Thursday, May 28, 2015

කස්ටියක් PiZzA කෑව හැටි......

සැ.යු.සත්‍ය කතාවකි, නම් ගම් දන්නෝ දනිති. Hkzzzz.....

       ඔන්න ඉතින් දවසක් අපේ කොල්ලෝ දෙන්නෙක් ගමනක් ගිහින්. ටිකක් දුර, පොඩි වැඩකට. ඉතින් දෙන්න වැඩේ ඉවර කරල එන ගමන් එක කොල්ලෙක් අනිත් කොල්ලට පොඩි අදහසක් දැම්ම. "මචන් අපි PiZzA hUt යමු." ඔන්න ඉතින් දෙන්න එකතුවෙලා DoMiNoS එකට ගිහින්. HuT යන්න කතා වුනාට දෙන්න අතේ තිබුණු ගානට සෙට් වුනේ DoMiNoS එක. ඉතින් දෙන්න එකට ගිහින්.
ඔන්න ඉතින් දෙන්න අතුලට යද්දීම බඩ පිරිලා. ඇතුලට යද්දීම දැක්ක කෙල්ලෙක් හින්ද, ඔවුවත් බල බලා ඇතුලට ගිය දෙන්නට පොතක් දීල, අහල මොකක්ද ඕනේ සර් කියල. පෙරලල බලපු දෙන්න මූණට මුණ බැලුවලු. ReSiPi ගොදයිලු, කෝක කොහොම ඕඩර් කරන්න කියල මුන් දෙන්නට හිතාගන්න බැරිවෙලා. කොහොම හරි PiZzA රවුම් ඇදල ඒවා ඉස්සරහින් ගණන ගහල තිබුණු නිසා මුන් දෙන්න කොහොම හරි අඩුම ගානට තිබුණු එකක් ඕඩර් කරාලු.

         දැන් දෙන්න ගිහින් එක TaBlE එකකට ගියාලු. PlAcE එක SeT වුනේ නැති හින්ද වෙන තනකට ගිහින් ඉදගෙන ඉන්දියා - බංගලාදේශ් මැච් එක බලල. (එතකොට මේක වෙලා තියෙන්නේ 2015 CWC sEaSoN කාලේ නේ...) ඒ කොහොම වුනත් මුන් දෙන්න  පැය කාලක් විතර කෑම හදන හැටියි, මැච් එකයි තාමා බලන ඉන්න වෙලා තියෙන්නේ. කොයි වෙලේ ගෙනත් දෙයිද, කියල බල බලා ලු හිටියේ. මුන් දෙන්න කටේ කෙල වෙලෙනකම් කෙල ගිලින්න ඇති නේ......
හරි විනාඩි 20ක් විතර ගියාට පස්සේ දෙන්නට PiZzA 2 ක් ආවලු. BoX එකක දාල CD රවුමක් තරම් SiZe ඒක 2cm විතර ඝණකමයිලු. දෙන්න කන්න කලින් හිත පුරවන් කන්න පටන් අරන්. එක කෑල්ලක් කද්දී දෙන්නටම PiZzA එපා වෙලා. අපරාදේ සල්ලි කියල මුන් දෙන්න අමාරුවෙන් කාල තියෙන්නේ. ඉතින් සල්ලි ගැන කතා කරද්දී මේ වෙද්දී රු1000 පන්නල.
 

         නිකම් කන්න බෑ කියල දෙන්න CoKe 2කුත් අරන්.  එකට මුන් දෙන්නට HiNt එකකුත් වැදුන 200ට CoKe බීපු එවුන් කියල. අවුල කියන්නේ PiZzA එකේ අවුලෙන් දෙන්නට මේකවත් බිගන්න බැරිවෙච්චි එක. ඒත් උන් එක්කම PiZa කන්න අපු සුද්දියෝ දෙන්නෙක් රස කර කරා මේකම කනවලු. උන් මොන රහකට කෑවද මන්ද කියල අරුන් අහනවා.  


          කොහොම හරි මුන් දෙන්න එලියට ඇවිත් තියෙන්නේනම් ගිය මුඩ් එකෙන් නම් නෙවෙයි. මුන් දෙන්නට මොනවා හිතෙන්න ඇතිද? එලියට අපු ගමන් එක කොල්ලෙක් අනිකට කිව්වලු "ආයි මම පීස කන්නේ නෑ බන්." කියල. අනිකත් එක ස්ථිර කරලා.

            ඔන්න ඔහොම තමයි අපේ ඒ කොල්ලෝ දෙන්න PiZzA කාල තියෙන්නේ. හොදම හරිය කියන්නේ ඒ එක කොල්ලෙක්ට සතියක් යනකම් බඩ ගිහිල්ල, දුක තමයි. කොහොමද PiZzA එකේ PoWeR එක?  හික්ස්...
 

            මොන මගුලකට මුන් ඔච්චර දීල PiZzA කන්න යනවද මන්ද, ඔය පාර අයිනේ තියන කඩෙකට ගිහින් වඩයක් කාල තේ එකක් බිව්වම තියෙන සැප වෙන කොහෙන්ද? මේ රටේ මිනිස්සුන්ගේ ලොකුකමට වැඩ වුනාට මෙලෝ රහකට ඇති වැඩ නෙවෙයි ඔවුව. තියනවටයි, ලොකුකමටයි තමයි වැඩ. ඔවුව කිව්වයි කියල ඇති වැඩකුත් නෑ ඉතින්.

මුන් කියපු කතාව ඇත්තද කියල බලන්න මමත් එකක් කාල බලන්න ඕනේ.

බායි බායි මම යනව එකක් කාල එන්න. කොමෙන්ට් එකක් දාගෙන කන්න යන කට්ටිය එන්න මම එක්ක. තනියෙන් යන්න අවුල්.

Wednesday, May 27, 2015

මට වුන ඇබැද්දියක්.......


අපේ නිලා මල්ලි A/L කාලෙ ගැන post එකක් දාපු හින්දා මාත් හිතුවා මගේ පළවෙනි post එක A/L කාලෙ විච්ච සිද්දියක් ගැන ලියන්න.
            යාලුවනේ, ටියුෂන් clz එකකදි මට වුන ඇබැද්දියක් ගැන තමයි මං ලියන්න හදන්නනෙ.අපි ඉතිං A/L කරන කාලෙ සෙනසුරාදාට උදේ පාන්දර නැගිටලා ලෑස්තිවෙන්නෙ ටියුෂන් clz යන්න්නෙ. මට clz යන්න අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ VCC එකේ කෙල්ලො set එකක් හිටියා. ඒ අතරෙ මං කලින් ගිය ගම්පහ ඉස්කෝලෙ යාලුවෙකුත් හිටියා.එයාට අපි මියෝනි කියමුකො. එයත් අපේ VCC  set එකත් එක්ක ගොඩක් එකතුයි. අපි ඉතිං හරි උනන්දුවෙන් ඉගෙනගන්න ලමයිනෙ.(ඒක ගැන අපේ  set එක දන්නවා). සෙනසුරාදා උදේ අපිට තියෙන්නෙ උපාලි සර්ගෙ Bio clz එක. ඒ clz එක ඉවර වෙලා තමයි රංජිත් සර්ගෙ Agri clz එක තියෙන්නෙ. Bio clz එක ඉවර වෙලා Agri clz එක පටන් ගන්න ගොඩක් වෙලා තියනවා. ඉතිං අපි කාලා බීලා තවත් ගොඩක් වෙලා තියන හින්දා ගම්පහ shoping පාරක් එහෙම දාලා ආපහු Agri clz එකට එනවා. (අපේ set එකේ ගම්පහ area එක ගැන දන්නැති ඩොටේ ඉදලා ආපු කීපදෙනෙකුත් හිටියා ඉතිං අදාල කට්ටිය දන්නවා, අපි ඉතිං උපන් දා ඉදං ගම්පහනෙ) තාමත් ඒ set එකේ ගොඩක් දෙනෙක් හරිම එකතුයි. හැමදාමත් මගෙ දුක සැප අහන මගෙ හොදම යාලුවාත් ඒ set  එකේම තමයි එයා ගැන වෙන දවසක කියන්නම්කො. හරි දැන් කතාවට බහිමුකො.

ඔන්න ඉතිං අපි shoping කරලා එහෙම ඉවරවෙලා Agri clz එකට ඇවිත් සර් එනකම් පොත් දිගඇරගෙන පාඩමට ලෑස්ති වෙනවලු(පොඩි කයියක් ගහන ගමන් ඉතිං) දන්නැද්ද ඉතිං කෙල්ලො ටිකක් එක ලඟ ඉදගෙන ඉන්නකොට කටවල් පියාගෙන හිටියොත්නෙ පුදුමෙ. අපි එදා ඉදගෙන හිටියෙ clz එකේ පිටිපස්සෙම පෝලිමේ.ඒක ගොඩක් ලොකු hall එකක් නෙමෙයි.පිටි පස්සේ තිබුනෙ ටිකක් කොට බිත්තියක්. අපි ඉතිං හොඳට හේත්තුවක් දාගෙන ඉදගෙන හටියා. මගෙ එහා පැත්තෙ හිටියෙ VCC එකේ  චදී මෙහා පැත්තෙ හිටියෙ මගෙ කලින් ඉස්කෝලෙ යාලුවා මියෝනි.(මේ දෙන්නගෙ නම් ඇත්ත නම් නම් නෙමෙයි හරිද)

  ඔන්න දැන් සර් clz එකට ආවා. දැන් සර් උගන්නන්න පටන් ගත්තා. එදා උගන්නපු පාඩමනම් මට හරියටම මතක නෑ (කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියද මන්දා). A/L කරලා දැන් අවුරුදු කීයක්ද ඉතිං. උගන්න්පු එක පහුවදාට අමතක වෙන අපිට දැන් මතක තියෙයියැ නේද? ඒත් ඒ Bio සහ Agri පාඩම් වලට මං තාමත් ආසයි.ඒ අපේ සර්ලා අපේ හිතට කාවදින විදිහට උගන්නපු හින්දා, මේ වෙලාවෙ මගේ ගුරුවරුන්ට මං හදවතින්ම  ස්තූතිවන්ත වෙනවා. පාඩම් ගැන පස්සෙ දවසක කියමුකො නේද?


ඔන්න දැන් සර් පාඩම උගන්නන අතරෙ එක පාරටම මගෙ ඇගට මොකෙක්ද වැටුණ කියන්නකො, මට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.හරියට අහස කඩාගෙන වැටුනා වගේ, මං කොච්චර බය උනාද කියනවනම් මට කෑගැහුනෙවත් නෑ.මං දැන් හොඳටම කලබල උනා.ඊට පස්සේ  දැන් චදීයි, මියෝනිත් කලබල උනා. බලනකොට මේ කොහෙවත් යන ලේනෙක් මගෙ ඇගට වැටිල තියෙන්නෙ.ලේනත් බයවුන පාර මාවත් සූරගෙන පැනගෙන දිවුවා.දැන් සර්රුත් දැක්ක විච්ච දේ.අපි පිටිපස්සෙ පෝලිමේ හිටපු හින්ද clz එකේ කවුරුත් සිද්ධිය දැක්කෙ නෑ.




 හොදම වැඩේ කියන්නෙ ලේනා වැටුනෙ මගෙ ඇගට ඒ උනාට කෑගහන්න ගත්තෙ එහා පැත්තෙ හිටපු මියෝනි. Clz එකේ ලමයි හිතුවෙ ලේනා වැටුනට මං කෑගහනවා කියලා. දැන් හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඒත් මියෝනි ඉදගෙනම උඩ බලාගෙන තවත් කෑගහනවා. දැන් කට්ටිය දැක්කා මියෝනි තමයි කෑගහන්නෙ කියලා, එයා උඩ බලාගෙන තවත් කෑගහන හින්දා මාත් උඩ බැලුවා. මෙන්න තඩි කලු පූසෙක් අර කොට බිත්තියෙ ඉන්නවා අපේ ඇගට පනින්න බලාගෙන. එවලෙනම් මටත් කෑගැහුනද මන්දා.පස්සෙ මියෝනියි මායි එවලෙම නැගිටලා එහාට ගියා.



 පස්සෙනෙ seen එක තේරුනේ පූසා ඇවිත් තියෙන්නෙ ලේනාව පන්නගෙන. ඒක තමයි ලේනා මගෙ ඇගට පැන්නෙ. පූසාත් පැන්නනම් එහෙම අපි මොනවා කරයිද කියලා හිතාගන්න බෑ. සමහර විට ආයෙ clz එකට තියා ගම්පහටවත් යන්න බැරිවෙයි. මට දැන් මේ කතාව ලියනකොටත් මට ඒ සිද්ධිය මැවිලා පේනවා, හිනත් යනවා. ඊට පස්සෙ clz එකේ හිටපු කොල්ලො ටික විහිලු කරන්න ගත්තනෙ, ලේනා පවුලු”, ලේනාට මක්වෙලාද දන්නෑ කිය කියා විහිලු කරා, සර්ටත් හිනා ඉතිං.

 ඔන්න දැන්  ඊලග සතියෙ කට්ටියට  ඒ seen  ඒක අමතක ඇති කියල හිතාගෙන මං clz ගියා, සර් clz එකට ආපු ගමන් කියුවෙ අන්න ඹයාගෙ ඇගට වැටුන ලේනා පාරෙ මැරිලා ඉන්නවා කියල මේ පිරිමි ලමයි කියන්නෙ කියලා,බලන්නකො මට ලැජ්ජාවෙ බැරුව ගියා. මට ඉතිං අර ලේනයි , පූසයි ගැන පුදුම තරහක් ආවෙ. කොහොමත් මට ලේනොත් එක්ක පොඩි තරහක්  තියනවා. ඇයි ඒ කියලා ආයෙ දවසක ලියන්නම්කො...... හොඳ වෙලාවට ලේනන්ට facebook account එකක් වත් blog එකක් වත් නැති උනේ. නැත්නම් ලේනෙක් එහෙම මේ post එක බැලුවොත් මං ඉවරයි. heeee. 

මට වුන ඇබැද්දිය කියවලා ඔයාලට මොකද හිතුනෙ කියල පහලින් comment එකක් දාගෙනම  යන්න යාළුවනේ..................


Tuesday, May 26, 2015

ජීවිතය

************************************************
ජීවිතය කියන්නෙ
වෙලාවකට විදවන
තවත් වෙලාවකට විදින
තමන් කලදේ ගැන දුක්‌වෙන
වෙලාවකට සතුටක්‌ හිතෙන
වෙලාවකට හඩා වැලපෙන
වෙලාවකට සිනාසෙන
වෙලාවකට අඩමින් සිනාසෙන
පැතුම් ගොන්නක්‌ හිතේ ගොළුකර ගනිපු
හරිම අපූරු දෙයක්‌..

(උපුටා ගැනීමකි)
************************************************
 

      මේ විදියට බලද්දී අපිට ජීවිතය, ජීවත්වෙන්න ඉඩ දෙන්නේ මහා පුදුම විදියකට. එකට අපි අපේ ජිවිතයටම කළගුණ සලකන්න ඕනෙ. අපි අවට තියෙන පරිසරය දිහා ටිකකට කල්පනා කරල බලමු. හොද, නරක, ආදරණිය, අෂිස්ථ, කපටි, ගුණ ගරුක, විදියේ අංග කියක්නම් අපේ ජීවිතය අතරට මේ වෙනකොට එකතුවෙලා ඇත්ද?

''ඉන්නම් කියා ලඟටම වෙලා
වෙන්වී ගියා නොකියම ඔයා..

         කියල මොනම වැටීමකදිවත් ඔයාගේ ජීවිතයට ඔයාව අතෑරලා යන්න දෙන්න එපා... මෙහෙම විදවන්නේ නැතිව, ජීවිතය ජිවත්කරවන්න දරන උත්සාහය ඔබවද සර්තකත්වයට නංවනවා නිසැකයි.

  

        පොඩ්ඩක් ඉන්න පෝස්ට් එක ලිය ලියා ඉන්නැද්දි ජීවිතය ගැන කියවෙන තව පෝස්ට් එකක් දැක්ක, එකත් දාලම යන්නම්.

ජිවිතේ තව දුර යන්න තියනවා.
 පහු කරන් ආවේ මල් මාවතක් නම් නොවෙයි,
අපහු හැරිලා බලුවොත් නම් ගොඩාක් දුක හිතෙයි.
 අඩන්න කදුළු මදිවෙයි.
ඇත්තමයි, ජීවිතය දුකක්.
 ඒත් ඒ දුකම පාර කියාවි ඉදිරි දුරම යන්න.



Monday, May 25, 2015

A/L ලංවෙද්දි තනි ඇහැට අඩුන කාලේ අපු msg එකක්.

          ඔන්න දැන් මම මේකේ පලවෙනි Post එක ලියනවා. මොකක්ද ලියන්නේ කිය කියා ඉන්නද්දී තමයි මට මේක මතක් වුනේ. ඔයලට මතකද ඔයාල A/L කරපු කාලේ, කට්ටිය මාර ප්‍රෙෂර් එකක නේ හිටියේ... මොකද මමත් ඒක හොදට දන්නවනේ. ඉතින් ඔයා කාලේ මගේ යාලුවෙක් මට එවපු msg එකක් මම ගව තිබුණ...  එච්චර පරණ msg කොහේ තියන ඉන්නවද කියල ඔයාලා හිතයි. මගේ පුරුද්දක් තමයි හිතට වදින දෙයක් හම්බුනොත් ඒක කොහොම හරි පරිස්සමට තියා ගනිල්ලා. මේකත් එහෙම තමයි.
 

        මේකේ මාර තේරුමක් ඒ දවස්වල තිබුණ. ලියපු කෙනා මෙකට නම දීලා තිබුනේ දිගු දෑස A/L Remix එක කියල. බලන්නකෝ.

ඇඩ්මිෂන් දුටුවාම
ඇඩෙනවා තනි ඇහැට
...
(පවන් මේ පේපර් එක අමරුයිලු පවන්...)
පෙම් කරපු තැන් එහෙම
මට තවම අමතකය...

(අනේ පවන්, දැන් නිදාගන්න පවන්. දැන් ගොඩක් රෑ වෙලා,
අපි හෙට පාඩම් කරමු පවන්...)
ප්‍රතිඵලය එන කාලේ
කොහෙද අපි හැන්ගෙන්නේ...
ඉඩ දෙන්න මගේ මිතුරේ
සැගවෙන්න ඔබෙ නිවසේ...

(දම්සාරි, මම ‍ෆේල් දම්සරි....)
(ඔව්ව මහා පවු සිද්ද වෙන වැඩ බන්දුල...
දරුවෝ වෙනුවෙන් නොකරපු දේත් කරන්න වෙනව බන්දුල...)
(උන සේරම දේවල් අමතක කරල අපි ආයි විභාගේ කරමු දම්සාරි...)

       මේක ඒ දවස්වල එවුවේ මගේ හොදම යාළුවෙක්. උගේ චරිත කතාවත් ඒ දවස්වල මෙකට ලාවට වගේ ගැලපුනා. හැබැයි උන සේරම දේවල් අමතක කරල ආයි විභාගෙනම් ලිවුවේ නෑ. දෙන්න වෙන්වෙලනම් ගියා. හැබැයි දැන් ඒ පොර හොද තැනක ඉන්නවා. මටත් සතුටුයි.

හරි එහෙනම් මම යන්නම්.
දැන් මූ මව හොයාගෙන එයිද දන්නෙත් නෑ... බේරෙන්ඩ එපෑ... මම ගියෝ... bye bye CU

කියන්න දෙයක් තියෙයිනම් පහලින් ලියල තියන්ඩෝ.. මම අපු වෙලාවක බලන්නම්....

Sunday, May 24, 2015

අපි ගැන . . .

අපි හිතුව නාට්‍යයක් කරන්න.
ඒකට අපිට එක එක විදියේ චරිත වුවමනයි,
කැමතිනම් එකතුවෙන්න.
එකතුවෙන සේරම Adminගෙ චරිතයට පනපොවන්න ඕනෙ.
එකතුවෙලා ඔයාගේ ඒ විශේෂ චරිතය අරන්,
ඔයාට වෙච්චි දෙයක්, යාලුවෙක්ට වුන දෙයක්,
මෙහෙමයි වෙන්න ඕනේ කියල හිතන දෙයක්,
රසවත් හරවත් ලෙසින් ගලපල කිසිදා අමතක නොවන්නට
අපි අපේම කියපු බ්ලොග් අඩවියක තැන්පත් කරමු.

Blogනිම්නය එකේ ලියන්නන් වෙත NKcreation වෙතින් අත දීමකි.

ලියන්න කැමති අය nkcreation99@gmail.com විද්‍යුත් ලිපිනයට තමාගේ නම හා විද්‍යුත් ලිපිනය ලබා දෙන්න.