Tuesday, June 16, 2015

චංගුමී කතාව බලපු නෝනලාගේ මහත්වරුන්ගේ දුක් අදෝනාව....


      ඔන්න අද අලුත් පොස්ට් එකක් ලිව්ව, මේක විශේෂයෙන්ම ලිව්වේ බැදපු අයට. ඔයත් බැදපු එක්කෙනෙක්නම් බලන්නකෝ ඔයාටත් මේ වැඩේ උනාද කියල. අනිත් අයත් මේක කියවල එක්ස්පීරියන්ස් ගත්තටනම් පාඩුවක්නම් වෙන්නේ නෑ හොදේ.. හික්ස්....
    අපේ රට කොරියන් වර්ෂන් එකට ගිය කාලේ මෙන්න මෙහෙමලු.........

වැඩ ඇරිලා වෙහෙස වෙලා දවස ගෙවාලා
ගෙදර ආවේ බිරින්දෑගේ සුවය සොයලා
අනේ වෙනදා මෙන් නෑ සතුටක් මගේ රුව බලා
අලුත් කෙනෙක් ටීවී එකේ ඔන්න රජවෙලා

මචන් අලුත්  කෙනෙක් ටීවී එකේ ඔන්න රජවෙලා

වෙච්ච විනාසේ අහපන් රාලේ
සුජාත දියණියක් ඇවිත් ගෙයි මැද සාලේ
වෙච්ච විනාසේ අහපන් රාලේ
සුජාත දියණියක් අපේ ගෙයි මැද සාලේ

පාට පාට කෑම හදයි රසපි යොදලා
කොහොම කයිද මන්දා බඩ එනව පුරාලා 
අපේ ගෙදර කෑම මෙසේ බැලුවෙ එබීලා
සම්බෝලයි බතුයි අපට රෑට උයාලා
නෝන සම්බෝලයි බතුයි අපට රෑට උයාලා

චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
දැන් වෙලාවකට කන්න බොන්න නෑනේ චංගුමී
චංගුමී චංගුමී මේ බලන් චංගුමී 
මන් ඇදිල පැදිල කෙට්ටු වෙලා නේද චංගුමී

ඇඩුවොත් චංගුමී අපේ නෝන අඩනවා
හැබැයි හිනා වුනොත් එයා සොමියේ ඉන්නවා
මොනවා උනත් මිනිහ මමයි දුක ඉවසනවා
වැල යන පැත්තට මං මගේ මැස්ස ගහනවා

චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
දැන් වෙලාවකට කන්න බොන්න නෑනේ චංගුමී
චංගුමී චංගුමී මේ බලන් චංගුමී 
මන් ඇදිල පැදිල කෙට්ටු වෙලා නේද චංගුමී//
චංගුමී චංගුමී මේ අහන් චංගුමී 
මට පොඩි පොඩි වැඩ මිස් වෙනවා නිතර දෙවේලේ......

මරු නේ..
අද සමාජය දිහා බලල මේ සින්දුව ලිව්වේ, කිව්වේ Oxygen බෝයිස්ලා... 
   Thankz ආ...
හිතෙන දෙයක් තියෙනවනම් comment කරන්නකෝ..
   එහෙනම් මම යනව, බායි......

1 comment: