑගහනවා. දැන් කට්ටිය දැක්කා මියෝනි තමයි කෑගහන්නෙ කියලා, එයා උඩ බලාගෙන තවත් කෑගහන හින්දා මාත් උඩ බැලුවා. මෙන්න තඩි කලු පූසෙක් අර කොට බිත්තියෙ ඉන්නවා අපේ ඇගට පනින්න බලාගෙන. එවලෙනම් මටත් කෑගැහුනද මන්දා.පස්සෙ මියෝනියි මායි එවලෙම නැගිටලා එහාට ගියා.



 පස්සෙනෙ seen එක තේරුනේ පූසා ඇවිත් තියෙන්නෙ ලේනාව පන්නගෙන. ඒක තමයි ලේනා මගෙ ඇගට පැන්නෙ. පූසාත් පැන්නනම් එහෙම අපි මොනවා කරයිද කියලා හිතාගන්න බෑ. සමහර විට ආයෙ clz එකට තියා ගම්පහටවත් යන්න බැරිවෙයි. මට දැන් මේ කතාව ලියනකොටත් මට ඒ සිද්ධිය මැවිලා පේනවා, හිනත් යනවා. ඊට පස්සෙ clz එකේ හිටපු කොල්ලො ටික විහිලු කරන්න ගත්තනෙ, ලේනා පවුලු”, ලේනාට මක්වෙලාද දන්නෑ කිය කියා විහිලු කරා, සර්ටත් හිනා ඉතිං.

 ඔන්න දැන්  ඊලග සතියෙ කට්ටියට  ඒ seen  ඒක අමතක ඇති කියල හිතාගෙන මං clz ගියා, සර් clz එකට ආපු ගමන් කියුවෙ අන්න ඹයාගෙ ඇගට වැටුන ලේනා පාරෙ මැරිලා ඉන්නවා කියල මේ පිරිමි ලමයි කියන්නෙ කියලා,බලන්නකො මට ලැජ්ජාවෙ බැරුව ගියා. මට ඉතිං අර ලේනයි , පූසයි ගැන පුදුම තරහක් ආවෙ. කොහොමත් මට ලේනොත් එක්ක පොඩි තරහක්  තියනවා. ඇයි ඒ කියලා ආයෙ දවසක ලියන්නම්කො...... හොඳ වෙලාවට ලේනන්ට facebook account එකක් වත් blog එකක් වත් නැති උනේ. නැත්නම් ලේනෙක් එහෙම මේ post එක බැලුවොත් මං ඉවරයි. heeee. 

මට වුන ඇබැද්දිය කියවලා ඔයාලට මොකද හිතුනෙ කියල පහලින් comment එකක් දාගෙනම  යන්න යාළුවනේ..................