Tuesday, June 9, 2015

ඔය ළමය කියන්න බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

එක දවසක් පාසල් පරීක්ෂකවරයෙක් පසලකට ගියේය. අටේ පන්තියට යනකොට ඒ පන්තියේ ඉතිහාසය උගන්නනවා. ටික වෙලාවක් බලාගෙන හිටපු පරීක්ෂකවරයා ළමයෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවේය.
 

"ඔය ළමය කියන්න බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ?"

"අනේ සර් මම නම් නෙවෙයි, මේ ඉස්කෝලේ මොනවා උනත් අල්ලන්නේ මාවමයි. මට මොකටද දුන්නක්. මම දුන්නක් දැකලවත් නෑ." ළමයා උත්තර දුන්නේය.

පරික්ෂකට හොදටම කේන්ති ගිහින් ගුරුවරයා දිශාවට හැරුණා.

"මොකක්ද මේ ළමයින්ට උගන්වන විදිය. මේ ළමයා රාවණාගේ දුන්න ගැන දන්නෙ නෑ."

"අනේ සර් මම දන්නවා මේ කොල්ලගෙ හැටි. ඔය දුන්න කඩන්න ඇත්තේ ඕකම තමයි. මම මූට හොදටම තලනවා."  අසරණ වුණු ගුරුවරයා කිවුවේය.


පරික්ෂකට තවත් කේන්ති ගිහින් විස්තරය විදුහල්පතිට කිව්වේය.

"ඔය ගුරුවරයා ලගදී ඉස්කෝලෙට ආවේ. මිනිහා ළමයි ගැන වැඩිය දන්නෙ නෑ. හැබැයි මම මුන්ව හොදට දන්නවා. ඕක කඩන්න ඇත්තේ අටේ පන්තියෙ ළමයිම තමයි.  උන් මුළු ඉස්කෝලෙම වනසනවා" විදුහල්පති කිවුවේය.

පරීක්ෂකවරයා ලොග් පොත අරගෙන සටහනක් දැම්මේය.
"රාවණාගේ දුන්න කඩුවේ කවුදැයි පාසලේ ළමුන් පමණක් නොව ඉතිහාසය ගුරුවරයා හෝ පාසලේ විදුහල්පතිවරයාද නොදනී.පාසලේ කටයුතු ඉතා දුර්වලය."

සති දෙකකට පසු විදුහල්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක් ලැබුනේය. එහි මෙසේ සදහන් විය.

"රාවණාගේ දුන්න කැඩුණු ආකාරය කිසිවෙකු නොදන්නේ යැයි පාසල් පරීක්ෂකවරයා දන්වා ඇත. කවුරුන් කඩා දැමුවද මේවා රජයේ දේපලය. ඉන්වෙන්ට්‍රියට ඇතුළු කිරීම සදහා කැඩුණු දුන්නේ කැබලි දෙක වහාම කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයට භාර දෙන්න."

උපුටා ‍ගැනීම : wWw.LankaFunStory.Com අඩවියෙන්.

     මේ කථාව තුළ හාස්‍ය අන්තර්ගත වුවත් එමගින් අපේ ජිවිතයට බොහෝ දේ එක්කරගත හැකියි. පොඩ්ඩක් හිතල බලන්න. එතකොට ගොඩාක් දේවල් තේරුම යයි.....

  

   හරි ඔන්න අපි යනව, හැබැයි මේ පොස්ට් එක කියවල දන්න ලොක්කෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න බලන්න.
  

2 comments:

  1. අපරාදෙ රජයෙ දේපල... ඔයා නේද දුන්න කැඩුවේ????

    ReplyDelete
  2. මමනම් දුන්නක් දැක්කෙවත් නෑ.

    ReplyDelete