Sunday, August 28, 2016

වැරදුන තැන.......



සිකුරාදා දවසක් ...
වෙලාව හවස 05.30
හංස එයාගෙ යාලුව හසිත එක්ක 05.37 පොල්ගහවෙල ට්‍රේන් එක එනකම් බම්බලපිටියේ ස්ටේශමේ අයිනක් ගහගෙන කෑල්ලක් දෙකක් බලාගෙන ආතල් එකේ හිටියේ ඊලග නිවාඩු දවස් දෙක ගෙවන විදිහ හිත හිත....
මචෝ අන්න අරක බලපන්.. හසිත එක පාරටම කිවුවා...
කෝ බන් මොකද්ද
අර රතු පාට කිට් එක ගහල ඉන්න එක බන්
කෝ බන් මට පේන්නේ නෑනේ
නොදකින් කාලකන්නියා හොදට බලපිය සුපිරි
ඉදහන් බලන්න...
හංස ඒ කෙල්ලගේ මූන බලන්න හැදුවත් සෙනග නිසා එයාට හරියටම ඒ මූන බලාගන්න බැරි උනා..
ඕකට මමත් ඇන්න බන් මේ ලගදි
උබ මාර ඩයල් එකක්නේ හසිතයෝ...
ඔවු බන් ඕක සල්ලි ටිකක් පෙන්නුවනම් ශේප් එකේ ඇද්දැහැකි
අඩේ මටත් ලයින් එකක් ගහල දියන්කො බන්
හැබැයි අහුවෙන්නනම් එපා ඕකිට, ලමයෙකුත් ඉන්නව , ඕකි හිතුවේ මම කරගහයි කියලා, මම ශේප් එකේ ලව පෙන්නලා වැඩේ කරගෙන මාරු උනා
හරි හරි කතාව පස්සෙ කියපන්. ට්‍රේන් එක ආව නැගල ඉදපන්
ට්‍රේන් එක කොල්ලුපිටියට ලන් වෙද්දිම ආයේ හසිත කතාව පටන්ගත්ත
අන්න මචෝ දැන් බලපන් මූන පේනව අරකිගෙ
හංස ඒ පැත්ත බැලුව විතරයි ඒ එක්කම ඒ කෙල්ලත් හන්ස දිහා බැලුවා
දෙන්න අතරේ තිබ්බේ අඩි කිපයක දුරක්...
ශානි... හංස ට නිකම්ම කියවුනා
හංස.. ඒ කෙල්ලගෙ කටෙන් සද්දෙ ආවෙ නැතත් ඒ තොල් මිමිනුවේ ඒ දේ කියලා හංසට හොදටම තේරුනා...
හංස තත්බීරි උනා, ගල්ගැහුනා
විනාඩි කීපයක් එයා එයාගෙ අතීතේ හිරවුනා...
ඒ කාලෙ හංස පොඩි කොල්ල..වයස යාන්තම් 16යි
වෙනදා වගේම ඉරිදා උදෙම්ම හංස දහම් පාසලට ගිහින් වෙනදාවගේම වැඩ පටන් ගත්තා..
එදා හංස ගේ පන්තියට අලුතෙන් ලමයෙක් ආවා..
ඒ වෙන කවුරුත් නෙමේ ශානි
හරිම ලස්සන කෙල්ල
පංතියේ කොල්ලො ඔක්කොම බලන් හිටියේ ඒ කෙල්ල දිහා..
ඔන්න ඉන්ටවල් එක හම්බුනා
අඩෝ අර අලුත් කෙල්ල ඇදල ඉන්නේ රෝස පාට බොඩියක් බන්
පලයන් යන්න ඇයි ඒකි තොට කිව්වාද
නෑ බන් අර බලපන්කො
පටිය පේනවා
අඩෝ මරු බන් පට්ට..
පවු යකෝ ඒකි මෙච්චර වෙලා කටවහන් හිටිය හංස කතාවට ආවා
ඇයි ඒකි උබේ කවුද
කවුරු උනත් මොකද බන්.ඔවුවා බලු වැඩ
අනේ පලයන් උබ බොධිසත්වයානේ
මම මොකා උනත් කමක් නෑ මම ඒකිට කියනවා බන් ඒක හදගන්න කියලා
ඒ තොට පිස්සුද මෙහෙට වෙලා හිටු
ඒව හංස කනකටවත් ගත්තෙ නෑ
යලු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා
අයියෝ රැග් එකද
නෑ ඔයාගේ ඇදුම පොඩ්ඩ්ක් හදාගන්න,අර පිටිපස්සෙ ඉන්න කොල්ලෝ ඔයාට විහිලු කරනවා...
ඒක කිවුවා විතරයි ශානි ලැජ්ජාවෙන් මිරිකිලා ගියා..
ඒත් එයා අමුතු අහින්සක හිනාවක් එක්ක ස්තුතියි කියලා කිවුවා...
ඒ වෙලේ ඒ ලමාසාරිය ඇදන් හිටපු ශානිව හංසට පෙනුනේ සුරන්ගනාවියක් වගේ...
ඔන්න ඔහොමයි ඒ ආදරේ පටන්ගත්තේ
දින සති ගෙවිලා යද්දි මේක ආදරයක් බවට හැරුනා
හංස දෙයක් අහන්නද
අහන්න ශානි
ඔයා මට කොච්චරක් ආදරෙයිද
අනේ පිස්සියේ.. මහමෙර වගේ මම ආදරෙයි..
ඒ කියන්නේ මගේ බ්‍රා එකේ පටියක්වත් කවුරුත් දකිනවට කැමති නැද්ද
ඔවු.. ඒ විතරක් නෙමේ ඔයා දිහා කොල්ලෙක් බලනවටවත් මම අකමැතියි ඒකනේ එදාත් ඔයාගෙ බ්‍රා එකේ පටියට කොල්ලෝ විහිලු කරද්දි මම කෙලින්ම ඒක ඔයාට කිවුවෙත්...
මාත් ඒ තරම්ම ඔයාට ආදරෙයි හංස..
ටික කාලයක් ගියා එදා ශානිහේ උපන්දිනේ..
හංස එයාට ලස්සන සුදු පාට බ්ලවුස් එකක් තෑගි දුන්න
ඒත් එදා ගෙදර යද්දි ගින්න ඇවිලිලා..
හංස ගේ තත්තා ලියුම් කාරයෙක්
ඒත් ශානිගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්..
සම්බන්දෙට හොදටම දොස් කියපු තත්තා අන්තිමට ශානිට කිවුවේ
"තොට ලැජ්ජ නැද්ද ඔය හිගන්නොත් එක්ක මගුල් නටන්න, ඕකුන්ට පුලුවන්ද අපි එක්ක පෑහෙන්න, තෝ ඔය මගුල ඉස්සරහට කරනවනම් හිතාගනින් මේ තත්තා මැරුනා කියලා "
ඇත්තටම ශානි හංසට වඩා තත්තට ආදරේ කල නිසා එදා ඉදන් ශානි හංසව මග ඇරියා...
හංස කොච්චර උත්සහ කලත් ශානි හංසව අතෑරලම දැම්ම
මාස කීපෙකට පස්සෙ හංසයි යාලුවෝ සෙට් එකයි වේයන්ගොඩ සීගිරි හෝල් එකට ගියා සිංහාවලෝකන ෆිල්ම් එක බලන්න..
හංසලා හිටියේ අන්තිම පෝලිමේ
හංසට පිටිපස්සෙ බොක්ස් එකෙන් අදුරන කටහඩක් ඇහුනා...
ඒත් ඉතින් හැරිල බලන්නත් බෑනේ...
ඒත් ඉන්ටවල් එකේ හංස ශේප් එකේ පිටිපස්ස හැරිලා පොඩ්ඩක් උඩ පැනලා බැලුවා බොක්ස් එක දිහා..
දෙවියනේ ..... ඒ ශානි..
ශානි ඉන්නවටත් වඩා හංස ශොක් උනේ හංස ශානිගේ උපන්දිනේට අරන් දීපු බ්ලවුස් එක , බොක්ස් එක ඉස්සරහින් වහල තියෙන ලෑල්ලේ වනල තියෙනව දැක්කමයි...
හංසගේ පපුව හෝස් ගාල ගියා.
එදාඉදන් හංස ,ශානි ව දැක්කේවත් බෑ..
බලන්න ගියෙත් නෑ...
ඒයි හංස මොකද උබ ගල්වෙලා...
හංසව ඒ අතීත මතකෙන් හසිත ඇහැරවලා ආයෙත් වර්තමානෙට අරගත්තා.....
හංස ආයෙත් ශානි දිහා බැලුවත් ශානි එතන හිටියේ නෑ....
ඊට පස්සෙ දවස් දෙක තුනක්ම හංස ඒ වෙලාවටම ඒ ට්‍රේන් එකේම ඒ පෙට්ටියේම ගියත් ආයේ කවදාවත් ශානිව දැක්කෙනම් නෑ...
මාසෙකින් විතර , දවසක් හංසගේ ගමේ ගෙදරින් හංසට කෝල් එකක් ආවා..
හෙලෝ පුතා...
අම්මා.. කියන්න
පුතේ කවද්ද ආයේ ගමේ එන්නේ..
අනේ අම්ම ඇයි ඉතින් නොදන්නවා වගේ අහන්නේ...මම හැම සෙනසුරාදාම ගෙදර එනවානේ...
නෑ මේ පුතාගේ නමට රෙජිස්ටර් පෝස්ට් ලියුමක් ඇවිල්ලා ඒකයී
හරි අම්ම එහෙනම් මම හෙට එනවනේ... එතකොට බලන්නම්..
එහෙනම් බුදුසරනයී පුතා..
බුදුසරනයී අම්මා... පරිස්සමින් ඉන්න...
ඔන්න ඉතින් සෙනසුරදා උදේ හංස නිදහසේ ගෙදර ගියා...
ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන අම්ම හදල දුන්න රස තේ එක බොන ගමන් අර ලියුම අතර ගත්තා....
ඒක එවලා තිබ්බේ ලෝයර් කෙනෙක්
නම නිහාල් රාජපක්ශ
මේ මොකද්ද මේ කියාගෙන හංස ලියුම කැඩුවා..
හංස මම ශානි...
අනිවාර්‍යෙන්ම මේ ලියුම ඔයාට එද්දි මම මැරිලා ඉදියි

ඒත් මගෙ අන්තිම කැමැත්ත හැටියට මගේ ලෝයර් ඔයාට මේක එවයි
හංස එදා ට්‍රේන් එකේ හිටිය ඔයාගෙ යාලුවා ඔයාට මම ගැන ගොඩක් දේවල් කියන්න ඇති
ඔවු ඇත්ත එයත් ටික කාලයක් මාව ආශ්‍රය කලා
ඔවු මම වැරදි කාරියක් ඒකමයි මේ ලියුම ලියන්න හිතුවේ
ඔවු හංස එදා මම ගෙදරින් කියන දේ අහලා ඔයාව අතෑරියා...
ඊට පස්සෙ අපේ තාත්තම එයාගෙ යාලුවෙක්ගේ පුතෙක් මට ප්‍රපෝස් කලා...
අපි ගොඩක් ආදරෙන් හිටියා අවුරුද්දක් විතර
අපි ගොඩක් ලන් උනා..
ඒත් අතපසුවීමකින් මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයා මාව මග ඇරියා
මාව දාල ගියා
අපේ තාත්තත් මාව ගෙදගරින් එලෙවුවා
පරම්පරාවට ලැජ්ජාවක් කියලා
මට කරන්න දෙයක් තිබ්බෙ නෑ හංස
මගේ පුතාට තාත්තෙක් ඕනේ
මම එක එක්කෙනාගෙන් ආදරේ හිගා කෑවා
ඒත් ඒ ඔක්කොම මගෙන් ප්‍රයෝජන අරන් මාව අතෑරියා
සමහරු මාව අතෑරියේ මම බඩුවක් කියලා..
මට මතකයි රත්තරනේ ඉස්සර ඔයා කැමති උනේ නෑ මගේ බ්‍රා එකේ පටියක්වත් පිට අයට පේනවට
ඒත් රත්තරනේ මගේ මේ කාලකන්නි ජීවිතේදි
පිරිමි මහ ගොඩක් මගෙ පපුවම දකින්න ඇති..
ඒත් ඔයාට තේරෙනවා ඇති
මම හෙවුවේ ආදරයක්,මගේ පුතාට තාත්තෙක්
බ්‍රා පටිය පිටට පෙන්නන්න එපා කියලා ඔයා කිවුවත් මම ඊට එහා දෙවලුත් පිටට පෙන්නුව
මට ඒ පව පලදුන්න හංස
මට පියයුරු පිළිකාවක්...
මට තව ටික දවසයි තියෙන්නේ..
ඔයා මේ ලියුම කියවද්දි මම මේ ලෝකේ අතෑරලා...
මට එක උදවුවක් ඕනේ හංස..
සමහර විට ඔයා හිතයි මම ඔයාට පුතාව බාරගන්න කියයි කියලා...
නෑ නෑ ,මම පුතාව ආශ්‍රමේකට බාරදුන්න මගේ සල්ලි දේපල ඔක්කොම එයාට ලිවුවා..
මට මේ උදවුව කරන්න හංස
දවසකට අපේ රටේ ගෑනු ලමයි 25ක්වත් ආදරේ නාමෙන් එයාලගේ කන්‍යාභාවය නැති කරගන්නවා
ඒත් ඒ පිරිමි ළමයින්ගෙන් 10%යි එයාලව බදින්නේ...ඉතුරු අයගෙන් බාගයකටවත් දෙවැනි අවස්තාවක් හම්බෙන්නේ නෑ අවන්ක ආදරයක් ලබන්න..
ඒ අය ඔක්කොම විනාශ වෙනව.නිකමට හිතන්න මම වගේ තව කීදෙනෙක් ඇත්ද...
පුලුවන්නම් ඒ අයට පිහිටක් වෙන්න හංස
එයාලව දැනුවත් කරන්න මොකක් හරි සන්ගමයක් හදන්න
මම ඉල්ලන්නේ එච්චරයි
මම දැන් ඔයාව දාලගිය එක ගැන සතුටුවෙනව හංස..
අපි ආදරෙන් ඉද්දි මම මැරුනනම් ඔයා ගොඩාක් අඩයි, ඒත් දැන් එහෙම නෑනේ
හිනාවෙන්න හංස,හිනාවෙද්දි ඔයා හරි ලස්සනයි...
බුදුසරනයි
මීට ශානි....
ලියුම ඉවර වෙනවත් එක්කම තොර තෝන්චියක් නැතුව හංසගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා...
ඒත් ඒ ඇයි කියලා එයාටවත් හිතාගන්න බැරුව ඇති......

----------------------------- මම රවී --------------------------
කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

No comments:

Post a Comment