Tuesday, May 26, 2015

ජීවිතය

************************************************
ජීවිතය කියන්නෙ
වෙලාවකට විදවන
තවත් වෙලාවකට විදින
තමන් කලදේ ගැන දුක්‌වෙන
වෙලාවකට සතුටක්‌ හිතෙන
වෙලාවකට හඩා වැලපෙන
වෙලාවකට සිනාසෙන
වෙලාවකට අඩමින් සිනාසෙන
පැතුම් ගොන්නක්‌ හිතේ ගොළුකර ගනිපු
හරිම අපූරු දෙයක්‌..

(උපුටා ගැනීමකි)
************************************************
 

      මේ විදියට බලද්දී අපිට ජීවිතය, ජීවත්වෙන්න ඉඩ දෙන්නේ මහා පුදුම විදියකට. එකට අපි අපේ ජිවිතයටම කළගුණ සලකන්න ඕනෙ. අපි අවට තියෙන පරිසරය දිහා ටිකකට කල්පනා කරල බලමු. හොද, නරක, ආදරණිය, අෂිස්ථ, කපටි, ගුණ ගරුක, විදියේ අංග කියක්නම් අපේ ජීවිතය අතරට මේ වෙනකොට එකතුවෙලා ඇත්ද?

''ඉන්නම් කියා ලඟටම වෙලා
වෙන්වී ගියා නොකියම ඔයා..

         කියල මොනම වැටීමකදිවත් ඔයාගේ ජීවිතයට ඔයාව අතෑරලා යන්න දෙන්න එපා... මෙහෙම විදවන්නේ නැතිව, ජීවිතය ජිවත්කරවන්න දරන උත්සාහය ඔබවද සර්තකත්වයට නංවනවා නිසැකයි.

  

        පොඩ්ඩක් ඉන්න පෝස්ට් එක ලිය ලියා ඉන්නැද්දි ජීවිතය ගැන කියවෙන තව පෝස්ට් එකක් දැක්ක, එකත් දාලම යන්නම්.

ජිවිතේ තව දුර යන්න තියනවා.
 පහු කරන් ආවේ මල් මාවතක් නම් නොවෙයි,
අපහු හැරිලා බලුවොත් නම් ගොඩාක් දුක හිතෙයි.
 අඩන්න කදුළු මදිවෙයි.
ඇත්තමයි, ජීවිතය දුකක්.
 ඒත් ඒ දුකම පාර කියාවි ඉදිරි දුරම යන්න.



3 comments:

  1. අනිවාර්යයනේ ශෂී, සහතික ඇත්ත......

    ReplyDelete
  2. අනිවාර්යයනේ ශෂී, සහතික ඇත්ත..... අපිට පුළුවන් කියල හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ... හිතේ හයිය විතරයි ඕනේ....

    ReplyDelete
  3. ඇත්තටමද, තිලිණි අක්කා?

    ReplyDelete