Friday, June 3, 2016

අයැද සෙනේ සිටියත් අසලටම වෙලා අකමැති ලෙසින් හිඳිනෙමි මා අහක බලා (ආදර කතාව අංක 02......)

.....ඔහු:- ඇයි කියන්නකො මට කැමති වෙන්න බැරි?
මගෙ මොකද්ද තියන අඩුපාඩුව?
ඇයි මට මෙහෙම කරන්නෙ?.
කතා කරන්න. මට අකමැති හේතුව
කියන්නකො.
(ඇය කිසිවක් නොකියා යන්නට යයි. ඔහු තම මිතුරන් හා ඇයට දොස් කියයි.. )

* දින කීපයකට පසු ඈ මිතුරියක අතේ ඔහුට ලියමනක් එවා තිබුණි.එහි මෙසේ සඳහන් විය............

අයැද සෙනේ සිටියත් අසලටම වෙලා
අකමැති ලෙසින් හිඳිනෙමි මා අහක බලා
ඔය රුව හිතේ තිබුණත් කැටයමක් වෙලා
තනිවම හිඳිමි හිස් අහසට සුසුම් හෙලා

මාවත දිගේ දෑගිලි බැඳ ඇවිදින්න
මීවිත වන් දෙතොල් වල රස විඳගන්න
ජීවිත පොතේ පිටු නුඹ හා පෙරලන්න
මේහිත මනාපයි ඇරයුම පිළිගන්න

නුඹ ගැන හිතේ අකමැත්තක් ඇතිව නොවේ
නොබලා ඉන්නෙ රිදවන්නට සිතා නොවේ
මගෙ ජීවිතේ අවසානය මෙලෙස ගෙවේ
නුඹ හා ඉන්න පතනෙමි මතු ලබන භවේ

පෙර කල පවක් ඵල දී ඇති බවට හිතා
බොඳ වූ සිහින හා මියැදෙමි දවස පතා
පිළිකා ලෙඩෙකුගේ ඉරණම මෙයද සිතා
ලීවෙමි නුඹට මෙය කිසිවක් නොකර කතා..
----- රවී
------නුවරින් ගත් අදහසකි-----

කතාව/තිර රචනය හා අධ්‍යක්ෂණය : Dulaj Ravi Hewagame

No comments:

Post a Comment